• PDF
  • Print
  • E-mail

 

alt

 

විභාගයට කලින් ප්‍රශ්න ඕනේද??  එපාද???

විභාගය.... විභාගය... මේ දවස්වල හැම දෙනාගේම ප්‍රධාන මාතෘකාව විභාගයයි. සති 15 ක අධ්‍යයන කාලයෙන් පසුව පැවැත්වෙන විභාගයේ ස්වරුපය කුමක් විය යුතුද යන්න පිළිබදව විවිධ අදහස් ඉදිරිපත්විය. එහිදී සති 15 පසු විභාගයට අදාල ප්‍රශ්න ලබා දී විභාගය පැවැත්විය යුතුද?, නැත්නම් ප්‍රශ්න ලබා දීමකින් තොරව විභාගය පැවැත්විය යුතුද? යන ප්‍රශ්නවලට විද්‍යාර්ථීන් ඉදිරිපත් කළ විවිධ මත මෙසේය.

සමාජ විද්‍යා පිඨය- ලහිරු

ප්‍රශ්න ලබා දෙන එක හොඳයි. අපිට අදාල ප්‍රශ්න වලට හොඳ පෙර සුදානමක් ඇතුව පැමිණ පිළිතුරු ලියන්න පුළුවන්.විභාගය මානසික වදයක් වෙන එක ටිකක් අඩුවෙනවා.

විද්‍යා පිඨය - සුළග

ප්‍රශ්න දෙනවාට වඩා සති 15 තුලදී නියමිත විෂය නිර්දේශය ආවරණය කර තිබීම වැදගත්. එවිට සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි විභාග  ප්‍රශ්නපත්‍රය ලබා දීමත්, ඉතා උනන්දුවෙන් අධ්‍යයන කටයුතු කිරීමටත් ධෛර්යයක් ලැබෙනවා. විභාගෙට කලින් ප්‍රශ්න දුන්න ම ලෙක්චර්ස් ආවත් නැතත් ප්‍රශ්න ටික දැනගත්තම විභාගෙ ලියන්න පුලුවන්. එතකොට හැමදාම ලෙක්චර්ස් එන අයට සිදුවෙන්නේ පාඩුවක්.

මානව විද්‍යා පිඨය-  සිකුරු තරුව

සති 15 පස්සේ විභාගයට අදාළ වන පරිදි ප්‍රශ්නාවලියක් ලබා දීම හොදයි. ඉන් විශාල ප්‍රශ්න ප්‍රමාණයකට පෙර සුදානම් වීමක් සිදු වෙනවා. ඒක අපේ ප්‍රතිඵල සදහාත්, සම්පුර්ණ විෂය නිර්දේශය පාඩම් කිරීමටත් උපකාර වෙනවා.

වාණිජ විද්‍යා පිඨය - උත්පලා

විභාගයට අදාල ප්‍රශ්න ලබා දෙන එකට කැමතියි. ප්‍රශ්න ලබා දුන් විට පෙර සුදානමක් ඇතිව හා හොදට තොරතුරු සොයා ගෙන විභාගයට සුදානම් වෙන්න පුළුවන්.

සමාජ විද්‍යා පිඨය- සදී

ප්‍රශ්න ලබා දුන්නොත් විෂය නිර්දේශය පුළුල් නිසා හොදට සුදානම් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම පාඩම් කිරීමේ මූලික අරමුණක් හිතට අරගෙන පාඩම් කරන්න පුලුවන්. නැත්තම් වෙන්නේ විභාගෙට අහන ප්‍රශ්නයට අනුව පිළිතුරු ලියනවාට වඩා අපිට ඕන පිළිතුරු ප්‍රශ්නෙට ලියලා එන්න. එතකොට ඉතින් හොද සාමාර්ථයක් අරගෙන විභාගය සමත් වෙන්න බැහැ.

මානව විද්‍යා පිඨය- දර්ශන

ප්‍රශ්න ගොඩාක් ලබා දීලා ඒ අතරින් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න දෙනවා නම් හොදයි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සෙවීමක් එහිදී සිදු වෙනවා. සාරවත් පිළිතුරක් ලිවීමේ හැකියාව ඉන් උදා වෙනවා.

පමෝදා පියුමාලි

 

තව ලිපි කියවන්න

දේශන සදහා සියයට අසූව (80%)අනිවාර්ය ද?

