• PDF
  • Print
  • E-mail

අට්ටාලය, අරගලය සහ තවත් කතා

ඕං ආයිබෝවන්ඩ,සිය දොහකුත් ගත කොරලා කරපු රාජකාරියේ ඉල්ලීමට පිණ්සිද්ධ වෙන්ට අන්න අර කොලු ගැටයොයි, කෙලි පැටික්කියෝ ටිකයි, අට්ටාලෙ ගලවලාලූ. දැන් නම් උන්ට බඩ කට පිරෙන්ට කොටාබාන්ටත්, විබාගෙද මොකක්ද එකට උත්තර ලියන්ට පාඩම් කොරන්ටත් හැකි නෙවැ.

අට්ටාලෙට වෙලා කට්ටියක් ඉන්න අතරෙ අපේ හාමුදුරුවෝ ටික පරිපාලන උන්දැලා ගාවටම වෙලා ඉන්නවා මාත් කීප දොහක්ම දැක්කා. මං ඊයේ ආසාවට වගේ කැලණි කන්ද අමාරුවෙන් රූටලා කෙලි පැටික්කියොයි, කොලු ගැටයොයි හොයන්ඩ ගියාඅට්ටාලෙට මොකද උනේ කියල අහලා බලන්ට. අනේ මං යනකොට කුප්පි එකක් කිව්වා. මට හිනත් ගියා. මං කුප්පියක් කෝ කියලා බැලූවා. එතන ලොකු වතුර බෝතලයක් වගේ එකක් තිබ්බා. ඒකට වෙන්ඩැ කුප්පිය කිව්වෙ. කොහොම වුණත් අපේ හාමුදුරුවෝ හිටපු තැන පාළුවට ගොහිං. හු`ග දොහක් එතැන හිටි හින්දා, එතැන තියෙන මහා පාළුව දැක්කාම දැන් නම් දුකක් හිතෙනවා. මගෙ කොල්ලො කෙල්ලො ටික මගෙ ළ`ගට පිම්මේ ආපි.  දෙයියනේ අහපන්කො ඉන්පස්සේ මෙන්න මුං ටික මාව වටකරගෙන මෙන්න මෙහෙම කියපි.

සමන්ලතා කෙලී

මං නං කැමතියි අට්ටාලෙ ගලවපු එකට. ඒක හේතුවක් නැති දෙයක්. කාලෙත් අපරාදේ ඒකට වියදම් කරපු. මේකෙන් වුනේ රට්ටු හිනස්සපු එකක්.

ගුණේ කොලු ගැටයා

අපි ඉල්ලපු ඉල්ලීම් වලින් බහුතරයක් අපිට ලැබුණා. ඉල්ලීම් කෙරුවෙ නැත්නම් කොහොමද අපට අයිතිවාසිකම් ලැබෙන්නෙ. මේ කාලේ කිසිම දෙයක් බන්දේසියක තියලා බේන් කියලා දෙනවයැ. ඉල්ලූවොත් විතරයි ලැබෙන්නේ. ඒ හින්දා ඉල්ලීම් කරා. ඉල්ලීම් දුන්නු නිසා අට්ටාලෙ ගලවපු එක හො`දයි.

අපේ සුමේධ හාමුදුරුවෝ

කැලණිය කියන්නෙ බෞද්ධ විශ්වවිද්‍යාලයක්. පැහැදිලිවම භික්ෂු කප්පාදුවක් තියෙන නිසයි අපි ඉල්ලීම් කළේ. ඇයි මේ වගේ අසාධාරණකම් මේ වගේ තැන්වල. අපිටත් ඉගෙන ගන්න අයිතියක් තියෙනවා. රටේ උගත් භික්ෂූන් හිටියොත් ඒක අපේ බෞද්ධ රටට ලොකු ආඩම්බරයක්. අධ්‍යාපනේ මුදලට විකුණන මේ වගේ කාලෙක අපිවත් පොඩි සද්දයක් දාලා මේ අපේ අයිතිය රැකගත්තෙ නැත්තම් අනේ අනාගතේට වෙන දේ හිතාගන්න බෑ.

සුදහ කෙලී

අනේ යන්තං ඇති  ඕක නවත්තපු එක. ඔය ඉල්ලපු ඉල්ලීම් සාධාරණ නෑ.

බණ්ඩි පුතා

අපි කැම්පස් ඇවිත් විෂයන් තෝරගන්න දීපු කාලෙ මදි අප්පා. එයාලා කියන විෂය අපිට බලෙන් කරන්නත් වුණා. ඉතින් ඒ වගේ අසාධාරණයක් වුණු වෙලේ මේ වගේ ඉල්ලීමක් කරේ නැත්නම්කොහෙද තවත් යහපාලනයක් කොරන්ට වෙන්නේ. ?

ඔව් ඔව් ඔව්. උඹලා කියන හැම එකේම පොඩි ඇත්තක් තියෙනවා. හාහ්.. එහෙනම් මගේ පොඩි එවුන් ටික දැන්වත් පාඩම් වැඩ හරියට කොර ගනිල්ලා. මොන දේ කොරන්ටත් ඉගෙන ගන්ට එපැයි. නැද්ද මං අහන්නේ?

හාහ්... මං ගොහින් එන්නම්. ආහ් මේ මට අමතක වුණා. අට්ටාලෙ ගැලෙව්වට අර දෙනවා කියපුවා දෙනකන් කරන් යනවා කියපු දේ ගැන මං කාටවත් එහෙම කියන්නෙ නෑ ඔන්න.

බකතපස්

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday21
mod_vvisit_counterYesterday31
mod_vvisit_counterThis week137
mod_vvisit_counterLast week451
mod_vvisit_counterThis month813
mod_vvisit_counterLast month826
mod_vvisit_counterAll days22608