• PDF
  • Print
  • E-mail

කතුරට කැපෙන සිවුර

අප ඔබ සමග මෙම ගැටලුව සාකච්ඡd කළ යුතුව තිබුණේ මින් පෙරය. එහෙත් අප ගත කළේ අසීරු කාලයක් ය. ලත් අස්වැසිල්ලකින් ඔබට ආමන්ත‍්‍රණය කරන්නේ විශ්වවිද්‍යාලය තුළ ඔබ අතිශයින් වැදගත් පිරිසක් සේ අප සලකන නිසාය. ඔබට කාර්යභාරයක් ඇත. ඒ අප වැනි දුප්පත් මිනිසුන්ගේ අයිතීන් මෙසේ එකිනෙකාගේ ආත්මාත_කාමීකම් හමුවේ හකුලාගත යුතු නැත. ඔබත් අපත් එකම පන්තියේ මිනිසුන්ය. ඒ බව සලකා අපගේ කතාව මෙසේ කියවා ගන්න.

මෙම ලියන්නට අරඹන අකුරේ සිට නාලන්දාව, ජගද්දලාව දක්වාත් ඉන් ඔබ්බටත් භික්‍ෂුවගේ සලකුණ සුවිශේෂී ය. පරම්පරා ගණනකට අධ්‍යාපනය දායාද කිරීමට ඔවුන් ගත් මග නොකිවමනා ය. තම ආරාමික නිදහස් ජීවිතය තුළ ඔවුහූ දැනුම ගවේෂණය කරමින් දැනුම බෙදා දුන්හ. විසිවන සියවස අඩක් ගෙවුනු කළ මාක්ස්වාදී ආස්ථානයක සිට සෝවියට් රුසියාව තිඹිරි ගෙය කොට ලෙනින් ලා ලොවට දුන් දායාදයක් වූ නිදහස් අධ්‍යාපනය අපදේශයේත් මහත් අරගලයකින් අනතුරුව ස්ථාපනය විය. එයම මුළු මහත් සමාජයේ යහමඟ කියන තාරකාව වූවා නිසැක ය. එතෙක්කල් යති සාම්ප‍්‍රදායික අධ්‍යාපන ආයතනය වූ පිරිවෙන තුළ වැලිපිල්ලෑවක හෝ තල්පතක අකුරු කරවූහ. නම් පොත සකස්කඩ කියවූහ. ඉන් එහාටත් අවැසිනම් ඔබට zයන්න කියා, zඅම්මාකියා ලියන්නට හුරු කළෝ සාතිශය බහුතරයක් ලෙස ලොකු හාමුදුරුවෝ ය.තවත් කියන්නට ඇත.අපගේ සුවිශිෂ්ට අධ්‍යාපන මව්වරු වූ විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් තුළ වූ භෞතික හා මානව සම්පත් සියල්ල සමස්ත සමාජයේ යහපත උදෙසා පිළිවෙලින් ජයවර්ධනපුර හා කැලණිය ලෙස විශ්වවිද්‍යාල කොට විවෘත කළහ.

එදා මෙදා මෙන් නොව අද සමාජ ආර්ථික හා දේශපාලනය උඩු යටිකුරු වී ගොස් ය. ඔබට අදටත් අපව අමතක නැති බව සහතිකම ය. එහෙත් පාලක ධනවතුන්ට සැමදා කළගුණ විහිළුය. අපි සැමගේ අයිතිය විහිළු ය. නමුත් සැම දින ම ඔවුන් ඔබගේ ත් අපගේ ත් ඇති මනුෂ්‍යත්වය ඔවුන්ට පාලමක් කර ගන්නා බව යලිත් තහවුරු කොට ඇත. උක්ත ‘සිවුරු කතුරුකතාව ඊට කදිම නිදසුනක් සපයනු ද ඇත.වත්මන් පාලකයන් පෙර ලෙස ම අප ඉහතින් ස`දහන් කළ සටන් කර දිනාගත් නිදහස් අධ්‍යාපනය නැවත අපෙන් උදුරාගනිමින් සිටී. එහි නව මුහුණුවර මෙසේ සටහන් කරමු.

