• PDF
  • Print
  • E-mail

විශ්වවිද්‍යාල විශේෂ ප‍්‍රවේශයවැටබැදීමට සුදුසු ද?

කැලණිය විශ්වවිද්‍යාලය තුළ මේ වන විට විශේෂ ප‍්‍රවේශය යටතේ සිසුන් බදවා ගැනීම් නවත්වා ඇත. ඒ පිළිබදව විශ්වවිද්‍යාලයේ විවිධ පීඨවලට අයත් විද්‍යාර්ථීන්ගේ මත විමසීමක් සිදු කරන ලදී.

මානව ශාස්ත‍්‍ර පීඨය - රේවත හිමි

විශේෂ ප‍්‍රවේශය යටතේ සිසුන් බදවා ගැනීම් නැවැත්වීම සිසුන්ට කරන අසාධාරණයක් ලෙස අපි දකිනවා. විශේෂ ප‍්‍රවේශය යටතේ මේ වන තෙක් සිසුන් බදවා ගනු ලැබුවේ මානව ශාස්ත‍්‍ර පීඨයටයි. ඒ පා,s"සංස්කෘත" බෞද්ධ දර්ශනය යනාදි විෂයන් හැදෑරීම සදහායි. එවැනි විෂයන් හැදෑරීම ස`දහා සිසුන් බ`දවා නොගත්තොත් මානව ශාස්ත‍්‍ර පීඨය වැසී යා හැකියි.බෞද්ධ රටක් වන අප රටේ බුදු දහම ඉදිරියට පවත්වාගෙන යාම සදහා ඒ පිළිබද දැනුමක් පවතින පිරිසක් අවශ්‍ය වේ. තවද පිරිවෙනකින් ආරම්භ වූ කැලණිය විශ්වවිද්‍යාලය තුළ පා,s" සංස්කෘත" බෞද්ධ දර්ශනය යනාදි විෂයන් සදහා ද මූලික තැනක් ලබා දිය යුතුයි. එමනිසා උසස් පෙළට එවැනි විෂයන් හදාරා විශ්වවිද්‍යාලයට පැමිණීමට නොහැකි වූ සිසුන්ට විශේෂ ප‍්‍රවේශය යටතේ හෝ අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබා දිය යුතුයි. මුදලට උපාධිය විකුණනවාට වඩා අපේ රටේ අහිංසක ළමයින්ට ඒ අවස්ථාව ලබා දිය යුතු බව අපගේ මතයයි.

මානව ශාස්ත‍්‍ර පීඨය - මධුශානි

විශ්වවිද්‍යාලයට පැමිණීමට අවශ්‍යය සුදුසුකම් තියාගෙන පිට ඉන්න ළමයි ගොඩක් සිටිනවා. භික්ෂුන් මෙන්ම ගිහි ළමයින්ද සිටිනවා. ධනේශ්වර පන්තිය විසින් කරනු ලබන අසාධාරණය හේතුවෙන් මුදලට උපාධිය විකුණා අපේ රටේ ළමයිට ඉගෙන ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්ථාව වළක්වා ඇති බව මගේ මතයයි. විශේෂ ප‍්‍රවේශය යටතේ ළමයි බදවා නොගෙන මානව ශාස්ත‍්‍ර පීඨය තුළ ඇති ශාස්තී‍්‍රය විෂයන් කප්පාදුව සිදු කරනු ලබයි. එවැනි විෂයන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබා දීම කළ යුතු වේ.

සමාජ විද්‍යා පීඨය - ශානිකා

විශේෂ ප‍්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගත යුතුයි කියන මතයේ මම සිටිනවා. මොකද කියනවා නම් ඒ ළමයි තුළ විශේෂ දක්‍ෂතා පැවතිය හැකියි. උසස් පෙළට හැදෑරු විෂයන් තුනෙන් එකකට හෝ විශේෂ දක්‍ෂතා දක්වන සිසුන් විශේෂ ප‍්‍රවේශය යටතේ බ`දවා ගනු ලබනවා. එම නිසා එවැනි ළමයින්ට එසේ හෝ අවස්ථාව ලබා දිය යුතු බව මගේ මතයයි.

