• PDF
  • Print
  • E-mail

 alt

විශ්වවිද්‍යාලයට අට්ටාලය අවශ්‍ය ද?

      භික්ෂුන්ගේ ශිෂ්‍යය කප්පාදුව නතර කිරීම ඇතුඵ ඉල්ලීම් ගණනාවක් මූලික කරගෙන විද්‍යාර්ථීන් විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට අට්ටාලක නැඟී දින 50 කට ආසන්න කාලයක සිට දැවැන්ත සත්‍යග‍්‍රහයක් පවත්වාගෙන යනු ලැබේ. මේ පිළිබද විවිධ පීඨවලට අයත් විද්‍යාර්ථීන්ගේ අදහස් කිහිපයක් විමර්ශනය කරන ලදී.

චාමික - සමාජීය විද්‍යා පීඨය   

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් තම ඉල්ලීම් ගණනාවක් දිනා ගැනීමට යොදාගෙන ඇති මෙම සත්‍යග‍්‍රහය සාර්ථක පියවරක්. දිගින් දිගට ම ශිෂ්‍යයන්  තම ඉල්ලීම් ඉල්ලා සිටිය ද රජය සහ පරිපාලනය මෙය ඇහුම්කන් නොදෙන තත්ත්වයක් නිසා අට්ටාලයක නැඟී විරෝධතාව දැක්වීමේ තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. මෙය අප සියලූ දෙනාට ම දැනෙන ප‍්‍රශ්නයක්. අට්ටාලයේ නැගී විරෝධය පළ කරන්නේ මේ ගැටලූව සඳහා කඩිනමින් පියවර ගත යුතු යැයි අපේක්‍ෂා කරමින්. ශිෂ්‍ය අයිතීන් දිනාගන්න මෙය එක් ක‍්‍රමවේදයක්.

අනූෂා-මානව ශාස්ත‍්‍ර පීඨය

විශ්වවිද්‍යාලයේ අට්ටාල පවත්වාගෙන යාම සාමාන්‍ය පොදු දෙයක් බවට පත් වී තිබෙනවා. රජයටත් මෙය සාමාන්‍ය ප‍්‍රශ්නයක්. නමුත් මෙය ඉගෙනගන්නා විද්‍යාර්ථීන්ට මහත් පීඩාවක්. මොකද කියනවා නම් ඉගෙන ගන්න තියෙන සීමිත කාලය අට්ටාල උඩට වෙලා ඉන්න වෙන නිසා. මහජනතාවට ගැටලූවක් වන්නේ පොදු ස්ථාන පරිහරණය කරන්න බැරි වෙන නිසා. නමුත් පවතින ආණ්ඩුවට හා විශ්වවිද්‍යාලය පද්ධතියට මෙය තවත් සාමාන්‍ය දෙයක් විතරයි. විරෝධතා දක්වන්න අට්ටාලය හොඳ වුණත්. දැන් ඒක විශ්වවිද්‍යාලයට ගැළපෙන්නේ නැහැ.

සමන්ත - විද්‍යා පීඨය

විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යන් ඇතුලත් කරනු ලබන්නේ යම් කිසි පදනමකින්. ඒ පදනම තමයි ඉසඞ් අගය. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යම් කිසි අගයක් නියම කර එම අගය සම්පූර්ණ කරනු ලබන ශිෂ්‍යන් විශ්වවිද්‍යාලයට බදවා ගනු ලැබේ. අදාළ කඩයිම් ලකුණු සම්පූර්ණ කර ඇති අය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබනවා. මේක  ඕනම කෙනෙකුට තේරෙන සාමාන්‍ය දෙයක්. මේ රටේ සෑම අස්සකම මුල්ලකම සිටින උසස් පෙළ ලියපු අය මේ ක‍්‍රියාපටිපාටියට යටයි. භික්‍ෂුවත් විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ ඒ ක‍්‍රියා පටිපාටියෙන්. බඳවා ගැනීම් හැම ප‍්‍රජා කණ්ඩායමකට  ඕන විදිහකට කරන්න පු`ඵවන්නම් පොදු ක‍්‍රියාපටිපාටික් අවශ්‍ය නෑ. පොදු ක‍්‍රමවේදය හැමෝටම එකයි. භික්‍ෂුවට පමණක් විශේෂත්වයක් දක්වනවා නම් උසස් අධ්‍යාපනය හදාරන අනෙක් ශිෂ්‍යයන්ටත් කරන අසාධාරණයක්. රටේ ජනගහණයේ ස්වභාවය, උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු කරන පිරිස, ඔවුන්ගේ උසස් පෙළ විෂය තෝරා ගැනීම් හා සමත් වීම අනුව විශ්වවිද්‍යාල සුදුසුකම් ලබාගන්නවා. පළමුවෙන් එය තේරුම් ගන්න අවශ්‍යයි. අට්ටාල උඩ නැගලාවත් ඒ ටික තේරෙනවා නම් හොඳයි. නමුත් එය නොතේරෙන එකයි කනගාටුව.

