Previous Next

ජනසන්නිවේදන පවුලට මහජන සම්බන්ධතා නව පරපුර පිළිගැනෙයි

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් මෙහෙයවනු ලබන මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය (ගෞරව) උපාධිය හැදෑරීමට තෝරා ගැණුනු ප්‍රථම වසර විද්‍යාර්ථින් පිළිගැනීමේ සාදය 2018 ජුනි මස 13 වැනි දින ධර්මාලෝක ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය (ගෞරව) උපාධිය හදාරන දෙවැනි වසර විද්‍යාර්ථින් විසින් මෙම පිළිගැනීමේ සාදය සංවිධානය කර තිබූ අතර මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතාය.

මෙම පිළිගැනීමේ සාදය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මෙන්ම මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය (ගෞරව) උපාධිය හදාරන සියලුම විද්‍යාර්ථින්ට විනෝදජනක අත්දැකීමක් විය.

 

Search