විද්‍යා පීඨය - ලහිරු

විශේෂ ප‍්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගැනීම් වැලැක්වීම සිසුන්ට කරන අසාධාරණයක්. දුප්පත් ළමයෙකුට විශ්වවිද්‍යාලයට පැමිණීමට තිබෙන අවස්ථාවක් නැති කිරීමක් ලෙස මම දකිනවා.

වාණිජ හා කළමනාකරණ පීඨය - අයේෂා

විශේෂ ප‍්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගත යුතුයි. යම් විෂයකට පුරප්පාඩු තිබෙනවා නම් එම විෂයට සුදුසුකම් සපුරා ඇති අයෙක් තෝරා ගැනීම වැරුද්දක් නොවේ. ඔවුන් අදක්‍ෂයෝද නොවේ. ඔවුන්ද කැපවීමෙන් පාඩම් කර විශ්වවිද්‍යාලයට පැමිණීමට අවශ්‍ය කඩිනම් ලකුණු ප‍්‍රමාණය සපුරා ගැනීමට නොහැකි වූ පිරිසක් පමණි. ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණ උපාධිය ලබා ගැනීමට උනන්දුවන් කටයුතු කරනවා යැයි මම හිතනවා.

මානව ශාස්ත‍්‍ර පීඨය - කසුන්

මගේ මතය නම් විශ්වවිද්‍යාලයට විශේෂ ප‍්‍රවේශය යටතේ පැමිණෙන සිසුන් අනෙක් සිසුන්ට වඩා දක්‍ෂතාවන්ගෙන් පිරුණ පිරිසක් බවයි. කඩිනම් ලකුණු ප‍්‍රමාණය සපුරා පැමිනෙන සිසුන්ට වඩා ඔවුන් තුළ විශේෂ දක්‍ෂතා පවතී.එම නිසා ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුයි. තවද උපාධිය මුදලට විකුණනවාට වඩා අපේ රටේ අහිංසක ළමයින්ට ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බව මගේ මතයයි.

සමාජීය විද්‍යා පීඨය - විජිත

විශේෂ ප්‍රවේශයෙන් වෙන්නේ, විශ්වවිද්‍යාලය ප්‍රවේශයට නොලැබුණු නමුත් විශේෂ දක්ෂතා තියෙන ළමුන්ට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට හැකියාව ලබාදීම. නමුත් අද විශේෂ ප්‍රවේශය යටතේ සුදුසුකම් තිබෙන, විශේෂ හැකියා තියෙන ළමයි ද ඇතුළත් වෙන්නේ කියන එක ගැටලුවක්. විශිෂ්ට ප්‍රතිඵල ගත් අය අතරේ එවැනි ප්‍රවේශයකින් පැමිණි අය ඉන් නිසි ප්‍රයෝජන ගන්නවද? ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කරගන්නවාද? එසේත් නැති නම් විශේෂ ප්‍රවේශයෙන් පැමිණ ඔවුන්ගේ අයහපත් ක්‍රියාකාරීත්වය නිසා තවත් අයෙකුගේ අවස්ථා නැති කරන එකද කරන්නේ කියල විමසා බැලිම අවශ්‍යයි.

එමෙන්ම පාලි, සංස්කෘත වැනි විෂයන් උසස් පෙළට හැදෑරපු බොහෝ භික්ෂූන් වහන්සේලා විශ්වවිද්‍යාලයේදී එම විෂයන් දීර්ඝව හදාරන්නේ නැත. විෂයේ සමාජ වැදගත්කම ප්‍රයෝජනය ගත හැකි පිරිස් එය අතහරින කොට එම විෂයන් ඇති මුල්තැන කොහොමත් නැති වෙනවා. අවශ්‍ය කරන්නේ එම විෂයන් හැදෑරීමයි. එසේ නොමැතිව එම විෂයන් අතහැර වෙනත් ජනප්‍රිය විෂයන් තෝරාගැනීම නිසා මානව ශාස්ත්‍ර පරිහානියට වීම වළක්වන්න බැහැ.

                                          සමනලයා

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday8
mod_vvisit_counterYesterday33
mod_vvisit_counterThis week72
mod_vvisit_counterLast week213
mod_vvisit_counterThis month615
mod_vvisit_counterLast month1187
mod_vvisit_counterAll days19480