අට්ටාලය, අරගලය සහ තවත් කතා

විභාගෙ ළඟයි ගේද?බයක් දැනෙනවා ද?

භික්ෂු ප්‍රවේශය විශ්වවිද්‍යාලයට අවශ්‍ය ද?

විශ්වවිද්‍යාල විශේෂ ප‍්‍රවේශයට  වැටබැදීම සුදුසු ද?

විශ්වවිද්‍යාලයට අට්ටාලය අවශ්‍ය ද??

Read More

 

 

alt

තාක්ෂණය ද? පරිසරය ද?

මිනිසා පරිසරයේ නිර්මාණයක්. අපිට ජීවත් වෙන කොට පරිසරයෙන් වෙන්වෙලා හිතන්න බැහැ. ඒක අපි කවුරුත් හොදින් දන්න දෙයක්.

පුදුමෙක මහත කියන්නේ, අපි ඉන්න මේ කැලණිය විශ්වවිද්‍යාල අඩවිය පහුගිය දවසක හරිත විශ්වවිද්‍යාලය කියලත් නම් කෙරුණා. එහෙම කියන විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන ගස්ටික කපලා දාලා පරිගණක මධ්‍යස්ථානයක් හදන්න යනවා. මෙහෙම යනකොට හිතෙන්නෙ ඉදිරියේදී ගහකොළ වලට වඩා විශ්වවිද්‍යාලයේ ගොඩනැගිවලින් නම් අඩුවක් වෙන එකක් නැහැ කියලා.

මෙහෙම කියන කොට සමහරු හිතන්න පුළුවන් අලුත් වෙන්න, අලුතින් හිතන්න, ලොකේ අභියෝග වලට අපි මුහුණ දෙන්න  ලෑස්ති නැති පිරිසක් කියලා. අපි කියන්නේ නවීන තාක්ෂණය අවශ්‍යයි.භෞතිකව අපි දියුණු වෙන්න ඕන තමයි, නමුත් අපි ළග තියෙන වටිනා ස්වභාවික සම්පත් මේ තාක්ෂණය අත්පත් කරගන්න ඕන නිසා යටපත් කරන්න දෙන්න පුළුවන් ද? එක ගැටලුවක්.

අපි ටිකක් මේ ගැන විපරම් කරන්න හිතුවා. අපේ විශ්වවිද්‍යාලයේ අලුතින් පරිගණක මධ්‍යස්ථානයක් හදන්න යනවා. ඒක හදන්නේ, අපේ මී අඹ සෙවනේ. පරිගණක මධ්‍යස්ථානය ඉදි කරන්න නිකන් බැහැ. ඒකට ඉඩක් ඕන. ඒ ඉඩගන්න විදිහ ඇතුලේ තමයි ගැටලුව තියෙන්නේ. ඒ ගැන අපි අතරේ තියෙන කතා බහ වලින් ටිකක් විශ්වවිද්‍යා‍ලේ අවකාශේ අපිට වෙන් කරලා තියෙන අපේ ඉඩේ ලියන්න හිතුවා.

වසුන්දරා

නිදහසේ හිතන්නෙ කවද්ද බොලව් ?

Lecture පලයව්. ඉගෙන ගනියව්. Assignment කරපියව්. මකබෑවිලා හරි first class එකක් ගනියව්. මේකද බොල මහ උජාරුවට කියන campus ජීවිතේ. කවද්ද නිදහසේ ජීවත් වෙන්ට වෙන්නෙ. ජීවිතේ හො`දම හරිය මේවට යටකරන කොට අනිත් ටික ගෙවන්ට වෙන්නෙ හුස්ම ඇද ඇද තමයි. ආසාවට කට්ටිය එක්ක ටිකක් එකතු වෙලා සතුටින් සිංදුවක් හරි කියන්ට කොහෙද වෙලාවක්. හැති අරින ඌරෝ ටික වගේ කොල්ලො කෙල්ලන්ගේ වැඬේ එහාට මෙහාට දුව දුවා චයදඑද ජදචහ ප්ජයස photo copy machine බැ අයියන්ඩිගෙ මඩිය තර කරන එක. ඇයි ඉතින් note දෙන්න semester එක මදිනෙ කාට කාටත්. 