භික්‍ෂූන් වහන්සේලාගේ උසස් අධ්‍යාපන අවස්ථා කප්පාදු කිරීම සම්බන්ධව රැුකියා වෙළ`දපොලට විවෘත වන නව තාක්ෂණික විෂයන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය පුරා රෝපණය වන විට කලා විෂයන් කෙමෙන් කෙමන් ව`ද වී යන්නට පටන් ගත් බව කිවයුතු තරම් අප‍්‍රකට රහසක් නොවේ. විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය වටා දේශපාලන බලය ගොඩ නැෙඟන්නට වූ කල්හී මූලික මිනිස් අයිතිවාසිකම් පවා මුදලට විකිණීම ඇරඹුණි. කලින් කලට බලයට පත්වන පාලකයන් නිදහස් අධ්‍යාපන අයිතිය වෙළ`ද භාණ්ඩයක් කරන්නට මාන බලන්නේ එබැවිනි. ලාභ ලැබිය හැකි නව තාක්ෂණික විෂය ධාරාවන් පුළුල් කරමින් කලා විෂය ධාරාවන් කප්පාදුවට ලක්කරන්නේ ද එම ආර්ථික ප‍්‍රතිපත්තියේ ම කොටසක් වශයෙනි. සැබැවින් ම ඉතිහාසය,දර්ශනය,වැනි ශාස්ත‍්‍රීය විෂයන් ද පාලි,සංස්කෘත,වැනි සම්භාව්‍ය භාෂා විෂයයන් ද මිල කළ නොහැක. එහෙයින් ම එම විෂයයන් හැදෑරූ උපාධිධාරීන් රැකියා වෙළ`දපොළෙහි අවලංගු කාසි බවට පත් වේ. එම කලා විෂයයන් තුළින් මානව ශිෂ්ටාචාරය ගොඩනැගුණු බවත්,ගොඩනැගෙමින් පවතින බවත්, පාලකයන්ට අදාළ නොවේ. උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ශිෂ්‍ය බ`දවාගැනීම් කප්පාදු කිරීමටත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට සරසවි දොර වැසීමටත් හේතුව මෙලෙස නිදහස් අධ්‍යාපනය මුදලට හා ලාභයට විකිණීම යි. මෙම වසරේ සරසවි භික්ෂු බ`දවාගැනීම් ප‍්‍රමාණය විශාල වශයෙන් කප්පාදුවට ලක්කොට ඇත. පසුගිය වසරට සාපේක්ෂව බැලූ කල ඒ බව මනාව පැහැදිලි වේ.

            විශ්වවිද්‍යාලය             පසුගිය වසර                       මෙම වසර

රුහුණ                                18                    15

ශ‍්‍රී ජයවර්ධනපුර                         31                    12

කැලණිය                                  58                    26

භික්ෂු විශ්වවිද්‍යාලය" අනුරාධපුර      102                          87

මෙම අයුක්ති සහගත පළවා හැරීම පිළිබ`දව විශ්වවිද්‍යාල පරිපාලනයේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා වූ සියලූ වගකිවයුත්තන්ගෙන් විමසා බැලූ අතර ඔවුන්ගෙන් ලබාගත හැකි වූයේ අතාර්කික විසුළු පිළිතුරු කිහිපයක් පමණි. විශ්වවිද්‍යාල දොරටුව භික්‍ෂූන් වහන්සේ උදෙසා බාගෙට විවෘත වන්නේ මන්දැයි විමසූ කල වග කිවයුත්තන් පවසන්නේ පිරිවෙන් අධ්‍යාපනය ¥ෂිත බවත්, අවශ්‍ය ලකුණු ප‍්‍රමාණය භික්‍ෂූන්ට නොමැති බවත්, ඉගෙනගත් භික්‍ෂූන් සිවුරු හැර යන බවත් ය.

