• PDF
  • Print
  • E-mail

භික්ෂු ප්‍රවේශය විශ්වවිද්‍යාලයට අවශ්‍ය ද?

අද සමාජයේ විශ්වව්ද්‍යාල ව්ද්‍යාර්ථින් සියලු දෙනාම භික්ෂුන් වහන්සේලාගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධව ආන්දෝලනයකින් පසුවෙමින්  සිටිති. ඒ අනුව භික්ෂුන් ශාස්ත්‍රීය විෂයයන් සඳහා බඳවා ගැනීම වැඩි කිරීම සඳහා නිරතුරුවම පංති වර්ජනවල ඔවුහු නිරත වෙති.එහෙත් භික්ෂුන් සඳහා වු වෙනම විශ්වවිද්‍යාල බිහි වී ඇති බව දැන ඔවුන් එසේ කරන්නේ ඇයි ද? යන්න ප්‍රශ්න මතු වේ. අද වන විට මේ විශ්වවිද්‍යාල  සඳහා පැවිදි පිරිස බඳවා ගැනීම් සිදු කරමින් සිටි. මෙසේ සිදු වුවත් විශ්වවිද්‍යාල සිසුන් මේ සම්බන්ධව විවිධ මත දරයි.

නිමල්කා  -  සමාජීය විද්‍යා පීඨය

එහිදී පාලි, සංස්කෘත‍,බෞද්ධ දර්ශනය ආදී ශාස්ත්‍රීය විෂයන්වලට භික්ෂුන් බඳවාගැනීම අඩු වී ඇත. අද එම අධ්‍යයන අංශ තුළ සිසුන්  4 ක් 5 ක් වැනි සුළු පිරිසකට සීමා වී ඇත. මීට වසර 5 ට  පමණ පෙර මේ විෂයයන්වලට භික්ෂුන් බඳවා ගැනීම 40 ක් පමණ විය. නමුත් අද වන විට එය අඩු වී ඇත. ඒ නිසා භික්ෂු බඳවා ගැනීම වැඩි කළ යුතු ය.

වසුන්දරා  -  වාණිජ හා කළමනාකරණ පීඨය

උසස් පෙළ විභාග සදහා පාලි, සංස්කෘත විෂයන් හදෑරූ භික්ෂූන් වහන්සේලා විශ්වවිද්‍යාලයට පැමිණි පසු එම විෂයන් හැදෑරීම ප්‍රතික්ෂේප කර වෙනත් විෂයන් තෝරා ගන්නවා. පාලි, සංස්කෘත වැනි මානව ශාස්ත්‍ර විෂයන් වලට භික්ෂූන් නොමැති වෙන්න ඒක හේතුවක්. තවත් භික්ෂූන් වහන්සේලා බදවා ගත්තත් එම විෂයන් තෝරා ගන්නේ නැත්නම් කළ යුත්තේ කුමක්ද?. භික්ෂූන් වහන්සේලා විසින් පාලි, සංස්කෘත වැනි මානව ශාස්ත්‍ර විෂයන් තෝරා නොගැනීම භික්ෂු කප්පාදුවක් හෝ විෂය කප්පාදුවක් වෙන්නේ කොහොම ද? කියන එක ගැටලුවක්.

භික්ෂූන් වහන්සේලා පමණක් බදවා ගන්නවා නම් ඒක ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කරන බලවත් අසාධාරණයක්. එහෙම හිතෙන හිතෙන විදිහට විශ්වවිද්‍යාල ප්‍රවේශයන් ලබා දෙනවා නම්, විශ්වවිද්‍යාලයට තෝරා ගැනීමේ නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ක්‍රමවේදයකට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීමේදී ඉසෙඩ් අගය අනුව තමයි සුදුසුකම් ලබන්නේ. ඉසෙඩ් අගය ගණනය කිරීමේදී බලන්නේ උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින විෂයන් අනුව ලබාගන්නා ලකුණු ප්‍රමාණයන්. භික්ෂූ බදවා ගැනීම් සිදුකරන්න, භික්ෂූන් වහන්සේලා උසස් පෙළට පෙනී සිටලා වැඩිම ලකුණු අරන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය සුදුසුකම් සපුරන්න ඕන.

