Previous Next

සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ උපහාර උලෙළ හා ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ උපහාර උලෙළ හා ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම පෙබරවාරි 15 වන දින සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ සමාජීය විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය එම්.එම් ගුණතිලක මහතා සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාට සුභාශිංසන එක් කළහ. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානයක, රජරට විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සේන නානයක්කාර මහතා ද මෙහිදි අදහස් දැක්වූහ. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා විසින් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා වෙත විශේෂ සමරුවක් පිළිගැන්වූ අතර ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනි මහත්මිය විසින් “ඇතුගල“ උපහාර ශාස්ත්‍රීය සංග්‍රහය එතුමන් වෙත පිළිගන්වන ලදි. මීට අමතරව සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ ශාස්ත්‍රීය හා කලා ජීවිතය අළලා කථිකාචාර්ය ඉලේකා රුවන්පතිරණ මහත්මිය අධ්‍යක්ෂණය කළ වාර්තා චිත්‍රපටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.  සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ සේවය අගයමින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවෙන් එහි කොමසාරිස් නිරෝෂන් තඹවිට මහතා ද විශේෂ සමරුවක් ප්‍රදානය කළේ ය. මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු, අංශ ප්‍රධානවරු, ආචාර්යවරු, විද්‍යාර්ථීන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන් ම අනෙකුත් විශ්වවිද්‍යාලවල ආචාර්යවරු සහභාගී වූහ. එමෙන් ම කලා ක්ෂේත්‍රය නියෝජනය කරමින් කලාකරුවන් පිරිසක් ද සහභාගී වීම විශේෂත්වයකි.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search