කළණි - වාණිජ හා කළමනාකරණ පීඨය

විශ්වවිද්‍යාලයේ ඉල්ලීම් දිනාගැනීම සඳහා භික්ෂූන් කි‍්‍රයා කරන අන්දම දැඩි ලෙස භික්ෂුත්වය කෙලසන කි‍්‍රයා පිළිවෙලක් බවට පත් වී තිබෙනවා. එම නිසා භික්ෂුවකට තිබුණ ගරුත්වය සමාජය තුළින් ගිලිහී ගොස් භික්ෂූව ද  සාමාන්‍ය පුද්ගලයෙකු බවට පත් වී තිබේ. ගරුත්වය නැති වුණාම කියන කිසිවක් සමාජය පිළිගන්නේ නැහැ. ඒ වගේම අට්ටාලයක් පවත්වාගෙන යමින් කරනු ලබන මෙම කි‍්‍රයාවලිය සාධාරණ නැහැ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. භික්‍ෂූත්වය එතැනට ලඝු විය යුතු නැහැ. භික්‍ෂූන් වහන්සේලා හොඳින් අධ්‍යාපනය හදාරලා විශ්වවිද්‍යාල සුදුසුකම් සඳහා අවශ්‍යතා සපුරාලිය යුතුයි. අට්ටාල උඩ නැගලා එය විස`දන්න බැහැ.

අට්ටාලයක් පවත්වාගෙන යාම ශිෂ්‍යයන් තම කාලය කා දැමීමක්. අධ්‍යපන කටයුතු වලින් බැහැර වී කරනු ලබන මෙම ක‍්‍රියාවලිය තුළ කාලය මිඩංගු කිරීමක් පමණයි. එයින් සිදුවන යහපතක් නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද කඩා කප්පල් වුණොත් මිසක්..

මනෝජ් - මානව ශාස්ත‍්‍ර පීඨය  

කැලණිය විශ්ව විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ භික්‍ෂුන්ගේ මූලිකත්වයෙනි. ඒ බව අද බොහෝ දෙනාට අමතකයි. විද්‍යාලංකාර පරපුර රකින්න ඉන්නේ අපේ භික්‍ෂූන් වහන්සේලායි. උන්වහන්සේලාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ විද්‍යාලංකාර පිරිවෙන අද කැලණිය විශ්වවිද්‍යාලය බවට පත් වුණා. එවැනි විශ්ව විද්‍යාලයකින් භික්‍ෂු බඳවාගැනීම කප්පාදුව සිදුකිරීම සාධාරණ නැහැ. එම නිසා අට්ටාලයක් පවත්වාගෙන ගොස් ඉල්ලීම් ලබාගැනීමට කටයුතු කිරීම සාධාරණ ක‍්‍රමයක්. අට්ටාලය තවදුරටත් විශ්වවිද්‍යාලයට අවශ්‍යයි.

                                                                      

                                                                  අයීෂා ලක්ෂ්ශානි

Last Updated on Friday, 12 June 2015 06:59

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday30
mod_vvisit_counterYesterday57
mod_vvisit_counterThis week87
mod_vvisit_counterLast week499
mod_vvisit_counterThis month2067
mod_vvisit_counterLast month2483
mod_vvisit_counterAll days17302