Previous Next

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට වසර 75ක් සැපිරේ

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

මෙම වසරේ දෙසැම්බර් 23 වන දිනට යෙදෙන ලෝක මානව හිමිකම් දිනය ඉතා සුවිශේෂී දිනයක් බවට පත්වේ. මන්දයත් ලෝකයේ වඩාත්ම පෙරළිකාර ගෝලීය ප්‍රතිඥාවක් වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ (UDHR) 75 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සිදු වන්නේ ද මෙම දිනයේ දීය. ජාතිය, වර්-ණය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, දේශපාලන හෝ වෙනත් මතයන්, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත් තරාතිරම නොබලා - මනුෂ්‍යයෙකු වශයෙන් සෑම කෙනෙකුටම හිමිවිය යුතු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් මෙම ප්‍රකාශනය තුළින් තහවුරු කරයි.

මෙම ප්‍රකාශය 1948 දෙසැම්බර් 10 වන දින පැරිසියේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර ප්‍රථම වතාවට මූලික මානව හිමිකම් විශ්වීය වශයෙන් ආරක්‍ෂා කළ යුතු බවට ප්‍රකාශයට පත් වන්නේ මේ හරහායි.

භාෂා 500කට වඩා වැඩි ප්‍රමාණයකින් ලබා ගත හැකි මෙම ප්‍රකාශනය ලොව වැඩියෙන්ම පරිවර්තනය කරන ලද ලේඛනය ද වේ.

ඒ අනුව මෙවර ලෝක මානව හිමිකම් දිනය "සැමට නිදහස, සමානාත්මතාවය සහ යුක්තිය" යන තේමාව යටතේ සැමරීමට නියමිතය.

මුලාශ්‍රය - United Nations. (n.d.-b). Human Rights Day | United Nations. https://www.un.org/en/observances/human-rights-day

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search