• PDF
  • Print
  • E-mail

alt

අට්ටාලය හා විද්‍යාලංකාරය

අද ඉතාම ප‍්‍රකට මාතෘකාවක් මුලින් යෙදුවෙමි. අට්ටාලය මත හි`දගත් සිසු සිසුවියන් භික්‍ෂූන් සාතිශය බහුතරයකගේ මාතෘකාව වී හමාර ය. ඒ අතරින් අට්ටාලයේ සිටින භික්‍ෂූන් පිළිබ`ද කතිකාවත අති මහත් ය. එයට උද්ඝෝෂණ පාගමන් හා විරෝධතා ආභරණ ය. ඒවා අවැඩ ය. අකැප ය. බුදුන් වහන්සේ දේශනා කළේ ද,

zzසියල් පවු දුරළා - කුසල් හැම වඩලා

සිතත් මැනවින් දමලා - සිතිනු සසුනයි එකලාZZයනුවෙනි.

අරුමයක මහත. සාසනික පරිහානියේ තරම" කලියුගය, මේ බව තේරුම් ගන්නට බැරි තරමට  සරසවි භික්‍ෂුව අමන ද?

අප සොයා බලන්නේ එය ය. බුදුහු පළමුව දෙසූ විනය ප‍්‍රඥප්තිය ලෙස මගේ අදහස වනුයේ zzචරථ භික්‍ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය...ZZ යන්න ය. එහි පළමුව ස`දහන්ව ඇත්තේ බහුජන සුඛාය (බොහෝ දෙනාගේ, යන්න ය. අත්ථායZZ(තමාගේ, යන්න හමුවන්නේ දෙවනුවට ය. එය වදාළේ භික්‍ෂූන්ට මිස ගිහි උවැසි උවැසියන්ට නොව එසේ නම් පොදු මිහිතලයේ යහපත උදෙසා එක්තැන් වූ දැනුමේ කෝෂ්ඨාගාරය වූ අද දින මුදලින් ජීවිතය සොයන අධමයන් දෙකයි පනහට දමා සලකන මානව ශාස්ත‍්‍රය වෙනුවෙන් භික්‍ෂුව පෙරගමන්කරුවා වීම විනය විරෝධී ද?  අට්ටාලයක් බවට පත් කරවූ නිදහස් අධ්‍යාපන අයිතිය සුවහසක් මිනිසුන්ගේ අනාගතය වෙනුවෙන් සුරක්‍ෂිත කිරීමට  අට්ටාලයකට නොව පෝරකයකට නැග සිටිය ද දොස් පවරන්නේ කිම?

භික්‍ෂුව අට්ටාලයට නැංගේ ත් එනිසා මැර පිරිස්වල බැටන් පොළු පහර කන්නේත් තරුණ මදය නිසා ද?

එසේ අදහස් දරන්නෝ වෙත්නම් මෙසේ අසත්වා! තරුණ මදයට  විස`දුම් සොයන්නවුන් සේ අප හැසුරුනේ නම් ක‍්‍රියාමාර්ග තෝරා ගත්තේනම්  අප සිරබත් කන්නේ අරගල නිසා නොව සැබෑ ලෙස විනය ද පිරිහෙන මනුIත්වය ද පිරිහෙන පංචශීල ප‍්‍රතිපත්තියවත් ආරක්‍ෂා නොකළ මුග්ධයන් ලෙස ය.  නැත" මෙය තරුණ මදය නිසා හෝ වෙනයම් කරුණක් නිසා ඇතිවූ තත්වයක් නොව මෙකල පවතින සමාජ අගතියේ ම ප‍්‍රතිපලයක් ය. අප විරුද්ධ වූයේ අපේ නිදහස, අපේ සතුට, අපේ තරුණ ජීවිත, හා අයිතීන් අමු අමුවේ දුෂණය කරන නිසා ය.

අපේ සැබෑ හැ`ගීම වූයේ ඉහතින් ද දැක්වූ ශාස්ත‍්‍රීය විෂ්‍යයන් කප්පාදුව තුළ සිදුවන ඛේදවාචකය නවතාලීම ය. කැලණි විශ්වවිද්‍යාලය එදා විද්‍යාලංකාර මණ්ඩපය ය. ඊටත් පෙර විද්‍යාලංකාර පිරිවෙන විය. ඔබ මෙය අසා තිබේ ද?ජයග‍්‍රහණයට පියවරු බොහෝ ය - පරාජය අවජාතක ය.ZZ එබැවින් කැලණි විශ්වවිද්‍යාලයට ද එය f.dඩනැගුනු පදනම වූ නිදහස් අධ්‍යාපනය නම් අත්තිවාරමට ද පියවරු බොහෝ ය. එහෙත් 1943 සිට යක්කඩුවේ ප‍්‍රඥාරාම" කොටහේනේ පඤ්ඤාකිත්ති" වල්පොල රාහුල ආදී වූ විද්‍යාලංකාරයේ වe<ලී යන ඉතිහාසයේ  සැබෑ මානවවාදී සංඝ නේතෘන් ගොඩනැගූ මේ විසල් වනස්පතියේ සෙවන ලබන්නට ඔබට අපට සම සේ හැකිවූ ඒ සත්‍ය අතීතය පිළිම රුවකට පමණක් සීමා වී හමාර ය. උක්ත ශ්‍රේෂ්ඨයන්ගේ දැක්ම කවරක් ද යන්න ප‍්‍රත්‍යක්‍ෂ කරගන්නට ඔවුන් ම රචිත අපේ ගමන් මගZZ කියවන්න. එවිට මේ ජයග‍්‍රහණයන්ගේ සැබෑ පියවරු අවජාතකයිනුත් ඉතා හො`දින් හෙලිවනු ඇත.

