• PDF
  • Print
  • E-mail

 

ජීවිත සිහිනය

අහසින් වැහි බිඳු

පොළොවට වෙටෙනා පරිද්දෙන්....

සිහින අහසේ

මවන මාලිග

ළං වේද පොළොවට

වැහි බිඳු පරිද්දෙන්...???

අඳුරු පට ඉරා

බලනුව

මේ මහ පොළොව දෙස

රැක ගන්න එය

කැපවන්න ඔබ

එය නුබේ ජීවිතය වන් නිසාවෙන්.....

පමෝදා පියුමාලි

පැතුම

සිත් රූ ඡායාවකට මුවා වෙලා

අනන්තය සිසාරා දැකුමට

සංතෘප්තියක හි`

ආලෝකමත් වූ නිදහස් බවක්

වාතලයට මුදා හැර

නෙතු අයා සිටින්නේ

`ග බැලූමට නොව

දුරක ඇති සභ්‍යත්වය

ඖචිත්‍යය ලෙස දෝතට ගෙන

අනන්තයේ ඇති ජීවිත්වය සේම

අව්‍යාජත්වය වි`

සසර කතරේ

සැබෑ මිනිසෙකු වීමටය.........

                      

විකාරය හො`දා love කළ ගෑනියට                      වඩා

වාසය බයයි මහතැන ඇති තැනක                       මටා

නිමුන් එපා කාටත් දුක උරුම                       නිසා

දමක් දියන් බෙල්ලට මල් වඩම්                       එපා

ඉරෝෂි අචිනි

යාළුකම

වාසියට එක්වන

අවාසියකදි හැරයන

යාළුකමට

මහලොකු හරබර වචන

 මොකටද ?

                               බකතපස්

යහපාලනය

හොරුත්,

දූෂිතයොත්,

බවුන් වඩන්නොත්,

එකම පිළක

වැජඹෙන අපූරුව.

            කලනි සීතාංජලී

 

කැම්පස් ජීවිතේ

පොල් කුඩු සම්බෝලයි

පරිප්පු පෙන්නපු වතුර හොද්දයි

එක්ක බත් කන්නද

කැම්පස් ආවේ කියලා හිතෙනවා

එසයිමන්ට්, ටියුට් පිරුන

විභාගයක්ම ද මේ ජීවීතේ කියලා හිතෙනවා

හිස කකියනවා

එසයිමන්ට් පිරෙනවා

ෆොටෝ කොපි ගොඩගැහෙනවා

විභාගය ළං වෙනවා

හිත ගිඩි ගිඩි ගානවා

ටිකක් බය හිතෙනවා..........

ටියුෂන් සර්ලා මවපු

සුන්දර කැම්පස් එක මේක ද?

                                  ගයානි

 

alt

alt

දයාබර රාවණ...

කිණිහිරි අගුරු මල් පූදින රන්                 දෙවොලේ

කදුළක් පවා ඉතිරිව නැත නෙත්             සගලේ

කිමිදෙන විටදි මියදෙන්නට මතක          විලේ

නුඹ පියුමක් ලෙසින් පෙනුනා පතොක්   මලේ

දෑතිස් කොටස් තුළවත් නැති මනු            කායේ

කමකට නැති දෙයක් සොයනව හිමි        මායේ

නිකැළැල් ආලයම පැතු සක්විති හිමියේ

සැළමුතු පෙමක් මිනිමුතු විය සිත්            යායේ

දෙනුමැන කමා සිත් යාකළ මලවි            දෙවී

වෙනසක් නොවුනි අද වන තුරු මේ        දේවී

පතිදම් සහතිකය දෙයි පත්තිනි                දේවී

කවුරුන් නැතත් හිරුස`දු වුව නුඹ           දේවී

පැණි බී සැනසුනානම් රස කුමරි ලොවේ

මේ මල් පෙති නුබට එතරම් තරම්           නොවේ

මගෙ වත කමල දැවටුනි නම් බමර          රුවේ

එද එක් දිනකි වරදින් මගෙ එය             වූවේ

           

