• PDF
  • Print
  • E-mail

වසර මුල සිට ම විභාගයට සූදානම් වෙන්න.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.ජී. අමරසිංහ

අංශාධිපති, භූගෝල විද්‍යා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

‘විභාගය මානසික ආතිතය ඇති කරන්නක්ද? විභාගය ආතතියක් නොවන්නට කළ යුත්තේ ඒ සදහා හොදින් සූදානම් වීමයි. විභාගය ලිවීමට ආතතියෙන් තොර නිරෝගී මානසිකත්වයක් ඇති කරගැනීමට කළ යුත්තේ කුමක්ද? ඒ සදහා විද්‍යාර්ථියා සුදානම් විය යුත්තේ කෙසේද? යන්න පිළිබද කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.ජී. අමරසිංහ මහතා සමග පැවැත් වූ සංවාදයකි.

01. විභාගයට සූදානම් විය යුත්තේ කවදා සිට ද?

විශ්වවිද්‍යාල විභාග යනු අධික මානසික පීඩනයකින්  මුහුණදිය යුත්තක් නොවේ. වසර මුල සිට ම අධ්‍යයන කටයුතු වලට අදාලව තොරතුරු එකතු කළ යුතු ය. තමා හදාරන විෂයට අදාළව න්‍යායාත්මක කරුණු හා සටහන් ක්‍රමානුකූලව සකස් කළ යුතුය. පිළිතුරක් ලිවීමේදී අසනු ලබන ප්‍රශ්නයට අදාළ තොරතුරු, තම මතය තහවුරු කළ හැකි පරිදි ගොනු කළ යුතුය. මෙහිදී නිවැරදි මූලාශ්‍ර වලින් තොරතුරු එක් රැස්කිරීම සමාසිකය ආරම්භයේ සිට ම ගොනු කළ යුතු ය.

02. සාර්ථක පිළිතුරක් ලියන්නේ කොහොම ද?      

l=uk විධානයක් යටතේ වූව ද යම්කිසි ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේදී එම පිළිතුර යම් සැලසුමකට අනුව ඉදිරිපත් කළ යුතු ය. එසේ නැත්නම් පිළිතුරු පත්‍ර ඇගයීමට ලක් කරන්නාට ලියා ඇති දේ තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. මෙහිදී තම අත්අකුරු පිළිබදව වගබල ගත යුතු ය. සාමාන්‍යයෙන් පිළිතුරක ව්‍යුහය තුළ හැදින්වීම, අන්තර්ගතය හා සමාලෝචනය යන කොටස් පිළිබද අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. හැදින්වීම් මගින් ප්‍රශ්නය තේරුම් ගත් බව සදහන් කළ යුතුය. අන්තර්ගතයෙන් ප්‍රශ්නයට අදාළ පිළිතුරේ තොරතුරු විවරණය කළ යුතු ය. සමාලෝචනයේ දී සමස්ත තොරතුරු එක් කොට තම පිළිතුර තහවුරු කළ යුතු ය.

03. විභාගයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොම ද?

මානසික පීඩනයකින් තොරව පුශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී පෙර සූදානම ඉතා වැදගත්. තමා රැස් කරගත් තොරතුරු අසන ප්‍රශ්නය අනුව ක්‍රමානුකූලව අනුපිළිවෙලකට ලිවිය යුතුයි. ප්‍රශ්නයට අදාළ තොරතුරු පමණක් පිළිතුර ලිවීමේදී ගොනු කළ යුතු අතර ප්‍රශ්නය කොටස් කිහිපයකට බෙදා වෙන්කර පිළිතුර ලිවිය යුතුයි. අන් පිළිතුරු පත්‍රවලින් වෙනස් වන පරිදි ඒකාකාරී නොවන අකර්ෂණීය පරිදි ලිවිය යුතුයි.

කල් ඇතිව විභාගයට රැස්කරගත් විෂය කරැණු විවිධ විෂයයන් අනුව වෙන්කර ගෙන පාඩම් කළ යුතු ය. තම දක්ෂතාව, කුසලතාව නිරූපණය කෙරෙන සාක්ෂිය පිළිතුරු පත්‍රය වන බැවින් ලිවීමේ කලාව හා පිළිතුරු ලිවීමේ හැකියා වර්ධනය කරගත යුතුය.  ඒ සදහා විවිධ වර්ගයේ ලේඛන කියවිය යුතුයි. තවදුරටත්, විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරේදී ම අතිරේක විෂයක් ලෙස ‘ලිවීමේ කුසලතා’ යන විෂයය ඇතුළත් කළ යුතු බව මගේ අදහසයි. මේ සම්බන්ධව වැඩිදුර අධ්‍යයනය සදහා ‘උසස් විභාග සදහා ලිඛිත පිළිතුරු සම්පාදන උපදෙස්’ග්‍රන්ථය පරිශීනය කිරීමට ඔබට හැකියාව ඇත.

පමෝදා පියුමාලි, සදුනි මධූෂා

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday53
mod_vvisit_counterYesterday27
mod_vvisit_counterThis week187
mod_vvisit_counterLast week213
mod_vvisit_counterThis month730
mod_vvisit_counterLast month1187
mod_vvisit_counterAll days19595