• PDF
  • Print
  • E-mail

විභාගෙ ළඟයි ගේද?බයක් දැනෙනවා ද?

විභාගේ ළඟයි. හරියට පාඩම් කරගන්නත් බැරි වුණා.lecturesහරියට ගියෙත් නෑ. ඇණයක්වත් හම්බවෙයි ද?..හිතට බයයි නේද?

මේ,ඔබගේ හිතට එන “විභාග බය’’ගැන, මහනුවර මහරෝහලේ, මානසික සුවතා ඒකකයේ වෛද්‍ය නිලධාරී කේ.ඩබ්ලිව්. කල්‍යාණතිස්ස මහතා සමග සිදු කළ සාකච්ඡාවේ සටහනයි.

1.බය’’කියන්නේමොකක්ද?

අපි කුමන හෝ අවස්ථාවකට මුහුණදන්න යන කොට අපේ ශරීරය ඇතුලේ යම් වෙනස් වීමක් ඇති වෙනවා. මේක අපි ආතතියක් කියල හඳුන්වනවා.මේ ආතති තත්ත්වය තමයි අපිබය’’කියල කියන්නේ.

2.බය’’කියන්නේ ලෙඩක්ද?

බය ඇතිවීම සමාන්‍ය දෙයක්. මෙම ආතති තත්ත්වය එකම දේ නිසා දිගින් දිගටම අධික ලෙස පවතිනවා නමා ‘කාංසාවනැමැති රෝගී තත්ත්වයකට පත්විය හැකියි. කාංසාව මානසික ආතතිය සමග සිදුවන අතර කායික රෝග ලක්ෂණ ලෙස ද පෙන්නුම් කරනවා. තොලකට වෙව්ලීම, මස්පිඩු වේදනාව, හිසරදය, පපුවේ කැක්කුම, විඩාව, රාත්‍රීයට නින්ද නොයාම ආදී කායික අපහසුතා ඇති වීමෙන් මෙය රෝගී තත්ත්වයක් විය හැකියි.

3.බය’’කියන්නේනරක දෙයක් ද?

‘බයකියන එක වයස් භේදයකින් තොරව අඩුවැඩි වශයෙන් අප සියලු දෙනා තුළ ම පවතිනවා. බය ඇති වෙන එකෙන් අපිට ප්‍රයෝජනත් අත්වෙනවා. අපි කුමන හෝ කාර්යයකට, දෙයකට පිළිගත් ක්‍රමවේදයකට පුහුණු වෙලා තියෙනවා. එසේ එය පිළිවෙලකට කිරීමට පුරුදු පුහුණු වී තිබෙන්නේ බය  කියන ආතතිය නිසයි. මෙය මනෝවිද්‍යාත්මකයි. මේ බය කියන එක දැනෙන නිසා තමයි විභාගයකට වුණත් අපි කලින් සූදානම් වෙන්නේ.

4. විභාගයට බොහෝ ළමයි බයයි. ඇයි එහෙම වෙන්නේ?

බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විභාගයට බය වීමට ඇති ප්‍රධාන හේතුව වන්නේ පෙර සූදානමක් නොමැති වීමයි. ඒ වගේ ම අසීමාන්තික බලපෑම් හා අසීමාන්තික බලාපොරෝත්තු නිසා විභාග බය ඇතිවෙන්න පුළුවන්.

5. “විභාගබය’’නැති කරගන්න කරන්න ඕන මොනවද?

විභාගයට පෙර සිට සූදානම් වීම බය නැති කරගන්න හොද විසදුමක්. අපි එයට සූදානම් විය යුත්තේ ඉගෙනුම් කාලය අතරතුරමයි. දේශන, පැවරුම්, ඉදිරිපත් කිරීම්, කියවීම්, නිරීක්ෂණ, සාකච්ඡා සහ වෙනත් අධ්‍යයන ක්‍රියාකාරකම් ආදී විවිධ ඉගෙනුම් ක්‍රියාකාරකම්වල නිරත වියයුතුයි. අද ඉගෙන ගන්න බොහෝදෙනා එක දෙයකට පමණක් සීමා වෙලා. නැත්තනම් මේ කියන කිසිම අධ්‍යයන ක්‍රමවේදයකට සූදානමක් නැහැ. බොහෝ ඉගෙනුම් සිදුකරන්නේ විභාග ලකුණු හෝ යම් අධ්‍යයන සම්භාර ප්‍රමාණයක් ඒකරාශී කිරීමට පමණයි. ඉගෙන ගන්නා දෙය ජීවිතයට අදාළ කරගන්නේ නැහැ. ඒ වගේ ම ඉගෙනීම ජීවිතයට අදාළයි කියල හිතන්නෙත් නැහැ. ජීවිතය හා ඉගෙනීම දෙකක් නොවේ එකක්. මේ දෙක දෙකක් වුණාම තමයි විභාගය ළං වුණාම පාඩම් කරන්න වෙහෙසෙන්නේ. ඉගෙනීම ජීවිතය වුණාම ඒ තුළ ජීවත්වෙනවා. එහිදී අවශ්‍ය දේවල් හොයාගෙන යනවා. ඉන් සතුටක් ලබනවා. එදිනෙදා පාඩම් මාලා සකස් කිරීමට, අලුත් දේ කියවීමට, අමතර දේ සොයා ගැනීමට මනස යොමුවෙන්නේ ඒ අනුවයි.