පිරිවෙන් අධ්‍යාපනය තුළ යම් යම් බි`ද වැටීමක් ඇත්නම් එයට වගකිව යුත්තේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නොව, පාලකයන් මය. කුමක් නිසා ද යත්, පිරිවෙන් අධ්‍යාපනය කඩා වැටෙන්නේ පාලකයක්ගේ නොසැලකිල්ල නිසාවෙනි. කඩා වැටෙන පිරිවෙන් අධ්‍යාපනය නගාසිටුවීම ඔවුන්ගේ වගකීමකි. නිසි අවධානය පිරිවෙන වෙතට යොමු කළේ නම් කඩාවැටීම සිදුවන්නේ නැත. එමෙන් ම 2014 වර්ෂය වන තෙක් ප‍්‍රමාණවත් අගයක් සහිතව සිසුන් උසස් පෙළ සමත් කරවූ පිරිවෙන් අධ්‍යාපනය 2015 වර්ෂය වන විට ක්‍ෂණිකව බි`දවැටීමට හේතුවක් නොමැත. සිවුරු හැර යන්නේ උසස් අධ්‍යාපනය ලැබූ භික්‍ෂූන් පමණක් නොවේ. අනෙක් අතට භික්‍ෂූන් සිවුරු හැරයාම හෝ නොයෑම විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට බලපාන්නේ නැත. රැදෙනු නොහැකි නම් සිවුරු හැරයාමට බුදුරදුන්වත් තහංචි නොපැන වූ කල්හී උසස් අධ්‍යාපන බලධාරීන්ට එය කොහෙත් ම අදාළ වන්නට හේතුවක් නොමැත. භික්‍ෂූන් වහන්සේ විශ්වවිද්‍යාල ස`දහා අයදුම් කරන්නේ උසස් පෙළ සමත්වීමෙන් මින සිවුරු හැර නොයන බවට පොරොන්දුවීමෙන් නොවේ. එසේ පොරොන්දු වීමට ද අවශ්‍ය නැත. එහෙයින් පාලකයන්ගේ මේ පුහු තර්ක, ගැටළුවලට පිළිතුරු වශයෙන් භාරගත නොහැක. තව ද අප මෙසේ අරගල කර දිනාගන්නට සැරසෙන්නේ උසස් පෙළ අසමත් වූ භික්‍ෂූන් වහන්සේලා නොව පාලකයින් විසින් ම සමත් හැි  යැයි කියූ භික්‍ෂූන් වහන්සේ ම ය. මෙම භික්‍ෂු කප්පාදුව නිදහස් අධ්‍යාපනය මුදලට විකිණීමේ කූට ප‍්‍රයත්නයේ ම කොටසකි. කලා විෂයයන් කප්පාදුවේ ම ප‍්‍රතිඵලයකි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, භික්‍ෂු විශ්වවිද්‍යාලය, ආදී භික්‍ෂූන් ස`දහා වූ ආයතනවල පවා මෙම කප්පාදුව සිදු වේ.

මියන්මාරය,බංගලාදේශය,තායිලන්තය,නේපාලය,කාම්බෝජය හාකොරියාව වැනි විදෙස් රටවලින් භික්‍ෂූන් ගෙන්වා කලා උපාධි මුදලට කලා උපාධි මුදලට විකිණීම ජාතික විශ්වවිද්‍යාල තුළ දැනටමත් ආරම්භ කර තිබේ. එහි දී ඔවුන් ගෙවන මුදල මිස අගය සලකා බලන්නේ නැත. භික්‍ෂූන්ට උසස් අධ්‍යාපන අවස්ථා අහිමිවීමට මෙම කරුණ ඍජු බලපෑමක් ඇති කරයි. එහෙයින් මෙය ලාභය පදනම් කොටගෙන සිදුකළ අයුක්තිසහගත අධ්‍යාපන අවස්ථා කප්පාදුවක් බව පැහැදිලි ය. තව ද දිය හැකිනම් ලෝකවාසී කවරකු හට වූව ද නිදහස් අධ්‍යාපන අවස්ථා ලබාදීම අපගේ ද එ්කායන පැතුම බවද සිහිපත් කරනු කැමැත්තෙමු.

