• PDF
  • Print
  • E-mail

”මහජන හා මාධ්‍ය සම්බන්ධතා” ඩිප්ලෝමා පාඨමාලාවේ ප‍්‍රථම කණ්ඩායමට සහතික පත‍්‍ර ප‍්‍රදානෝත්සවය සහ දෙවන කණ්ඩායමේ සමාරම්භක උළෙලකැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ආරම්භ කළ ”මහජන හා මාධ්‍ය සම්බන්ධතා” ඩිප්ලෝමා පාඨමාලාවේ, 2013 වසරේ ප‍්‍රථම ඩිප්ලෝමාධාරීන්ට සහතික පත‍්‍ර ප‍්‍රදානෝත්සවය හා එහි 2015 දෙවන කණ්ඩායමේ සමාරම්භක උළෙල 2015 ජනවාරි මස 18 වන දින සමාජීය විද්‍යා පීඨ මණ්ඩල රැුස්වීම් ශාලාවේදී පැවැත්විණ. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා සහ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයද සහභාගී වූහ. මෙහිදී ප‍්‍රධාන දේශනය සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසින් සිදුකරනු ලැබිණ.

 

 

Last Updated on Tuesday, 20 January 2015 12:44