විදලා විරහ සැතකින් මගෙ ළය               වෙහෙසී

හිමි සද රාම සමගින් මා නිදි                    සැනසී

මතකද නොදැන ඇවිදින් මා වෙත          සැරසී

දුක්වේදනා වින්දා රාවණ                       නොනිසී

මුළු ලොව රජ කිරුළු පිසිනා දෙපා         රැදී

සිහිනෙන් සිනා සෙන බව සිත තුළ          නොඇදී

නිරිදුනි නුබ මරා මිණි පා සළඹ               බැදී

මොහොතේ ළයෙහි පය වැදුනෙත් නින්ද බිදී

එය කිසිවෙක් කිසිම දිනකදි ලොව         නුදුටූ

දසුනක් වුනා මගෙ හදවතෙ පතුලෙ        කෙටූ 

පිනි බිදු ඉහුණු රතුපුල් පෙත්තක            කුමුටූ

රූපය නෙතු සගළ කෙරුවා සොවින්       පටූ

සිහිනෙන් පවා නොවෙනස් වූ මගෙ        පේ‍්‍රමෙන්

සැකබැද ගින්න තීරක කොට                  විමසීමෙන්

නොපනත් පනත් වන දිනයක                එළබීමෙන්

සිතුවිලි බැෙ`දන එක වැරදිද ඔහු          නාමෙන්

කවලා සුවද පැන් නහවා                        සතප්පවා

සලසා රස බොජුන් වත්බරණත්              එළවා

දිවමන් විමන් මා වෙනුවෙන්ම ම            බ`දවා

ආලය නමින් රජකම නුබ දුර                  යැව්වා

තම සනුහරේ උන්ටත් පිටු පා                 සිටිමින්

රණබිම තෝරගත්තේ නුබ බැදුනු           පෙමින්

ජීවත් වුනානම් නොමැරී මගේ                නමින්

සත්තයි නොබැද පාලම එමි                    පිහිනාමින්

                                                මීට සීතා.

වෙලගෙදර සුමනජෝති හිමි

පැතුම

සිත් රූ ඡායාවකට මුවා වෙලා

අනන්තය සිසාරා දැකුමට

සංතෘප්තියක හි`

ආලෝකමත් වූ නිදහස් බවක්

වාතලයට මුදා හැර

නෙතු අයා සිටින්නේ

`ග බැලූමට නොව

දුරක ඇති සභ්‍යත්වය

ඖචිත්‍යය ලෙස දෝතට ගෙන

අනන්තයේ ඇති ජීවිත්වය සේම

අව්‍යාජත්වය වි`

සසර කතරේ

සැබෑ මිනිසෙකු වීමටය.........

                        අචිනි කුලසිංහ

ලෝකයේ තියෙන ලොකුම බොරුවට

අකුරු හතරයි

ඒ මොකක්ද බං ඒ

කෑදරය නේද

නෑ නෑ

ආදරය!

ඈ ඇත්තද.....????

අචිනි

1 වසරේ හෘද සාක්ෂිය

කියන්නට දහසකුත් දෑ

ආවමුත් මතකයට

පබඳින්නට අපහසුය

පද පේලි එකින් එක

2 වසරේ ගෙරවුමට

 ගොළුවෙලා මුළු හදම..

මනමාලි

බුලත් හෙප්පුව සුරතට වියැකී  

කමල පුයරෙන් මත් වී 

ගත ඔසරිපොටෙන් වට වී 

නෙතු අයා සිටිනා කුමරී

වැඩි කුමරුන් මෙවරත් රුචි නොවෙතී  

අනෙකුත් මංගල සිහින දකිද්දී 

මෙපමණ පිංකම් මා තුළ වෙද්දී

ඇයි මා තනිකඩ

අනෙකුත් දීග ගනිද්දී....

                        ඉරෝෂි අචිනි

කැම්පස් ප්‍රේමය

කැළණි කන්ද නින්න

අද ඇයි මේ තරම් අමාරු

කැළණි අහස අද ඇයි මේ තරම් අරු............