Read More

ගූගල් sex සොයා බැලූවන්ගේ පැටිකිරිය

තාරුණ්‍ය නැතිනම් තරුණවිය යනු යැපුම් මානසිකත්වයක් සහිත වැඩිහිටි අවධිය දක්වා ඇති සංක‍්‍රාන්තික කාලයයිග මෙහිදී තරුණ ප‍්‍රජාව නිදහස අගය කරන අතර තමන්ට රිසිසේ කටයුතු කිරීමට අපේක්ෂා කරයිග මෙවන් නිදහසක් සොයන තරුණ ප‍්‍රජාව අන්තර්ජාලය වෙත යොමු වීමත් සමඟ විවිධ මානයන් වෙත යොමු වීම සුළභ කරුණකිග අද වන විට ලෝකය තුළ මෙන්ම ලංකාව තුළද සයිබර් ලිංගිකත්වය වෙත තරුණ ප‍්‍රජාව යොමු වීමේ නව ප‍්‍රවණතාවක් දැක ගත හැකියග මීට කදිම නිදසුන ලෙස 2012 හා 2013 වසරවල  ගූගල් වෙබ් අඩවියේ(Google search engine)ලිංගිකත්වය sex යන යෙදුම ඔස්සේ සොයා බැලූ රටවල් අතර පළමු ස්ථානයට පත් වූයේ ශී‍්‍ර ලංකාවයිග එමගින් එළඹිය හැකි නිගමනය නම් ලිංගිකත්වය හා අන්තර්ජාලය සමඟ ශී‍්‍ර ලාංකික තරුණ ප‍්‍රජාව බහුතරයක් බැදී ඇති බවයි

READ MORE

කතුරට කැපෙන සිවුර

අප ඔබ සමග මෙම ගැටලුව සාකච්ඡd කළ යුතුව තිබුණේ මින් පෙරය. එහෙත් අප ගත කළේ අසීරු කාලයක් ය. ලත් අස්වැසිල්ලකින් ඔබට ආමන්ත‍්‍රණය කරන්නේ විශ්වවිද්‍යාලය තුළ ඔබ අතිශයින් වැදගත් පිරිසක් සේ අප සලකන නිසාය. ඔබට කාර්යභාරයක් ඇත. ඒ අප වැනි දුප්පත් මිනිසුන්ගේ අයිතීන් මෙසේ එකිනෙකාගේ ආත්මාත_කාමීකම් හමුවේ හකුලාගත යුතු නැත. ඔබත් අපත් එකම පන්තියේ මිනිසුන්ය. ඒ බව සලකා අපගේ කතාව මෙසේ කියවා ගන්න. 

READ MORE

කලා පීඨය හුදකලා කිරීම.

        මුහුද හත්ගව්වක් තියාන අඹුඩය ගැසීම. ගිනිපෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බියබව අසා ඇත්තේ කුඩාකල සිටය. නමුත් අප මේ සටහන් තබන්නේ බියවීම නිසා නොව හානාහීය පානා අඩහැරෙන් දැනුණු නිසාවෙනි. කතාව අප‍්‍රසන්නවීමට පෙර කියන්නේ නම්"මානව ශාස්ත‍්‍ර පීඨය හා සමාජ විද්‍යා පීඨය යන අපේ කැලණි සරසවියේ කලා පීඨය බෙදා වෙන් කිරීමට ගන්නාවූ අසාධdK උත්සාහයක් පිළිබදව පූර්ව සිහිකැදවීමකි.