සියලූ විශ්වවිද්‍යාලවල භික්‍ෂූන් වහන්සේලා නියෝජනය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු මලමණ්ඩලය ලෙස මෙම භික්‍ෂු බ`දවාගැනීම් කප්පාදුවට එරෙහිව සටන් ව්‍යාපාර ආරම්භ කරන්නේ එය මේ මොහොතේ අවශ්‍යයෙන් ම කළ යුතු කාර්යයක් වන නිසාවෙනි.

උක්ත විරෝධතා ව්‍යාපාරය 2015.04.29 දින කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ආරම්භකොට තුන්වනවරටත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ගමනාන්තය කර ගත්තේය. උසස් අධ්‍යාපනය තුළ කෙරෙන ශිෂ්‍ය කප්පාදුව නවතනු භික්ෂු බ`දවාගැනීම ඉහල දමනු ! යන මූලික සටන්පාඨය පෙළගැසෙමිනි. කිසියම් පුද්ගලයකු තාප්ප හෝ ගේට්ටු සම්බන්ධයෙන් අපට ඇති ප‍්‍රශ්නයක් නොව පාලක ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇති ගැටලූවක් නිරාකරණය කරගැනීම පිණිසය. පාලක ප‍්‍රතිපත්ති සම`ග උද්ගතව ඇති තත්වයට වත්මන් පාලකයන්ගෙන් අපට අවශ්‍යව තිබුනේ පිලිතුරක් මිස පොලිස් මාර්ග බාදක හෝ ඉබි යතුරු දමා වසාගත් ගේට්ටු නොවේ .එම වසාගත් ගේට්ටු හෝ පොලිස් බාධක ඉදිරියේ අප නැවත පෙර මෙන් විසිරයෑමට සූදානමක් නොවීය. එහෙත් පොලිස් නිලධාරීන් සම`ග ගැටුමක් ඇතිකරගැනීමට ද අපගේ අපේක්ෂාව නොවීය.කොමිෂන් සභාවේ නිසි බලධාරියා හමු වී පිලිතුරක් අපේක්ෂාවෙන් ඇවිත් අපට උද්ගතවූ තත්වය හමුවේ කලක් තිස්සේ මෙම ගැටලුව නිසා මානසිකව අප වැටීතිබූ තත්වය හුවේ සිසු හිමිවරු නොසන්සුන් වූහ. මාර්ග බාධක බි`ද දමා ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුළුවීමට උත්සාහ කළේ ය.එම අවස්ථාවේ පෙර සේම පාලකයන් පොලිසිය ලවා අප හට මර්දනය කැඳවූහ. ජල ප‍්‍රහාර බැටන් ප‍්‍රහාර කදුළු ගෑස් එල්ල කළහ.

