''කොවිඩ් වසංගතය හමුවේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම''

මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අප අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ එහෙත් නැවතත් රට තුළ කොරෝනා වසංගතය තත්ත්වය මතුවීම හේතුවෙන් සිදුකරගැනීමට නොහැකි වූ ආරාධිත දේශනයේ දේශකවරිය වන මහාචාර්ය පියංජලී ද සොයිසා මහත්මිය විසින්,අද දවසේ කාලීන මාතෘකාවක් වන ''කොවිඩ් වසංගතය හමුවේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම''පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ පළමු වීඩියෝවයි(Episode-1). ඉදිරියේදී මේ සම්බන්ධ අනික් වීඩියෝ ( Episodes ) ද අප හට ලද සැණින් ඔබ වෙත එවීමට කටයුතු කරන්නෙම්.

රටේ පවත්නා මෙම වසංගත තත්ත්වය හමුවේ අපගේ මානසික සෞඛ්‍යය කෙසේ ගොඩනංවා ගත යුත්තේද යන්න මෙහිදී පෙන්වා දෙයි. මෙය අප අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයාන් කරුණාරත්න මහතාගේ ඉල්ලීමකට අනුව මෙම වීඩියෝ මාලාව ඔබ සදහා මෙසේ ලබා දීමට තීරණය කළ අතර, මෙය ඔබේ යහළුවන්, නෑදෑ හිත මිතුරන් අතරේද බෙදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.


අංශප්‍රධාන
දර්ශන අංශය
සමාජීය විද්‍යාපීඨය
කැලණිය විශ්වවිද්‍යාලය
2020.11.27

Episode - 1

Contacts

Department of Philosophy

Faculty of Social Sciences

University of Kelaniya

Srilanka

 T.P (+94) 0112 908778

Location

 

©{2019} Department of Philosophy. All Rights Reserved.

Search