• PDF
  • Print
  • E-mail

දේශන සදහා සියයට අසූව (80%)අනිවාර්ය ද?

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වෙතින් දේශන සදහා සියයට අසූව (80%) පැමිණීම අපේක්ෂා කරයි. ඒ පිළිබදව අප සිසුන්ගේ මත කිහිපයක් විමර්ශනය කරන ලදී. එය පහත පරිදි දැක්විය හැකිය.

සමාජ විද්‍යා පීඨය - අවිශ්ක

විශ්වවිද්‍යාලය යනු පාසලක් නොවේ. එය නිදහස් වූ ස්ථානයකි. එම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවාට අමතරව නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. පැමිණිම සියයට අසූව (80%) ක් ලෙස අනිවාර්ය කිරීම සිසුන්ට කරන අසාධාරණයකි. දින සියයකින් අසූවක්ම විශ්වවිද්‍යාලයට පැමිනීම අනිවාර්ය කිරීම නැවතත් පාසල සිහි ගන්වන්නක්. ඇත්තෙන්ම එය විහිලූවක්.

වාණිජ හා කළමනාකරණ පීඨය - දිලිනි

සියයට අසූවක පැමිණීම අනිවාර්ය කිරීම විශ්වවිද්‍යාලයක් තුළට යෝග්‍ය නොවේ. පාසලේදී නම් එය යෝග්‍ය වේ. මොකද කියනවා නම් පාසලක සිසුන්ට අවශ්‍ය ඉගෙනුම් කටයුතු සිදුවන්නේ පාසල තුළදීම යි. නමුත් විශ්වවිද්‍යාල සිසුවා පාසල් ශිෂ්‍යයන්ට වඩා වෙනස් අයෙකි. ඔවුන් දැනුම සොයා යන්නන් වේ. පර්යේෂණය කර දත්ත රැස් කරන්නන් ලෙස විද්‍යාර්ථියා හැදින්විය හැකියි. එම නිසා ඔවුන්ට පර්යේෂණය කර දැනුම සොයා යාමට ඉඩ ලබා දිය යුතුයි. සියයට අසූව (80%) පැමිණීම අනිවාර්ය කිරීම තුළ විද්‍යාර්ථින්ට විශ්වවිද්‍යාලයට පැමිණීම වාර්තා කරනවා හැර අධ්‍යාපන කටයුතුවල නිරත විය නොහැකි බව මගේ මතය යි.

මානව ශාස්ත‍්‍ර පීඨය - මහේෂ්

සියයට අසූවේ පැමිණීම අනිවාර්ය කිරීම විශ්වවිද්‍යාල සිසුන්ට මානසික වදයකි. සියයට අසූව (80%)  පැමිණිම නොමති වූ විට විභාග වලට පෙනී සිටීමට නොහැකියි. විභාගයේ ලකුණු අඩු කරනවාය යන මතය නිසා සිසුන් මානසික පීඩාවට ලක් වී තිබේ. අධ්‍යාපනික කටයුතු වලින් දැඩි ලෙස පීඩාවට පත් වී සිටින සිසිසුන්ට සියයට අසූව (80%)  පැමිණීම අනිවාර්ය කිරීම ද මානසික වදයකි.

විද්‍යා පීඨය - ස`දරුවන්

විශ්වවිද්‍යාලයකට සියයට අසූව (80%) පැමිණීම අනිවාර්ය කිරීම සාධාරණ කි‍්‍රයාමාර්ගයක් නොවේ. මොකද කියනවා නම් විශ්වවිද්‍යාලය තුළ ඉගෙන ගන්නට පැමිණෙන්නේ ධනවතුන්ගේ දරුවන් නොවේ. ඉතාමත් දුෂ්කර දුප්පත් පවුල් වල දරුවන්ය. ඔවුන්ට ලැබෙන මහපොල හෝ ශිෂ්‍යාධාර මාසිත ආහාර වේල සදහා ද ප‍්‍රමාණවත් නොවේ. එම නිසා ඔවුන් විවිධ රැකියා ස්ථාන වල තාවකාලික සේවයේ නියැලෙනවා. එම නිසා සියයට අසූව (80%) පැමිණීම අනිවාර්ය කිරිම තුළින් ඔවුන් අපහසුතාවයට ලක් වේ. මොකද එකම වෙලාවක දෙතැනක පෙනී ඉන්න හැකියාවක් හෝ දස අවතාර මැවීමක් කරන්න මනුෂ්‍යයෙකුට බැහැනේ. ඒක අදාළ පාර්ශව තේරුම්ගත යුතුයි. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තට අපේ ප‍්‍රශ්න ඉදිරියේ අවශ්‍ය මුදල් හොයාගන්න ඕන අපි විතරයි. අපේ ප‍්‍රශ්න විසදලා foනවා නම් අධ්‍යයන කටයුතු පමණක් කරගෙන සියයට අසූව (80%)ඕන වාර්තා කරන්න දේශනශාලාවට ම වෙලා ඉන්න පු`ඵවන්.

