Previous Next

“අමා දහර බැති ගී සරණිය 2018” ශූරතාවය ජනසන්නිවේදන දරුවන්ට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර පීඨයට අයත් ලලිත කලා අධ්‍යයන අංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රාසංගික කලා ශිෂ්‍ය සංගමය සහ බෞද්ධ ශිෂ්‍ය සංගමය ඒකාබද්ධ වෙමින් සංවිධානය කරන ලද “අමා දහර බැති ගී සරණිය 2018” බැති ගී තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජනසන්නිවේදන අධ්‍යයන අංශය නියෝජනය කරමින් ඊට සහභාගී වූ කණ්ඩායම සමත් වූහ.

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ (ගෞරව) උපාධි හදාරන සතුෂ්ක ජයවර්ධන, නදීශාන් අබේගුණවර්ධන, රුවන් පුෂ්පකුමාර, නුවන් මධුසංක, ජනිත් පීරිස්, මහද ප්‍රනාන්දු, චමිල්කා හර්ෂණී, රුවිනිකා මහේෂණී, අසන්ති චාමිනී, අචිනි කාවින්දි, දුලානි උදයංගි, තිළිණි මධුෂිකා, ඩිල්මා දේශානි, ලක්මා රාජිනී සහ නිසංසලා අබේගුණසේකර යන විද්‍යාර්ථිහු ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළහ.

විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන අංශ නියෝජනය කරමින් පැවැති මෙම තරඟාවලියේ අවසාන වටය සඳහා කණ්ඩායම් 11ක් සුදුසුකම් ලැබූ අතර සිනමා හා රූපාවහිනී තාක්ෂණය (ගෞරව) උපාධිය හදාරන විද්‍යාර්ථින් නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම දෙවැනි ස්ථානය ද සමාජ සංඛ්‍යාන අධ්‍යයන අංශය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම තෙවැනි ස්ථානය ද දිනා ගත්හ.

විශාරද ජගත් වික්‍රමසිංහ මහතා, කථිකාචාර්ය තුෂාරි බොලුකදුර මහත්මිය සහ තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන සහකාර කථිකාචාර්ය මිලින්ද තෙන්නකෝන් මහතා මෙම බැති ගී තරඟාවලියෙහි විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළහ.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟯} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search