• PDF
  • Print
  • E-mail

කලා පීඨය හුදකලා කිරීම.

        මුහුද හත්ගව්වක් තියාන අඹුඩය ගැසීම. ගිනිපෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බියබව අසා ඇත්තේ කුඩාකල සිටය. නමුත් අප මේ සටහන් තබන්නේ බියවීම නිසා නොව හානාහීය පානා අඩහැරෙන් දැනුණු නිසාවෙනි. කතාව අප‍්‍රසන්නවීමට පෙර කියන්නේ නම්"මානව ශාස්ත‍්‍ර පීඨය හා සමාජ විද්‍යා පීඨය යන අපේ කැලණි සරසවියේ කලා පීඨය බෙදා වෙන් කිරීමට ගන්නාවූ අසාධdK උත්සාහයක් පිළිබ`දව පූර්ව සිහිකැ`දවීමකි.

        2015 වසරේ දී කැ,ණි පරිපාලනය විසින් ගන්නා ලද තීන්දුවක් මත මෙම පීඨ දෙක ස`දහා විද්‍යාර්ථින් ඇතුළුකරගැනීම වෙන් වෙන් වශයෙන් සිදුකරන ලදී.ඔවුන් ඒ ස`දහා A/L වලදී හදාරන ලද විෂයයන් නිර්නායක ලෙස යොදාගත් බව පැවසුවද අප සිදුකළ විමසුමකදී එය ලකුණ මත සිදුකළ වෙන්කිරීමක් බව පැහැදි,s විය. එනම්"1'5 ට වඩා අඩු ලකුණු ලබාගත් ශිෂ්‍යයන් මානව ශාස්ත‍්‍ර පීඨයේ සුදුසුකම් ලාභීන් බවට සාතිශය බහුතරය පත්කරවා ශාස්ත‍්‍රීය විෂයයන් ස`දහා කුඩම්මාගේ සැ,කිල්ල දක්වා තිබිණි.

        අප ඉතිහාසය පුරාවට ශිෂ්‍ය ව්‍යාපාරය සම`ග අත්වැල් බැ`දගන්නේ zzනිදහස් අධ්‍යාපනයත්  අධ්‍යාපනයේ නිදහසත්"ආරක්ෂා කරනු පිණිසය. මෙම පීඨ වෙන්කිරීම තුළින් සිදුවූ අධ්‍යාපනයේ නිදහස අහිමිවීමේ තත්ත්වය යටතේ අපි එකහෙලා ඊට විරුද්ධව නැගී සිටින්නවුන් හා අත්වැල් බැ`ද එම වැරදි ක‍්‍රියාව හකුලා දැමුවෙමු.  විශ්මයට තුඩුදුන් කරුණ නම් එම ශිෂ්‍ය විරෝධතා හමුවේ තම ක‍්‍රියාව යුත්තිගරුක නොවන බව කියා එම න්‍යායපත‍්‍රය හකුලාගත්තවුන් අද කියා සිටින්නේ එය ඉදිරි වසර තුළ දී උසස් අධ්‍යාපන කොමිෂන් සභාව මගින් කල්තියාම සිදුකර අප විශ්වවිද්‍යාලයට විද්‍යාර්ථීන් ලබාදෙන බවය. එය ඔවුන් පවසන ආකාරයට නීත්‍යානුකූල කි‍්‍රයාවකි. වරදක් වුව ද නීතියට ඇතුළත් කළ විට එය යුක්තිගරුක වේ ද?යන ප‍්‍රශ්නය අපට ඉන් මතුවී පෙනේ. එවිතරක් නොව නීතියේ ඇති නිරුවත ද ඉන් මැනවින් ප‍්‍රකට වේ.

        නීතිය කවරෙකුගේ  ඕනෑ එපාකම් සපුරාගැනීමට සකසාගත් මර්oන පත‍්‍රිකාවක් ද?එයට පිළිතුර වන්නේ අපේ අයිතිය උදුරාගන්නා විට ඊට විරුද්ධව නැගීසිටිනවුන් වැනසීම ස`දහා වූ ආයුධයකි. එසේ නොමැතිනම් පොදු මිනිසුන්ගේ අවශ්‍යතාවක් වූ කලා විෂයයන් ස`දහා සිදුවන මෙම ආසාධාරණයන්ට හරස් නොවිය යුතුය. අතිශයින්ම වැදගත් පණිවිඩයක් ද ඔවුන්ගේ ක‍්‍රියාකලාප තුළින් හෙළිදරව්වන බව ද කිවයුතු ය. එනම් නීත්‍යානුකූලව කෙරෙන අපරාධ පිළිබ`දව කතන්දරය ය. මෙවැනිම කටයුතු දෙකක් මෑත ඉතිහාසයේ දී රජය විසින් සිදුකරන ලදී. එනම් පාසල්වලින් මුදල් අයකිරීම හා ඹෟෂධ පනත සම්මත කරගැනීමයි. මුදල් අයකිරීම නිදහස් අධ්‍යාපනයටත් නිදහස් සෞඛ්‍යයටත් පටහැනි ය. නමුත් චක‍්‍රලේඛන අණපනත් තුළින් එය සම්මත වූ විට එම වැරැද්ද, ¥ෂණය,අපරාධය කෙසේ නිවැරදි වන්නේද?අප කතාකරන මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යාපීඨ ගැටලූව ද මෙවැනිම ක‍්‍රියා මාර්ගයක් නොවේද?

