කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය මගින් විශ්වවිද්‍යාලයේ නවක සිසුන් උදෙසා පුහුණු පාඨමාලාවක් ආරම්භ කර ඇත. "පුස්කොළ ලේඛනය තුළින් දේශීය ඥානය හදුනා ගනිමු" යන තේමාව ඔස්සේ මෙම පුහුණු වැඩසටහන පැවැත් වේ. මෙහි ආරම්භක වැඩසටහන 2025 ජූලි මස 28 වන දින පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයේදී පැවැත් විය. මෙහිදී සමාරම්භක දේශනය එහි අධ්‍යක්ෂ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.කේ වීරසිංහ මහතා විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහන් මාලාව උදෙසා නවක සිසුන් 100කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතය.
{gallery}/2025/08/01/02{/gallery}