වාණිජ හා කළමනාකරණ පීඨය - ස`දමාලි

විශ්වවිද්‍යාලයකට සියයට අසූව (80%) පැමිණීම අනිවාර්ය කිරීම තුළ යහපත් තත්වයන් මෙන්ම අයහපත් තත්වයන් ද මම දකිනවා ඇත්ත වශයෙන්ම අප විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමටයි. එම නිසා හැකිතාක් අධ්‍යාපන කටයුතු වලට මුල් තැනක් ලබා දිය යුතු වේ. දේශනවලට එන්නෙ නැතුව ඉගෙන ගන්න පු`ඵවන් කියලා බොහෝදෙනා කිව්වටහරි මග දැනගන්නේ දේශන අහලයි. ඒ වගේම අධ්‍යයන කරුණු පිළිබද විග‍්‍රහ කරන්නසාකච්ඡා කරන්න ලැබෙන හොද අවස්ථාවක් දේශන ශාලාව. දේශන ශාලාව තියෙන්නේ අපේ අධ්‍යයන ගැටලු නිරාකරණය කරගෙන නිවැරදි දේ විග‍්‍රහ කරගන්න. ඒ වෙනුවෙන් සාකච්ඡා කරන්න. වැඩ කරන්න. වැරදි හදුනගන්න. මොකද ඉගෙන ගෙන ඉවරවෙලා සමාජයේ වගකියන පිරිසක් විදිහට අපෙන් වැරද්දක් සිදුනොවෙන්න වැඩ කරන්න  ඕන. දේශන ශාලාවේ වැරදුනොත් හදාගන්න පු`ඵවන් අපි විද්‍යාර්ථියෝ නිසා. උපාධිය අරගෙන සමාජයේ කටයුතු කරන කොට වැරදුනොත් ඒක මු`ඵ සමාජයට ම බලපානවා. ඒ බරපතල තත්ත්වයක්.

ඒ වගේම දේශනවලට එන්න පු`ඵවන් සෙමෙස්ටර් එකේ දවස් කීපයක් විතරයි. ඒ දවස්වල පැය කීපය දේශන ශාලාවේ ඉදීමට ශාස්ත‍්‍රීය ශික්‍ෂණයක් විද්‍යාර්ථීන් වන අපට තිබිය යුතුයි. දිනපතා දේශන වලට සම්බන්ධ වී දැනුම වැඩි කර ගත යුතුයි. ලෝකය දකින්න තියෙන විවිධ රාමු ඉගෙන ගන්න  ඕන. මෙහිදී දේශනවලට එන්නේ ඇයි කියලා අවබෝධයෙන් පැමිණිය යුතුයි. විභාගය පමණක්ම හෝ සියයට අසූව (80%) සම්පූර්ණ කිරීම පමණක් අරමුණු කරගෙන දේශනවලට ඇවිත් ඇත්තෙන් ම වැඩක් නැහැ. ඊට වඩා ශාස්ත‍්‍රීය අවබෝධයකින් දේශනවලට සහභාගීවිය යුතුයි. නමුත් සියයට අසූව (80%) පැමිණීම නොමැති වේය යන බිය නිසා  විශ්වවිද්‍යාලයට පැමිණ දේශන වලට සම්බන්ධ නොවී අවබෝධයකින් තොරව කටයුතු කරනවා නම් සියයට අසූව (80%) අනිවාර්ය කිරීම පලක් නොවන බව මගේ මතයයි.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා ඔහු හෝ ඇයගේ කාර්යභාරය දන්නවා නම් දේශනවලට පැමිණීම අනිවාර්ය කිරීම අවශ්‍ය නැහැ. මේ නීතී පිටුපස ඇති බිදවැටීම අවබෝධ කරගැනීමයි වැදගත්. ලෝකෙ තියෙන සියලූ තර්ක ඉදිරිපත් කරන්න පු`ඵවන්. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ අපේ හෘද සාක්‍ෂියේ. ඒ අධ්‍යයන කටයුතුවලට අවංකව ඉටු කිරීමට අපි තුළ කොයිතරම් ශාස්ත‍්‍රීය ශික්‍ෂණයක් තියෙනවද?කියලයි.

සමනලයා                         

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday48
mod_vvisit_counterYesterday27
mod_vvisit_counterThis week182
mod_vvisit_counterLast week213
mod_vvisit_counterThis month725
mod_vvisit_counterLast month1187
mod_vvisit_counterAll days19590