මෙහිදී අවධාරණය කළ යුත්තේ භික්ෂු අන්තරේ අපට පොලිස් නිලධාරීන් සම`ග හෝ ආයතනය සතු භෞතික සම්ත් කෙරෙහි අමනාපයක් හෝ ගැටලුවක් නොමැති බවය.උද්ගත වූ තත්වය හමුවේ නොසන්සුන් වීම නිසා සිසු හිමිවරු හා පොලිස් නිලධාරීන් රෝහල් ගතවීමට සිදුවිය. ඒ පිළිබ`දව අප ද ඇත්තේ කනගාටුවක් මිස පහන් සතුටක් නොවේ. එහෙත් මෙම අවස්ථාව ජන විඥානය තුළ රෝපණය වූයේ නොයෙක් අර්ථකතන එක්කරමිනි. භික්ෂුත්වය පිළිබ`ද ගැටලු සහගත බවක් ඔවුන් තුළ ඇතිවිය. අන්තරේ යනු ත‍්‍රස්තවාදී ස්වරූපයක් ඇති කැරලිකාර කණ්ඩායමක් ලෙස අර්ථකතනය කළහ. එම මනෝභාවයන් ඇතිකිරීමෙහිලා ඇතැම් මාධ්‍ය ආයතනයන් ද උරදී කටයුතු කළ බව පැහැදිලිව දක්නට ලැබුණි. එහෙත් අප පැහැදිලි කරගතයුතු ඇත්තේ එකී නොසන්සුන්කාරී තත්වයට පත්කරන ලද්දේ වගකිවයුතුවන්නේ කවුරුන් ද යන්නයි.

අප නිරන්තරයෙන් උත්සාහ ගත්තේ ප‍්‍රශ්නයක් ඇති වූ විට කලබලකාරීව එය විස`දාගැනීමට නොව සාකච්ඡා මාර්ගයෙන් එම ප‍්‍රශ්නය විස`දාගැනීමටය.එම ගැටලුව සම්බන්දයෙන් ද එබ`දු මනෝභාවයන් අප සතුව තිබුණී.පලමුව සාකච්ඡුා කිරීම් ගණනාවක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සම`ග විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සම`ග පැවැත්වූහ. දැනුම්දීම් සිද්ධ කළහ. එසේ පිළිතුරු ලද නොහැකි තැන උද්ඝෝෂණ කළහ. පාගමන් ගියහ. අවසානයේ සත්‍යග‍්‍රහයක් ආරම්භ කfය.දැනට දින 40 කටත් අධික කාලයක් බලාසිටි අපි පිළිතුරක් ලද නොහැකි විට අවසාන තීරණයට එළබිමු.එහෙත් පාලකයන් අභිමුවට පැමිණීමට ඔවුන් ගේට්ටු වසා ඉබි යතුරු දා පොලිස් මර්ග බාදක දමා හැමවරම අපගේ අපේක්ෂාභංග තත්වයට පත්කරන ලදී.එළඹ තිබූ අපේක්ෂා භංගත්වය හමුවේ සහජයෙන් පෘථජ්ජන මනෝභාවයන් ආවේගශීලී වීම කිසිවෙකුට වළක්වනු නොහැකි විය.එබැවින් 2015'04'29 දින අදාල සිද්ධියට පාරිසරික තත්වය නිර්මානය කරන ලද්දේ අන් කවරෙකුත් නොව වත්මන් පාලකයෝමය. දුර්දාන්ත පාලක ප‍්‍රතිපත්ති අනුගමනය නොකළා නම් කිසිවකුගේ සිත්රිදීමක් ඇතිවන්නේ නැත. එබැවින් සිසු හිමිවරු තාප්පයෙන් පනිනවාද ගේට්ටුවෙන් පනිනවාද යන්න පිළිබ`ද සාකච්ඡා කිරීමට වඩා ගැටලූව හා ඊට අදාල ප‍්‍රශ්නය පිළිබ`ද අවධානය යොමුකළහොත් කිසිවකුට සිත් රිදීමක් ඇතිකරගත යුතුව නැත.

