alt

කවුද ? බුද්ධිමතුන් ?????

ඔන්න පණ්ඩිත ට  හිතුණා විශ්වවිද්‍යාලය වටේ රවුමක් ගහල බලන්න මේ ලගදී. අනේ හිත සන්තෝසෙන්  පිරිලා ඉතිරිලා යනවා මේ දර්ශන දැක්කම. කොල්ලෝ ටික සෙට් වෙලා අට්ටලේ ගාව. අම්මා.... මෙන්න බොලේ ස්වාමින් වහන්සේලා වටලලා පරිපාලනේ. හීනියට පණ්ඩිතට හිනාවකුත් ගියා. සරදමට නෙවේ. ඇයි පරිපාලනේ ඉන්න උත්තමයන්ට මේ ගැටලුව නොතේරෙන්නේ කියා. මේ තරම් ශිෂ්‍යයෝ කියන කරනවා ගණන් නොගන්නේ ළමයි  එක්ක තියන තරහක් නිසාදෝ කියල පණ්ඩිතට වෙලාවක හිතෙනවා.

කොටින්න ගත්තම හාමුදුරුවන් වහන්සේලා කියන කතාව සර්ව සාධාරණීකරණය  කරන්න පණ්ඩිත ට  කිසිම වුවමනාවක් නෑ. පණ්ඩිත මේක ලිව්වා කියල පණ්ඩිත ට  සතයක  දෙයක් හම්බ වෙන්නෙත් නෑ.

අපි ඔක්කොම විශ්වවිද්‍යාලයට බදවා ගන්නේ ඉසඩ් අගය පදනම් කරගනයි. හොදට හොයල බැලුවොත් දැන  ගන්න ලැබෙයි මේ ඉසඩ් අගය ගැන. මෙය හදුන්වාදීම 2001 වර්ෂයේදී සිදුවුණත් එය  පුදුමාකාර ගැටලු කන්දරාවක් පැමිණියා. එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පවා ගෙන යාමට සිදු වුණා. කොහොම හරි A 3  ක් තිබ්බ කියල කලා විෂය ධාරාව යටතේ පෙනී හිටපු අයට විශ්වවිද්‍යාලය පැමිණීමට හැකියාව ලැබුණේ නැහැ. එයට හේතුව ඉසඩ් අගය යටතේ යම් යම් විෂයයන් සදහා බර තැබීමක් සිදුකර එය ඉසඩ් සුත්‍රයට දමා ගණනය කර ප්‍රතිඵල ලබාදීමක් සිදු වුණා. එවිට පාලි, නර්තනය, සංගීතය, සංස්කෘත, සිංහල, වැනි විෂයයන් බහුතරයක බරතැබීම් ඉතා අඩු අගයක් බවට පත් වුණා පණ්ඩිත දන්නා විදිහට. එත්  එක්කම භූගෝලය, ඉතිහාසය,ආර්ථික විද්‍යාව  යන විෂයන් වල ඉසඩ් අගය ඉතා අසාමාන්‍ය ලෙස වැඩි වුණා .

ඔන්න එවිට ළමයින්ට  A 3 ක් ගත්ත කියල විශ්වවිද්‍යාලයට එන්න බෑ. 2006 වස‍රේදීත් ඉසඩ් අගය ගැන ගැටලුවක් ඇති වුණ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ, ඉසඩ් අගය මත පදනම් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුල් කරගන්න ළමයි කළ විෂය ධාරාව යටතේ පැණි සිටින විට නම් කරන විෂය හැරෙන්නට අනෙකුත් විෂයන් ළමයිනට ස්ව කැමැත්ත මත තොර ගැනීමට අවකාශය ලබා දිය යුතුයි කියලයි.

2011 වසරේදී නව විෂය හා පරණ විෂය ධාරා අතර ඇතිවුණ දැවැන්ත ගැටලුවේදී පවා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර සිටියේ ඒ ආකාරයටයි .පණ්ඬිතට මේ ගැන හොද අවබෝධයක් තියෙන්නේ, මේ සිදුවීම් පණ්ඩිත හොරෙන් බලන් ඉදපු නිසා.