ඉෂානි  -   මානව හාස්ත්‍ර පීඨය

භික්ෂු ප්‍රවේශය විශ්වවිද්‍යාලය තුළ වැඩි විය යුතු ය. මුල් කාලීනව විශ්වවිද්‍යාල සඳහා බඳවා ගත් පිරිස අද වන විට ක්‍රමයෙන්  අඩු වෙමින් පවති. එම නිසා එය සිදු නොවිය යුතු ‍දෙයකි. භික්ෂු බඳවා ගැනීම අඩු වු විට පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය යන ශාස්ත්‍රීය විෂයයන් විශ්වවිද්‍යාල තුළින් ඉවත් වී යාමට ද ඉඩ ඇත. ශාස්ත්‍රීය විෂයන් හැදෑරීමට භික්ෂුන් වහන්‍සේලා විශ්වවිද්‍යාල වෙත පැමිණේ. සිසුන් බහුතරයක් එම විෂයයන් හැදෑරීමට ඇදී නොයයි. භික්ෂු කප්පාදුව අඩු කර ඒ සඳහා  වු ප්‍රවේශය වැඩි කළ යුතු ය.

නිමේෂා  -   වාණිජ හා කළමණාකරණ පීඨය

භික්ෂුන් වහන්සේලා බඳවා ගැනීම සාපේක්ෂව වැඩි කළ යුතු ය. නමුත් එය වි‍ශේෂ වු විෂයයන් යටතේ පමණක් බඳවා ගත යුතු ය. නැතිනම් භික්ෂු විනය විරෝධි ක්‍රියාකාරකම්වල නිරත වීමට ඇති ඉඩ අවකාශය වැඩි වේ. ඒත් මේ සඳහා විද්‍යාර්ථීන් වන අපි බුද්ධිමත්ව වැඩ කළ යුතු ය. අට්ටාල උඩ නැග‍ගෙන පංති වර්ජන සිදු කිරීම සුදුසු නොවේ. භික්ෂුන් වහන්සේලා මේ මත නැග සිටීමෙන් භික්ෂු විනය ද විනාශ වේ. එම නිසා බුද්ධිමත් තීරණයන් මත විද්‍යාර්ථීන් වන අප සියලු දෙනා වැඩ කළ යුතු ය.

කල්හාර   -   විද්‍යා පීඨය

ඇත්ත වශයෙන්ම භික්ෂුන් වහන්සේලා විශ්වවවිද්‍යාල ප්‍රවේශයට පැමිණිම සුදුසු කරුණක් නොවේ. මොක ද, භික්ෂු විශ්වවිද්‍යාල දිවයින පුරා බිහිවෙමින් පවති. එම විශ්වවිද්‍යාලවල ප්‍රවේශ ලබා ගැනීමට ඉදිරිපත් වීමට ඉඩ ඇත්තේ භික්ෂුන්ට පමණි. සාමාන්‍ය සිසුන්ට ඒ වෙත යා නොහැකිය. එමනිසා ඒ භික්ෂු විශ්වවවිද්‍යාලවල ප්‍රවේශය ලබා ගැනීමට නම්, අනෙක් විශ්වවිද්‍යාලවල භික්ෂු ප්‍රවේශය අඩු කළ යුතු යි.

දිලිනි  -   මානව ශාස්ත්‍ර පීඨය

භික්ෂුන් වහන්සේලා විශ්වවවිද්‍යාල ප්‍රවේශය ලැබීම අවශ්‍ය නොවේ. විශ්වවිද්‍යාල තුළ විද්‍යාර්ථීන් සිටින බැවින් ඔවුන් තුළ භාවිතා කරන භාෂාව, තරුණියන්ගේ ඇදුම් විලාසිතා ආදීය භික්ෂුන් දුටු විට උන් වහන්සේලාගේ පැවිදි ජීවිතයෙන් ගිහි ජීවිතයට යාමට ඇති ඉඩකඩ වැඩි ය. එම නිසා භික්ෂු බඳවා ගැනීම අඩු කළ යුතු ය.

මනෝරී -  විද්‍යා පීඨය

භික්ෂු ප්‍රවේශය අඩු කළ යුතු ය. භික්ෂු බඳවා ගැනීම තදින්ම අඩු කළ යුතු ය. භික්ෂුන් වහන්සේලා විද්‍යා විෂයන්වලට තේරී පත්වීමක් සිදුවුව‍‍හොත් ඒ තුළ ලිංගික කරුණු අධ්‍යයනය කරන බැවින් උන් වහන්සේලාට එය ප්‍රායෝගිකව අත්හදා බැලීම් සිදු කිරීමට අශාවන් ඇති වීමට ඉඩ ඇත. ඒ වගේම ඔවුන් සිසුන් සමඟ සම අධ්‍යාපනය ලබන විට භික්ෂු ගරුත්වය නැති වීමට ඇති ඉඩකඩ ද වැඩි වේ. එමනිසා භික්ෂු බඳවා ගැනීම අඩු කළ යුතු ය.

මදුශානී කෝෂිලා ප්‍රේමජයන්ත.

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday52
mod_vvisit_counterYesterday27
mod_vvisit_counterThis week186
mod_vvisit_counterLast week213
mod_vvisit_counterThis month729
mod_vvisit_counterLast month1187
mod_vvisit_counterAll days19594