• PDF
  • Print
  • E-mail

ජනමාධ්‍ය ලබාදෙන්නේ, ලිංගික අධ්‍යාපනයක් ද? ආශාවක් ද?

මොකද් ද මේ ලිංගික අධ්‍යාපනේ ? අපිට එහෙම එකක් ඕනි ද ? එහෙනම් ඇයි ? කොහොමද අපිට ඒක ලැබෙන්නේ? මේ මාතෘකාව දකිනකොට මේවගේ ප්‍රශ්න ගොඩක් ඔබේ හිතේ මැවෙනවා ඇති.මේ හැමදේටම පිළිතුරු සැපයීම මගේ ලිපියේ අරමුණ නෙවෙයි.එත් අඩු වයසින් ගැහැණු ළමයි බඩවෙන්නෙත් ඒඩ්ස් HIV වගේ සමාජ රෝග ඕනි කෙනාටයි නැති කෙනාටයි හැමෝටම වැලදෙන්නෙත් අපිට හොඳ ලිංගික අධ්‍යාපනයක් නැති නිසා කියන එක ඔබට මට හොඳින් තේරුම් යන දෙයක්.

මෙම ඌනතාවය අවම කරගන්න තරුණ පිරිසට හොඳ ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න අපේ රටේ ජනමාධ්‍ය  අපට හොඳ සහයෝගයක් ලබා දෙනවා.ඇත්තටම එහෙම ද? එත් සමහර ඇය කියනවා මාධයෙන් මේ ලබා දෙනවා කියන අධ්‍යාපනයෙන් අපේ තරුණ පිරිස් කබලෙන් ලිපට අතාරිනවා කියලා.ඇත්තද මේ කතාව?අපි කීපදෙනේක්ගෙන් මේ ගැන අදහස් අහල බැලුවා.

“ලිංගික අධ්‍යාපනයක් දෙනවා කියල පත්තර යන ඒවගෙන් කරන්නේ නිකන් මිනිස්සුන්ගේ හිත අවුස්සන එක විතරයි.ඒවා බලන එක කියවන එක මිනිස්සුන්ට අතල් වැඩක්”

“රූපවාහිනියෙන් මේ වගේ දේවල් විවෘතව කතා කරනවා හරි අඩුයි. ප්‍රයෝගිකව මේවා පෙන්නලා හරි ලිංගික චර්යාවන් කියල දුන්න නම් මිනිස්සුන්ට එක සාමාන්‍ය දෙයක් වෙනවා. මිනිස්සු ඒවා ගැන දැනුවත් වෙනවා ”

“මාධ්‍ය ලිංගික අධ්‍යාපනයක් කොහොම වෙතත් ඒවගෙන් මිනිස්සුන්ගේ ආශාවල් හැගීම් අවුස්සන එක නම් කරනවා”

ගොඩක් වෙලාවට ලිංගික ගැටළු වලින් පීඩා විඳින අය ඒවා තවත් කාටහරි කියන්න හරි ලැජ්ජයි.ඒ නිසා පත්තරේකට හරි රේඩියෝ චැනල් එකකට හරි නිර්නාමකව තමන්ගේ ගලටුව දැනුම් දීල පිළිතුරු ලබා ගන්න වර්තමාන තරුණ ඇය පෙලඹිලා ඉන්නවා.අද පත්තර වල එහෙම පලවෙන ගැටලු බොහොමයක් ඔබ කියවලත් ඇති. අපි මේවා අනිත් ඒවාට වඩා හරිම අසාවෙන් කියවනවා? හිනාවෙවී කියවනවා.එහෙනම් මේ දෙන්නේ ලිංගික අධ්‍යාපනයක්ද ? ආතල් එකක්ද?

අපේම රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න වලට අපි ඇයි මෙහෙම හිනාවෙන්නේ? අපි හිනාවෙන්නේ අතල් එකක් ගන්නේ ඒවා ඉදිරිපත් කරන විදිය නිසා නෙමෙයිද ?

සමහර රේඩියෝ චැනල් වල රෑට ගිය මේ වගේ ලිංගික ගැටළු විසඳන වැඩසටහන් පසුගිය දවස් වල තහනමට ලක්වුණා. ඇත්තටම අපි ඒවා ඇහුවේ අපිට තියෙන ලිංගික ගැටලු වලට උත්තර හොයාගන්නද? ඒවා අහනකොට ඔබට දැනුනේ මොකද්ද?

පත්තර වල රේඩියෝ චැනල් වල සඟරාවල මේ විදියට ඉදිරිපත් කරන ලිංගික ගැටලු වලින් අපිට ලිංගික අධ්‍යාපනයකටත් වඩා එකෙන් කරන්නේ එම ක්‍රියාව නැවත නැවත කිරීමට පෙලඹවීමක්.අපේ හැඟීම් ආශාවන් උද්දීපනය කිරීමක්. අපි මෙච්චර අසාවෙන් ඒවා කියවන්නේ අහන්නේ බලන්නේ ලිංගික අධ්‍යපනයකටත් වඩා ආශාවක් නිසයි.මේ නිසා සිද්ධ වෙන්නේ වැරදි ලිංගික චර්යාවන් සමාජ ගත වීමත් ඒ නිසා අපේ තරුණ ජීවිත අකාලයේ අනතුරේ වැටීමත් පමණයි.

මාධ්‍යවෙත ඉදිරිපත් කරන සැම ගැටලුවක් ම ඒ විදියටම පළ නොකර ඒවා සමාජයේ පිරිස් ඇත්තටම පීඩා විදින ලිංගික ගැටලු ද ?නැත්තම් මවා ගත්ත ද ඒවාද යන්න හොයල බලලා විධිමත් දැනුමක් ඇති අයෙකුගේ මාර්ගයෙන් සුදුසු කාල වෙලාවක් තෝරාගෙන නිශ්චිත ග්‍රාහක පිරිසක් ඉලක්ක කරගෙන විශේෂයෙන්ම නිවැරදි වචන නිවැරදි ආකාරයකට භාවිතා කරලා මෙවැනි වැඩසටහන් සැලසුම් කලොත් අපේ තරුණ පරපුරට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට මාධ්‍යට හැකි වේවි.   

මායා

Last Updated on Wednesday, 24 June 2015 03:56

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday64
mod_vvisit_counterYesterday85
mod_vvisit_counterThis week206
mod_vvisit_counterLast week499
mod_vvisit_counterThis month2186
mod_vvisit_counterLast month2483
mod_vvisit_counterAll days17421