Read More 

alt

උන්මන්තකයෙකුගේ අඳෝනාව

පපුවට හුළං වදින්න කමිස බොත්තම් දෙකක් ඇරගෙන මූදුවැල්ල දිගේ ඇවිදන් ගිහිල්ල, මුලු දවල් වරුවෙම පේ‍්‍රමවන්තයන්ගෙ මුකුළුකතා අහන් හිටිය ගල්පොත්තක් උඩ වාඩි වෙද්දි රෑ අට වගේ වෙලා. වැල්ලෙපන්සලෙනුයි, දූවෙ පන්සලෙනුයි හැමදාම අහන් ඉන්න එකම බණ-පිරිත් ටික අහන් ඉඳලඇති වෙලා වගේ මුහුද "හෝ හෝ" ගාල කෑ ගහනවා. ආමිකඩෙන් ගත්ත ස්වර්ණපත‍්‍රවලින්එකක් තොල් අස්සෙ ටිකක් තදට හිර කර ගත්තා. ඇන්තනි රෝස පොහොට්ටුවේ නැගල "බත්තලංගුණ්ඩුවට" යන ගමන් මූදු හුළඟ වැදි වැදි ස්වර්ණපත‍්‍රයක් පත්තු කරේ "වේරම්භ වාතයේදී වුව දුමක් දල්වා ගැනීමට පුළුවන" කියලා. වේරම්භ වාතයක්හමාගෙන නො ආවත් මොළේටත් එක්ක වදින මුහුදු හුළඟ ඉස්සරහ මමත් ස්වර්ණපත‍්‍රයක්පත්තු කරා. ඒ ලයිටරෙන් නම් නෙවෙයි. "සූර්යා" ගිනිපෙට්ටියෙන් ගත්ත එකගිනිකූරකින්

තොල් අතර රත් වෙමින්
නිහඬ සිතිවිල්ලට
ප‍්‍රාණය ආරෝපණය කරන
නුඹෙන් ලද ආස්වාදය
මංමුලා කරයි මා
අපූර්ව සුයාමයක
හුදෙකලාව ද කැටි ව

READ MORE

වසර මුල සිට ම විභාගයට සූදානම් වෙන්න.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.ජී. අමරසිංහ

අංශාධිපති, භූගෝල විද්‍යා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

 

‘විභාගය මානසික ආතිතය ඇති කරන්නක්ද? විභාගය ආතතියක් නොවන්නට කළ යුත්තේ ඒ සදහා හොදින් සූදානම් වීමයි. විභාගය ලිවීමට ආතතියෙන් තොර නිරෝගී මානසිකත්වයක් ඇති කරගැනීමට කළ යුත්තේ කුමක්ද? ඒ සදහා විද්‍යාර්ථියා සුදානම් විය යුත්තේ කෙසේද? යන්න පිළිබද කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.ජී. අමරසිංහ මහතා සමග පැවැත් වූ සංවාදයකි

read more

අට්ටාලය හා විද්‍යාලංකාරය

අද ඉතාම ප‍්‍රකට මාතෘකාවක් මුලින් යෙදුවෙමි. අට්ටාලය මත හි`දගත් සිසු සිසුවියන් භික්‍ෂූන් සාතිශය බහුතරයකගේ මාතෘකාව වී හමාර ය. ඒ අතරින් අට්ටාලයේ සිටින භික්‍ෂූන් පිළිබ`ද කතිකාවත අති මහත් ය. එයට උද්ඝෝෂණ පාගමන් හා විරෝධතා ආභරණ ය. ඒවා අවැඩ ය. අකැප ය. බුදුන් වහන්සේ දේශනා කළේ ද,

Read More

 කවුද ? බුද්ධිමතුන් ?????

ඔන්න පණ්ඩිත ට  හිතුණා විශ්වවිද්‍යාලය වටේ රවුමක් ගහල බලන්න මේ ලගදී. අනේ හිත සන්තෝසෙන්  පිරිලා ඉතිරිලා යනවා මේ දර්ශන දැක්කම. කොල්ලෝ ටික සෙට් වෙලා අට්ටලේ ගාව. අම්මා.... මෙන්න බොලේ ස්වාමින් වහන්සේලා වටලලා පරිපාලනේ. හීනියට පණ්ඩිතට හිනාවකුත් ගියා. සරදමට නෙවේ. ඇයි පරිපාලනේ ඉන්න උත්තමයන්ට මේ ගැටලුව නොතේරෙන්නේ කියා. මේ තරම් ශිෂ්‍යයෝ කියන කරනවා ගණන් නොගන්නේ ළමයි  එක්ක තියන තරහක් නිසාදෝ කියල පණ්ඩිතට වෙලාවක හිතෙනවා.

Read More

.alt

alt

ප්‍රේමය

ප්‍රේමය නුඹ අකල් වැස්සක්

ඉරි තැළී ගිය මගේ හදවත

නිවා සනහාලූයේ නුඹයි

වසන්තය පැමිණියා..

අතු ඉති ලියලා නෙක මල් පිපුණා

සත්තකයි සිතුවේ යළි නොඑන බවට

නියං සායක්

කාෂ්ට අවුකූටෙ ට වියළී ගිය හදවතේ

අවසාන දිය බිදක්

උරාබොන..