අප විද්‍යාලංකාර පරම්පරාවේ ය. අපේ බලාපොරොත්තුව ද ඔවුන්  ගත් මග යන්නට ය. විද්‍යාලංකාර පරපුරේ පියවරු පැතූ ලොව ද ඔවුන්ගේ පුතුන් පතන ලොව ද මෙය ය.

උසස් අධ්‍යාපනය තුළ සිදුවන ශිෂ්‍ය කප්පාදුව නවතනු !

භික්‍ෂු බ`දවාගැනීම් ඉහළ දමනු!

මෙම සටන් පාඨය දුටු හැටියේ ම උගත් යැයි සිතන නූගත් යයි නොසිතන අවිචාරවත් ඇතමෙක් කීවේ" ‘‘හාමුදුරුවරු බ`දවගන්න කියල උද්ඝෝෂණය කරන එක වැරදි ය. ඔවුන්ට විශේෂ වරප‍්‍රසාදයක් දීමට නොහැකි ය. එය නීති විරෝධී ය.ZZ යන්න ය.අප පිඬුසි`ගා වඩින බව සැබෑ ය. එහෙත් අධ්‍යාපනය සි`ගා ආවේ නැත. විද්‍යාලංකාර පරම්පරාව රැස් කළ සියල්ල  දැනුමේ පිපාසයේ ක්ලාන්ත වූ ලක් ¥ පුතුන්ගේ  පාත‍්‍රයට අධම අතිපති ධනපති පන්තිය පොළු මුගුරු අමෝරාගෙන පහර දෙද්දීත් සියතින් සතුටින් පිළිගැන්වූහ. එම නිසා හිස මුඩු කොට සිවුරු පෙරවූ නිසා අපට මෙහි උරුමයක් ඇත යන අදහසට වඩා එපිටින් ගිය උදාර අදහසක් අප තුළ ඇත. එනම් අදටත් හෙටට ත් සත්‍යයක් වූ ලක්වැසි අපගේ දැනුමේ සත්‍යය වූ හෙල, පාලි, සකු භාෂාවන් ද ථේරවාද බෞද්ධ දර්ශනය ද ගුණාත්මකව සංවර්ධනය විය යුතු ය. ඒ ස`දහා සුදුසුකම් සපුරන්නේ අන්‍යාගමික පූජකයන් වී නම් ඔවුගෙන් මානව ශාස්ත‍්‍ර පීඨය පිරවිය යුතු ය. අපට අවශ්‍ය වන්නේ විද්‍යාලංකාර පරම්පරාවේ හරය රැකීමට මිස බෞද්ධ සංදර්ශන මධ්‍යස්ථානයක් බවට මෙම උතුම් භූමිය පත් කිරීමට නොවේ ය.

එසේ නොවන්නේ නම් මෙය තව දුරටත් විශ්වවිද්‍යාලයක් නොව විද්‍යාලයක් පමණක් වනු ස්තිර ය. විශ්ව යන්න එක් වන්නේ ආකස්මිකව නොව පර්යේෂණ අධ්‍යයනයන්ගෙන් සපිරි බිමක් වූ විට ය. අපට ඇති ශක්තිය බුද්ධ ධර්මය බව පිළිගන්නට අකමැති නොවන්න. එය ආගමික අදහසකින් ද නොදකින්න. ඤාණ ගවේෂණ ඉතිහාසයේ සුවිශිෂ්ට ප‍්‍රතිපලයක් වූ මෙම දැනුම අප ලොවට බෙදිය යුතු ය. එමෙන් ම  අප අනෙකුත් ‍ක්ෂේත‍්‍රයන් තුළ ලොව හමුවේ පරාජිත ය. එයට උදාහරණයක් මෙසේ දැක්විය හැකි ය. මනෝ විද්‍යාව යන විෂය ගත් විට ලොව හමුවේ අප පරාජිත ය. එහෙත් එයට බෞද්ධZZ යන්න විශේෂණ කොට බෞද්ධ මනෝ විද්‍යාවZZ යනුවෙන් ගැලපූ විට අප ලොව හමුවේ ඉදිරියෙන් ය. එබැවින් අප ලොව සොයාගත් දැනුම ල`ගා කරගැනීම ස`දහා එම ක්ෂේත‍්‍රයන් ද අවශ්‍යයෙන් ම පුළුල් කළ යුතු ය. එමෙන් ම අප සතු ඤාණය ද විශ්වයේ යහපත වෙනුවෙන් සංවර්ධනය කොට යෙදවිය යුතු ය.

මෙවන් අදහසින් අපගේ විද්‍යාලංකාර මග යන්නට නොහැකි වූ විට, මග ඇහිරූ විට, අප ඒ මග පිරිසිදු කරනවා මිස කොටක් බේරාගන්නට හෝ අවිනයවාදී චීවරධාරීන් වන්නට උත්සාහ දරනවා නොවන්නේම ය.

නිදහස් අධ්‍යාපනයට ජය !

වෙලගෙදර සුමනජෝති.

Last Updated on Friday, 12 June 2015 10:45

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday60
mod_vvisit_counterYesterday85
mod_vvisit_counterThis week202
mod_vvisit_counterLast week499
mod_vvisit_counterThis month2182
mod_vvisit_counterLast month2483
mod_vvisit_counterAll days17417