වෙනදට හිනාවෙන විලෝ ගස් සෙවණ

අද ඇයි මේ තරම් දුක්බර වෙලා

හැමදාමත් අපිට සතුට දුන්නු

සරුංගලේ

අද ඇයි මේ ඇද වැටිලා...............

මගේ ම වෙලා හිටපු ඔයා

අද ඇයි මේ  මගෙන් ඈත් වෙලා

අලුත් නැවක් එන්න කුඹ ගහක්වත් පේනව ද?

ගයානි


                      

අමිහිරි ඒ දවස

[ප‍්‍රස්තුතය-2009 වසරේදී

කැලණිය සරසවියේ ඇති වූ

ශිෂ්‍ය උද්ඝෝෂණයකදී

සිසුවියන් පිරිසක් සිරගත කිරීම.]

ජීවිත මාවතට

පිවිසුණා ඔබ සමඟ

අත්වැලකි-සරණකි

ඔබෙන් ලද මා දිවිය

සරසවිය ඔබ ලද

වරමකි ජිවිතේ

වටිනාකමක් විය

සිරගත වන්න පෙර

ඔබ ලද උගත්කම

සඟවන්න බෑ මෙමට

ගෙදරට අතීතය

සරසවියේ දී නුඹ ලද

අමිහිරි ඒ දවස

අනූෂා රාජපක්ෂ

‘ඉඩදෙන්න කීවාට දෙයි ද අපිට ඉඩක්..

දෙපැයක් ගත වුවද

සුදු ගවුම සෝදා ගැනීමට

තවමත් බැරිවුණිය මට

පෝලිම දිගය

පයිප්පයට

ලෑලි ගෙයි ලෑල්ලක

ඇදි සිතුවමක්

සිහි වුනිය මට

ඒ මගේ සිහිනය

තට්ටු නිවසයි

හිමි වෙයිද

අප සැමටම ඉඩක්

නැතිනම්

කරබාගෙන

වැටෙයිද මහ පාරට?

හෂිනි ඉරේෂා ගුණවර්ධන

ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (විශේෂ)

අචිනි කුලසිංහ

අහස අභියස

ඳුළක් ද මෙය

සුසුමක් ද නැති

සිහිනය ද මට

නොදෙන පිළිතුර

තැබුව පියවර

තවම නතරව

මුවග සිනහව

සොයයි නිබ

රකුසු වෙස් ඇති

නපුරු මිනිසුන්

නෙත් අයාගෙන

බලා සිටිය ද

අකුරු ඇහිඳි

සිහිනයකි මේ

සරසවිය මගෙ දෑස අභියස...

පළමු වසර

අරගලය සහ නුඹ..

ජීවිත පතන් බිම් කෙත

තුරුවියන් සෙවනේ

පිය නගනු ලැබූ

අභිමංසල තුල

අරගලය නැමැති

අවි අමෝරාගත් නුඹ

අර්ථවත් වූ කාලය

අනර්ථවත් ලෙස

සිද බිද දමා

නුඹේම සිහින පා කර

වේදනාවේ කටු ඔටුනු හිසලා

බුද්ධිය නැමැති තනගය

සිප් කිරෙන් පෝෂණය නොකර

හදවතේ වරම් බි හෙලා

ජීවිත මංසලේ නුඹේම

ජය මාවත පතා සිටින

නුඹේම හෘදයාංගමයනට

ලබාදෙනුයේ ජය නොගත්

අරගලය නම් වියඹේ

සුනු විසුණු වූ හුයපට ද?

කුමක්ද නුඹ මේ සොයන්නේ?

මංමුලා වූවෙකු සේ

අද හෙට නොව

දිනයක නුඹ

නුඹ ම යළි යළිත්

නුඹේ ම කැඩපතට

බැන වඳිනු නිසැකය....

ජී.ඒ.එස්. මධුෂාණි

(ප්‍රථම වසර)

 

 

 

Last Updated on Friday, 10 July 2015 06:35

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday67
mod_vvisit_counterYesterday85
mod_vvisit_counterThis week209
mod_vvisit_counterLast week499
mod_vvisit_counterThis month2189
mod_vvisit_counterLast month2483
mod_vvisit_counterAll days17424