 

සශීප්‍රභා පියුමාලි

ඛේදයකි

ලොව නිදන නිමේෂයක

ශුක‍්‍රාණුවක්,

පීරමින් සෙව්වේය

ඩිම්බයක්.

සොයා ගත නොහැක...

ඩිම්බයත් ශුක‍්‍රාණුවත්,

හැඩුවේය, (වාය)

දිනක්

ඉකිගසමින්,

හඩක් නෑසෙන සේ

කළලයක්.

කලනි සීතාංජලී

ජීවිත සිහිනය

අහසින් වැහි බිඳු

පොළොවට වෙටෙනා පරිද්දෙන්....

සිහින අහසේ

මවන මාලිග

ළං වේද පොළොවට

වැහි බිඳු පරිද්දෙන්...???

අඳුරු පට ඉරා

බලනුව

මේ මහ පොළොව දෙස

රැක ගන්න එය

කැපවන්න ඔබ

එය නුබේ ජීවිතය වන් නිසාවෙන්.....

පමෝදා පියුමාලි

මනමාලි

බුලත් හෙප්පුව සුරතට වියැකී  

කමල පුයරෙන් මත් වී 

ගත ඔසරිපොටෙන් වට වී 

නෙතු අයා සිටිනා කුමරී

වැඩි කුමරුන් මෙවරත් රුචි නොවෙතී  

අනෙකුත් මංගල සිහින දකිද්දී 

මෙපමණ පිංකම් මා තුළ වෙද්දී

ඇයි මා තනිකඩ

අනෙකුත් දීග ගනිද්දී....

 

                        ඉරෝෂි අචිනි

READ MORE

 

 alt

ආලම්බන-කුසලතා ලැබූ ඡායාරූප-අනූෂා රාජපක්ෂ

alt

alt

alt

දයාබර රාවණ...

කිණිහිරි අගුරු මල් පූදින රන්                 දෙවොලේ

කදුළක් පවා ඉතිරිව නැත නෙත්             සගලේ

කිමිදෙන විටදි මියදෙන්නට මතක          විලේ

නුඹ පියුමක් ලෙසින් පෙනුනා පතොක්   මලේ

 

දෑතිස් කොටස් තුළවත් නැති මනු            කායේ

කමකට නැති දෙයක් සොයනව හිමි        මායේ

නිකැළැල් ආලයම පැතු සක්විති              හිමියේ

සැළමුතු පෙමක් මිනිමුතු විය සිත්            යායේ

 

දෙනුමැන කමා සිත් යාකළ මලවි            දෙවී

වෙනසක් නොවුනි අද වන තුරු මේ        දේවී

පතිදම් සහතිකය දෙයි පත්තිනි                දේවී

කවුරුන් නැතත් හිරුස`දු වුව නුඹ           දේවී

 

පැණි බී සැනසුනානම් රස කුමරි             ලොවේ

මේ මල් පෙති නුබට එතරම් තරම්           නොවේ

මගෙ වත කමල දැවටුනි නම් බමර       රුවේ

එද එක් දිනකි වරදින් මගෙ එය               වූවේ 

           

විදලා විරහ සැතකින් මගෙ ළය               වෙහෙසී

හිමි සද රාම සමගින් මා නිදි                    සැනසී

මතකද නොදැන ඇවිදින් මා වෙත          සැරසී

දුක්වේදනා වින්දා රාවණ                       නොනිසී

 

මුළු ලොව රජ කිරුළු පිසිනා දෙපා          රැදී

සිහිනෙන් සිනා සෙන බව සිත තුළ         නොඇදී

නිරිදුනි නුබ මරා මිණි පා සළඹ               බැදී

මොහොතේ ළයෙහි පය වැදුනෙත් නින්ද බිදී

 

එය කිසිවෙක් කිසිම දිනකදි ලොව         නුදුටූ

දසුනක් වුනා මගෙ හදවතෙ පතුලෙ        කෙටූ 

පිනි බිදු ඉහුණු රතුපුල් පෙත්තක            කුමුටූ

රූපය නෙතු සගළ කෙරුවා සොවින්       පටූ

 

