• PDF
  • Print
  • E-mail

alt

හැදි ගෑරුප්පු වලින් කන්නම  ඕනද?

හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න පටන් ගත්ත කාලේ ලංකාවේ මිනිස්සුන්ට ඒක දැනුණෙ නයාට අ`දුකොළ වගේ. ඒත් හැමදේටම මුහුණ දෙන්න හිතාගත් අපේ සිංහල ජනතාව හැන්ද ගෑරුප්පුව ගැන අද මේ විදියට කථා කරනවා. ඒ වගේම හැන්දෙන් ගෑරුප්පුවෙන් රටක් නැමිය හැකි අද වගේ කාලෙක විශ්වවිද්‍යාල සිසුන් දරන්නේ මේ වගේ අදහසක්.

යටත් විජිතකරණයෙන් මිදුණ අපේ රට තුළ තවමත් යටත් විජිතකරණ මානසිකත්වයක් තියෙනවා. පිටරටින් ආව හැන්ද ගෑරුප්පුව අද මිනිස්සු විලාසිතාවක් කරගෙනග බොරුවට පොෂ් වෙන්න හිතාගෙන,මවාගත්ත ආකෘතියකින් කරන වැඩ, උගත් මිනිස්සු අතර හාස්‍යයක්. පිටරට මිනිස්සු හැ`දි ගෑරුප්පු වලින් කෑවේ ඔවුන්ට ජලය සීමිත නිසා ජලය ඉතිරි කර ගැනීමට යොදෙන පිළියමක් විදියටයි.

හෝටල් උත්සව අවස්ථා වලදි ලංකාවේ බොහෝ අය කෑම කන්නේ හැන්දෙන් ගෑරුප්පුවෙන්. ඒ වගේ තැනක අපිට හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න බැරිනම් අපට පෞරුෂයක් නෑ කියලා ස්වයං හැ`ගීමක් හැමෝම අතර ඇතිවෙලා. නමුත් ඒ වගේ තැනක සිංහල සංස්කෘතියේ හැටියට අතින් කන්න පුළුවන් නම් ඒක කාගෙවත් උපහාසයටවත් අපහාසයටවත් ලක්වෙන්නේ නෑ.

ලංකාවේ ජල සම්පත ආරක්ෂා කරගන්න පුළුවන් ක‍්‍රමවේදයක් විදියට හැන්දෙන් ගෑරුප්පුවෙන් කන එක පෙන්වන්න පුළුවන් කියන එක ඇතැම් ශිෂ්‍යයෙක්ගේ අදහසක්. විනාශ වී යන සම්පත් හමුවේ මෙවැනි ක‍්‍රම තුළින් හෝ රටක සම්පත් ආරක්ෂා කර ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. තරු පහේ හයේ හෝටල්වල අත සෝදන්න තැනක් නැත්නම් අපට හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන එක අවස්ථාවට උචිතව කරන්න  ඕන දෙයක්.

ඇතැමුන් තරයේම ප‍්‍රකාශ කරන්නේ හැ`දි ගෑරුප්පු භාවිතය අනවශ්‍යය බවයs' තමන්ගේ අභිමානය ර`දවා ගන්න සිංහල ක‍්‍රමයට හුරුව අතින් කෑම කන එක හො`දයි කියන එක එයාලගේ මතය.

නමුත් අවස්ථාවට උචිතව වැඩ කරන්න මේ අනුව සිද්ධ වෙනවානම් අපිට හැ`දි ගෑරුප්පු භාවිත කිරීම වැරුද්දක් f,i හිතන්න බෑ lsh,d තවත් අය කියනවා.

ඇත්තෙන් ම කෑම කන්න  ඕන හරි විදිහ දැනගෙන අනුභව කරනව නම් ඒක නොවේද හරි විදිහ. ඒක අපේ සංස්කෘතියේ අපිට කියල දීලා තියෙනවද@ නැද්ද? නැත්නම් අපි හරියට අපේ ක‍්‍රමේ දන්නේ නැද්ද? ගෝලීය සංස්කෘතිය ඇතුළෙ එකිනෙකාගේ සංස්කෘතිය තර කරගැනීමට වෙහෙසෙනා මේ යුගයේ හැ`දි ගෑරුප්පුව අභියෝගයක් වෙන්නෙ, අපි අපේ දේ ගැන නොදන්නා නිසා වෙන්න බැරිද?

ඉරෝෂි අචිනි කුලසිංහ

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday46
mod_vvisit_counterYesterday27
mod_vvisit_counterThis week180
mod_vvisit_counterLast week213
mod_vvisit_counterThis month723
mod_vvisit_counterLast month1187
mod_vvisit_counterAll days19588