ආදරණිය මවුවරු, පියවරු දුන් දන්වේලෙහි ශක්තිය මැනබැලූවා නොව ප‍්‍රශ්න හමුවේ මුනිවත රකින බලධාරීන්ගේ නෙත් ඇරවීම මිස අන් කිසිදු බලාපොරොත්තුවක් අප සතුව නොවීය. එබැවින් භික්ෂුව පිළිබ`ද තර්ක විතර්ක කිරීමට වඩා අපව විවේචනය කිරීමට වඩා සරසවි භික්ෂුවගේ කාර්යභාරය කුමක්දැයි කියවාගැනීමක් අවශ්‍යව තිබේ. අප ගත් තීරණය වැරදි යැයි භික්ෂුත්වයට නොගැලපේ යැයි චෝදනා කරන ඊට හේතු දක්වන තර්ක ගොඩනඟන හැමදෙනාටම අප මතක්කර සිටින්නේ අප ඔබෙන් කියවාගන්නා ලෙසය දැන උගත් යැයි සම්මත හිමිවරු මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ ද කුහක සිතින් අප දෙසටම චෝදනා පත‍්‍රය විසිිකරමිනි.

එහෙත් සිවුරට මුවාවී සිදුකරන  ඕනෑතරම් අසික්කිත නිර්ලජ්ජිත වැඩකටයුතු අප  ඕනෑතරම් දැක ඇත. අසා ඇත. වර්තමානයේ සිදුවෙමින් ඇත එහෙත් එවැනි දේ නොදැක්කා සේ නෑසුනාසේ මාධ්‍ය ප‍්‍රකාශ නිකුත්කිරීම විහිළු සහගතය.එසේම අප විවේචනය කරන බොහෝදෙනාගේ කිල්ලොටවල ද හුණු තැවරී ඇතිබව මතක් කරදීම අපගේ යුතුකමකි.එබැවින් අප විවේචනය කිරීම වෙනුවට ප‍්‍රශ්නය කුමක්දැයි හ`දුනාගෙන එය නිවැරදි කිරීමට පාලකයන්ට බලකිරීමද ඔවුන්ගේ වගකීමකි. භික්‍ෂූන්ට උසස් අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමට එරෙහිව සුවිසල් ජනබලයක් ගොඩනැගීමට කාලය උදා වී තිබේ. එහෙයින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලය ලෙස උසස් අධ්‍යාපනය තුළ කෙරෙන ශිෂ්‍ය කප්පාදුව වහා නවත්වන ලෙසටත් භික්‍ෂු බ`දවාගැනීම් ඉහළ දමන ලෙසටත් බලකරමින් ආරම්භ කරන ලද අරගලයට ඔබගේ සහයෝගය උදක් ම බලාපොරොත්තු වෙමු. මේ මොහොතේ ඔබ අප එක් නොවන්නේ නම් අප සතු අයිතියක් වන උසස් අධ්‍යාපනය මතු පරපුරක් උදෙසා ඉතිරි නොවනු ඇත. නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම අප සතු යුතුකමක් නොව අප උරමත පැටවුණු වගකීමකි. එහෙයින් මෙම අරගලය ඔබ අප එක්ව කළ යුතු අරගලයක් ලෙස අප දකින්නෙමු. එකතු වෙමු. අත්වැල් බැ`දගනිමු. නිදහස් අධ්‍යාපනය වනසන පාලකයින්ගේ ප‍්‍රතිපත්ති පැරදවීමට පෙළ ගැසෙමු.

    

මෙම සටහන විද්‍යාලංකාර ප‍්‍රකාශයේ උපුටනයකින් අවසන් කරන්නෙමු. එහෙත් එය සටනේ අවසානය නොවන වග ද සිහිපත් කරන්නෙමු. නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට කරන හැම උත්සාහයකට ම විරුද්ධව ක‍්‍රියාකොට එය චිරස්ථායී කර ගැන්ම භික්‍ෂූන්ට අයත් පරම යුතුකමකි.

උපුටා ගැනීම- විද්‍යාලංකාර පිරිවෙන් ප‍්‍රකාශය- 1946'02'13 

සභාපති

භික්ෂු සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය

Last Updated on Monday, 06 July 2015 03:27

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday50
mod_vvisit_counterYesterday27
mod_vvisit_counterThis week184
mod_vvisit_counterLast week213
mod_vvisit_counterThis month727
mod_vvisit_counterLast month1187
mod_vvisit_counterAll days19592