සිහිනෙන් පවා නොවෙනස් වූ මගෙ         පේ‍්‍රමෙන්

සැකබැද ගින්න තීරක කොට                  විමසීමෙන්

නොපනත් පනත් වන දිනයක                එළබීමෙන්

සිතුවිලි බැෙ`දන එක වැරදිද ඔහු           නාමෙන්

 

කවලා සුවද පැන් නහවා                         සතප්පවා

සලසා රස බොජුන් වත්බරණත්              එළවා

දිවමන් විමන් මා වෙනුවෙන්ම ම            බදවා

ආලය නමින් රජකම නුබ දුර                  යැව්වා

 

තම සනුහරේ උන්ටත් පිටු පා                 සිටිමින්

රණබිම තෝරගත්තේ නුබ බැදුනු           පෙමින්

ජීවත් වුනානම් නොමැරී මගේ             නමින්

සත්තයි නොබැද පාලම එමි                    පිහිනාමින්

                                               මීට සීතා.

වෙලගෙදර සුමනජෝති හිමි

ශාස්ත‍්‍රීය විෂය කප්පාදුවෙන් හටගත් භික්‍ෂු ගැටලුවට විසදුම් සෙවීම අපරාධයක් සේ සැලකූවන්ට කෙරෙන පිළිතුරු ප‍්‍රකාශයයි.

ලංකාවේ භික්‍ෂු සංඝයා අතර අදවන විට ආන්දෝලනාත්මකම කොටස සරසවි භික්‍ෂූන්ය. ඇතැමෙකුට විශ්වවිද්‍යාල චීවරධාරීය. අප මේ සටහන තබන්නේ චීවරධාරියානැවත අපේ හැමුදුරුවෝකර ගැනීමට නොව අප චීවරධාරීන් කරවූ ගැටලුවේ සැබෑ තත්වය හෙළිකිරීමටය. එසේ නොමැති නම් අපට එම හරසුන් දෝෂාරෝපණයන්ට කිසිදු බියක් නැත. ඒවා කමකටද නැත. ඒ න වණේණන රූපේන නරෝ සුජාණෝ  ආදී බුදු බණ අප නොදත් දේ නිසා නොවේමය. 

Read More

හැදි ගෑරුප්පු වලින් කන්නම  ඕනද?

හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න පටන් ගත්ත කාලේ ලංකාවේ මිනිස්සුන්ට ඒක දැනුණෙ නයාට අ`දුකොළ වගේ. ඒත් හැමදේටම මුහුණ දෙන්න හිතාගත් අපේ සිංහල ජනතාව හැන්ද ගෑරුප්පුව ගැන අද මේ විදියට කථා කරනවා. ඒ වගේම හැන්දෙන් ගෑරුප්පුවෙන් රටක් නැමිය හැකි අද වගේ කාලෙක විශ්වවිද්‍යාල සිසුන් දරන්නේ මේ වගේ අදහසක්.

Read More

ජනමාධ්‍ය ලබාදෙන්නේ, ලිංගික අධ්‍යාපනයක් ද? ආශාවක් ද?

මොකද් ද මේ ලිංගික අධ්‍යාපනේ ? අපිට එහෙම එකක් ඕනි ද ? එහෙනම් ඇයි ? කොහොමද අපිට ඒක ලැබෙන්නේ? මේ මාතෘකාව දකිනකොට මේවගේ ප්‍රශ්න ගොඩක් ඔබේ හිතේ මැවෙනවා ඇති.මේ හැමදේටම පිළිතුරු සැපයීම මගේ ලිපියේ අරමුණ නෙවෙයි.එත් අඩු වයසින් ගැහැණු ළමයි බඩවෙන්නෙත් ඒඩ්ස් HIV වගේ සමාජ රෝග ඕනි කෙනාටයි නැති කෙනාටයි හැමෝටම වැලදෙන්නෙත් අපිට හොඳ ලිංගික අධ්‍යාපනයක් නැති නිසා කියන එක ඔබට මට හොඳින් තේරුම් යන දෙයක්. 

read more

Last Updated on Tuesday, 14 July 2015 05:58

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday17
mod_vvisit_counterYesterday33
mod_vvisit_counterThis week81
mod_vvisit_counterLast week213
mod_vvisit_counterThis month624
mod_vvisit_counterLast month1187
mod_vvisit_counterAll days19489