     අප මෙම ක‍්‍රියා පිළිබ`දව ගැඹුරින් සිතා බැලිය යුතුය. එනම් මෙම තත්ත්වය හෙවත් සමාජ ක‍්‍රමය පවතින ආකාරයයි. මෙම සමාජ ක‍්‍රමය ශාස්ත‍්‍රීය විෂයය කෙරෙහි ගුණාත්මක ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකරනු පෙනේ. මිල කළ නොහැකි ශාස්ත‍්‍රීය විෂය ධාරා කෙරෙහි වගකීම් විරහිතව ක‍්‍රියා කරයි. එවිට ශාස්ත‍්‍රීය විෂය හදාරන මිනිසාට මෙම ධනවාදී ක‍්‍රමයේ පැවැත්මක් නොමැති තත්ත්වයක් නිර්මාණය වේ. එවිට ඔවුන් මුදල් ඉපයීමේ විෂයයන් හදාරන්නට බලහත්කාරයෙන් යොමුකරනවා විනා මිනිසත්කම රජයන සමාජ සංහිදියාව ගොඩනැංවීමට උපකාරී වන කොටසින් ඈත්වන්නේ වෙන කළ හැකි යමක් නොමැති විටය. එහෙත් කළ යුත්තක් ඇත. ඒ අප ඒ සමාජ සුභසිද්ධිය වෙනුවෙන් සංවිධානය වී ක‍්‍රියාත්මක වීමයි. එම ක‍්‍රියාකාරකම් ස`දහා ඔවුන් මර්දනය දියත් කරනවිට සටන්වැදීමද සිදුවනු ඇත.

        එබැවින් අප කියා සිටින්නේ මෙම පවතින තත්ත්වයෙනුත් අප තවත් අගාදයටම යොමු කරන්නට සූදානම් නොවන ලෙසය. විශේෂයෙන්ම අකමැත්තෙන් වුවත් තම තමන්ගේ ආත්මාර්ථය උදෙසා එම යහපත පාවා නොදෙන ලෙසය. එසේ නොවුනහොත් අද දින මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා යනුවෙන් ලේබලය අලවා අත්හදා බලා ඇති මෙම සමාජ අගතිය මතු දිනෙක සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියත් අනතුරුව උසස් පෙළ ඇතුළු පාසල් අධ්‍යාපනයත් වෙලාගනු ඇත. ලොව හො`දම දේවල්ම සිද්ධ නොවන බව සැබෑය. එහෙත් විය යුත්තේ එයය. අප නරකට නපුරට ඉඩදිය යුතු ද?අපි මෙය කල්තියා සිහිකැ`දවූ බවත් ඊට විරුද්ධ වන බවත් අදම දන්වන්නට කැමැත්තෙමු. පසුව එම අවිචාරවත් ප‍්‍රතිපත්ති එලෙසම ක‍්‍රියාත්මක වේනම් ඊට විරුද්ධව ඕනෑම පාර්ශවයකට විරුද්ධව දිවි දෙවැනිකොට සටනට වුවද පෙළගැසෙන බව ද දන්වා සිටිමු. එබැවින් අනාගත පරපුර මුදලට පාවා නොදී කලා විෂය ධාරා ආරක්ෂා කොට පොදු මිනිස් යහපත උදෙසා සියල්ලෝ සංවිධානය විය යුත්තාහ.

වෙලගෙදර සුමනජෝති

Last Updated on Monday, 29 June 2015 09:14

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday70
mod_vvisit_counterYesterday85
mod_vvisit_counterThis week212
mod_vvisit_counterLast week499
mod_vvisit_counterThis month2192
mod_vvisit_counterLast month2483
mod_vvisit_counterAll days17427