පෙර සූදානම කියන්නේ, විෂය හදාරන්න ගත් දා සිට ඒ පිළිබද යම් යම් අධ්‍යයනවල නිරත වීමයි. දේශන, සාකච්ඡා, අමතර කියවීම, විෂය සමගාමී ක්‍රියාකාරකම් වැනි දේ ඊට උදව් වෙනවා. එදිනෙදා අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු නැවත සිතා බැලීම (ස්මරණය) නිසා මතක ශක්තිය වර්ධනය වෙන්න බලපාන හැකියාව වැඩියි. මනෝවිද්‍යාත්මක මෙහි විශාල සත්‍යතාවක් තිබෙනවා. හොද මතක ශක්තිය සෑම විටෙකම විභාගයක පිළිතුරු සැපයීමට උදව් වෙනවා.

පෙර සූදානම සෑම විටෙම විභාග බය නැති කරන්න උදව් වෙනවා. ඉන් බය කියන දේ නොදැනීම හිතෙන් ඉවත් වෙනවා.

ඇතැම් විට දරුවන්ට ඉගෙනුම් කටයුතු වලදී මව්පියන්ගේ වැඩිහිටියන්ගෙන් අධික පීඩනයක් ඇති වෙනවා. එසේ නොවන්නට ඔවුන් වගබලා ගත යුතුයි. එමෙන් ම විභාග ප්‍රතිඵල ගැන අධික ලෙස තබන බලාපොරොත්තු ශිෂ්‍ය මනස ඇති කරන්නේ අනවශ්‍ය බරක්. අවසානයේ මෙය මානසික පීඩාවක් විය හැකියි. ඒ නිසා  ද විභාග බය ඇති විය හැකියි.

ජීවිතේ සිදුවන ඕනෑම දෙයක් ඉදිරියේ දරාගැනීමේ හැකියාව දියුණු කරගැනීම වැදගත්. එය ඇති වන්නේ සාර්ථක ඉගෙනුමකින්. අද බොහොමයක් දෙනාට විභාග බිය ඇතිවන්නේ ද, එනිසා විභාග කල් දැමීම සිදුකරන්නේ ද, විභාගය අතරතුර විභාග ශාලාවෙන් පිටතට යාම සිදුවන්නේ ද තරගකාරීත්වය තුළ මානසික ඒකකග්‍රතාව බිදීයාම හෙවත් දරාගැනීමේ හැකියාව නොමැති නිසයි.

තමන් සතු හැකියාව පිළිබද විශ්වාසය ඇති වන්නේ නිසි පරිදි අධ්‍යයන කටයුතු කළ කෙනෙකුටයි. එවැනි අයෙකුට කිසිටෙකත් විභාග බිය ඇති වන්නේ නැහැ. ඔවුන් තුළ දරා ගැනීමේ හැකියාව පුරුදු වන්නේ ඉගෙනීම තුළින්ම යි. එනිසා මානසික සැහැල්ලුව ද ඔහු හෝ ඇය තුළ ඇති වෙනවා. අවශ්‍ය වන්නේ මනසේ සැහැල්ලුව තවදුරටත් පවත්වාගැනීමයි. ඒ සදහා තමන් අදහන ආගම අනුව ආගමික කටයුතු වෙත සුළු කාලයක් හෝ යෙදීම ඉතා වැදගත් වෙනවා.

එසේම විභාග කාල සීමාව ආසන්නයේ පාඩම් කටයුතු අතරතුර විවේකය ලබාගනිමින් පාඩම් කිරීම ධාරණ ශක්තිය වැඩිවීමට හේතුවක්. විභාගය පැවැත්වෙන කාලයේ එයට යහපත් මානසික හා කායික සෞඛ්‍ය තත්ත්වයකින් මුහුණදීමට අවම වශයෙන් රාත්‍රියේ සිට අලුයම තෙක් පැය හයක කාලයක නින්දක්වත් අවශ්‍ය වෙනවා.

පූර්ණි ද සිල්වා

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday76
mod_vvisit_counterYesterday85
mod_vvisit_counterThis week218
mod_vvisit_counterLast week499
mod_vvisit_counterThis month2198
mod_vvisit_counterLast month2483
mod_vvisit_counterAll days17433