• PDF
  • Print
  • E-mail

නිදහසේ හිතන්නෙ කවද්ද බොලව් ?

Lecture පලයව්. ඉගෙන ගනියව්. Assignment කරපියව්. මකබෑවිලා හරි first class එකක් ගනියව්. මේකද බොල මහ උජාරුවට කියන campus ජීවිතේ. කවද්ද නිදහසේ ජීවත් වෙන්ට වෙන්නෙ. ජීවිතේ හො`දම හරිය මේවට යටකරන කොට අනිත් ටික ගෙවන්ට වෙන්නෙ හුස්ම ඇද ඇද තමයි. ආසාවට කට්ටිය එක්ක ටිකක් එකතු වෙලා සතුටින් සිංදුවක් හරි කියන්ට කොහෙද වෙලාවක්. හැති අරින ඌරෝ ටික වගේ කොල්ලො කෙල්ලන්ගේ වැඬේ එහාට මෙහාට දුව දුවා චයදඑද ජදචහ ප්ජයස photo copy machine බැ අයියන්ඩිගෙ මඩිය තර කරන එක. ඇයි ඉතින් note දෙන්න semester එක මදිනෙ කාට කාටත්.

 ඕන් ඉතින් semester එක පටන් ගත්තහම අර 80%කියලා එකක් mark කොරනවා කීවම කොල්ලො කෙල්ලො උදේට ඔහෙ යනවා පණ ඇද ඇද. තෙල් බැම්මේ ටිකක් ඈ`දිගෙන බලන් හිටියම ඒක කාට කාටත් පෙනෙයි. මොන කරුමයක්ද මේ කිය කියා යනකොට ඉතින් එකෙක් දෙකෙක් කකුල් පූට්ටු වෙලා වැටිලා ඉන්නකොට උන් පාගාගෙන යන්ට තමයි අනිත් එවුන්ට උගන්නලා තියෙන්නේ. ඇයි නැත්නම් first class එක හීනයක් වෙනවනෙ. ඇයි පුස්තකාලෙ කියාලා පොත් එහෙම තියෙන තැනකුත් තියෙනවා මේ කැම්පස් වල. පොත් හොයන්ට ගියහම ඒවගෙ පොත් කියලා ඒවා තිබුණට සමහර තැන් වල රාක්කෙ හිස්. මට හිනත් යනවා  ඕයි මේවා අහනකොට. බු හහ්ඃ හහ්ඃ හා. ඇයි ඒවා ගනියි කියාලා අර කථන්දර පොත් අස්සේ හංගලානේ. හයියෝ මෙහෙම ඉරිසියාවක්. මෙවුන්ටත් හරියනවනෙ. ඇයි ඉතින් first class අරුත් ගත්තොත් කියලා කොල්ලො කෙල්ලොන්ට දීලා තියෙන පීඩනේක මහත.

මොන ම`ගුලක් වෙන්ට කියාලා හිතාගෙන විභාගෙ ළ`ග එනකොට ඉතින් පුරවපියව්කො A4 කොළ. ලියනවා ලියනවා type කොරනවා කොරනවා ඉවරයක් නැතුව කන්නෙ බොන්නෙත් නැතුව නිදි මර මරා assignment පුරවනවා.

‘‘අම්මෙ කතා කරන්ඩ එපා මට වැඩ. ගෙදර එන්නම් මේවා ඉවර වුණාම. දැන් චයදබැ එක තියන්ඩකො ඉක්මනට"

ඔන්න එතකොට කොල්ලො කෙල්ලන්ගෙ උත්තර. ඇයි කොකුත් එක්ක කතා කොරන්ට වෙලාවකුත් නැති නිසා උන් එක්කත් හැමදාම වලි. දෙයියන්ගෙ නාමෙට මෙච්චර නැහි නැහි නිදහසකුත් නැති ජීවිතේ ඇති තේරුම මොකක්ද? stydylive එකේ පාඩම් කොරන්ට තියෙන කාලෙත් අනේ කොල්ලො කෙල්ලන්ට වෙලා තියෙන්නෙ තියෙන්නේ assignment හු`ග කොරන්ට. යකෝ ඉගෙන ගන්නවා කියලා නිදහසේ හුස්මක්වත් ගන්ටත් නැති ජීවිතෙන් ඇති වැඩක්ද?හිතපන්කො ටිකක්. එහෙම හිතුව කට්ටියක් තමයි මට මෙහෙම කිව්වෙ.

මකරි

අනේ වැඩ වැඩි එක ගැන නම් කථා කරන්නත් එපා. මොකද  ඕකට උත්තර දෙන්න යන කාලෙත් මට වටිනවා  ඕවා ගැන කියනවට වඩා. Assignment කරන්න දෙනව නම් පිටු ගාණ සීමා කරන්න  ඕන. අරයා පිටු 100ක් ලියනකොට අනිත් එකා පිටු 200ක් විතර ලියනවා. ඇයි තරෙ`ගනෙ. ඒ assignment එක දීලා  hard copy එකයි soft copy එකයි දීලා තව presentation කරන්නත්  ඕන. ඔය ඔක්කොම කරන්නෙ කොහොදමද විෂයන් ගොඩක් එක්ක. මේවා ටිකක් ලිහිල් කරනවනම් හො`දයි.

හූනි

කැම්පස් එකක් කියන්නෙ ඉස්කෝලයක් නෙවෙයි. ඉස්කෝලෙදි තව මීට වඩා භාහිර වැඩ කරා අපි. අපේ දක්ෂතා දැන් ක්ෂය වෙලා. ඒවා කරන්ට කොහෙද වෙලාවක්. මං නම් දන්න කෙනෙක්ටවත් කැම්පස් එන්න කියන්නෙ නෑ. නිදහසේ හිතන්ට තියා මං දැන් මාස 3කින් ගෙදර ගියෙත් නෑ. රස්සාවක් කරන්ට වි`දින දුකක්.

`ගරි

කොච්චර වැඩ තිබ්බත් හැම දේම balance කරගන්න  ඕන.  ඕනෑවට වඩා ඔළුවට ගත්තාම කිසි දෙයක් හරියට කරගන්න බෑ. වැඩ වැඩි වුණා කියලා අපේ නිදහස අපි ගන්න  ඕන. පීඩනයෙන් වැඩ කරනවට වඩා ඒ තියෙන වැඩ ජොලියෙන් කරන නිසා මට වැඩ වැඩියි කියලා තේරෙන්නෙ නෑ. කොහොමත් ඒ වැඩ අපි කරන්න  ඕන දේවල්නෙ.

මේක කියවා කියවා හිටියා කියලා වැඩක් වෙන්නෙ නෑ යකෝ. දැන්වත් ගිහින් විභාගෙට පාඩම් කොරපන්. නැත්නම් ගිහින් නිදාගනින්. මොකද ඒ වෙලාවෙ හරි උඹෙ යාළුවා වැඩිපුර ලකුණු ගත්තොත් එහෙම තොට හුළං තමයි.

බකතපස්

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday51
mod_vvisit_counterYesterday27
mod_vvisit_counterThis week185
mod_vvisit_counterLast week213
mod_vvisit_counterThis month728
mod_vvisit_counterLast month1187
mod_vvisit_counterAll days19593