හොදයි මේ හාමුදුරුවන් වහන්සේලාගේ ගැටලුවේදී මතුවන කාරණය කැලණිය විශ්වවිද්‍යාල බලධාරීහු ඉසඩ් අගය නිසා A 3 ක් ලබාගත් ළමයිනටත් විශ්වවිද්‍යාලය සදහා ඇතුළත් වීමට අවස්ථාව ලබාදී තිබු අතිරේක ප්‍රවේශය අහෝසි කර දැමීමයි.

පණ්ඩිත ට ලොකු ගැටලුවක් තියනවා.

 ‘‘පරිපාලනයේ මහතුනි, A 3 ක ප්‍රතිඵලයක් අරගන විශ්වවිද්‍යාලයට ඇතුලත්වන අය  සීමිතයි. අතිරේක ප්‍රවේශය යටතේ ස්වාමින් වහසේලා ඇතුළත් කරන විට සම්ප්‍රදායක විෂයන් නිසා වැඩි  ප්‍රතිඵලයක් ලබාගෙන තිබුනත් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය නොහැකියි. ඒ අතර අර A3 ලබාගත් අය ද සිටියි. ඔවුන්ට ඔබ කුමක්ද කියන්නේ ද? ඔවුන්ට ඔබ ලබාගැනීමට කියන ප්‍රතිපලය කුමක්ද? A3 ට  වඩා  ලබාගත යුතු තවත් ප්‍රතිඵලයක් තිබේද ....?

අප බුද්ධිමතුන් මිස කිරට බාලයන් වුවන් නොවේ. ඔබ මේ සිදුකර ඇත්තේ ද නීති විරෝධී ක්‍රියාවකි. මේ ශිෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කඩ කිරීමකි. වහාම ඔබ අතින් සිදුව ඇති මේ වරද නිවැරදි කරන මෙන් පරිපාලනයේ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමි. පණ්ඩිත ඔන්න ඔහොමයි කිව්වේ.

                                                                                                              මේක ලිව්වෙත් පණ්ඩිත ම තමයි. 

ජනපි‍්‍රය සංස්කෘතියේ  අහිතකර  බලපෑම

කාර්මීකරණය  ලෝකයට  බොහෝ  දෑ  දායාද  කරන්නට  සමත්  විය. කාර්මීකරණය  නිසා  ඇති  වූ  මාධ්‍ය  සංස්කෘතියේ  නවාංගයක්  වශයෙන්  ජනපි‍්‍රය  සංස්කෘතියක්  ද  අපට  උරුම  විය. ජනපි‍්‍රය  හෙවත්  Popular යන්නෙහි  අර්ථය  සරල zජනයා  සමඟ රැඳිuයන්නයි. ජනයා  සමඟ  රැඳෙමින්  බහුතරයේ  කැමැත්තට  ලක්  වූ  සංස්කෘතිය  ජනපි‍්‍රය  සංස්කෘතියයි.

ජනයා  සමඟ  රැුඳෙමින්  ජනපි‍්‍රය  සංස්කෘතිය  ජනයාට  උරුම  කර  දුන්  දේ  එමට ය. අපූර්ව  වූ  විනෝදාශ්වාදන  ක‍්‍රමෝපායයන් , සිරිත්  විරිත්  සමුදායයක්චාරිත‍්‍ර  වාරිත‍්‍ර , නව  ආහාර  රටා, විලාසිතා , නව  වාග්  රටා ,නවතම  මිල දී  ගැනීමේ  හා නිෂ්පාදන  රටා , නවමු  අවශ්‍යතා.. යනාදී  බොහෝ  අංග  පවත්නා  සංස්කෘතියට  එක් කරන  ලදී. මෙම  සියලු  අංග  ජනපි‍්‍රය  සංස්කෘතිය  ජනතාවට  ලබාදෙන  අතර  එහි  බලපෑම  සර්ව  සුභවාදී  නොවේ.  මුළුමනින් ම  අසුභවාදී  ද  නොවේ. එහෙත්  ජනපි‍්‍රය  සංස්කෘතියේ  පහස  ලබන  අප  සියලු  දෙනා  එහි  යහපත්  මෙන්ම  අයහපත්  ආදීනව  ද  දැන  සිටිය  යුතු ය.

ජනපි‍්‍රය  සංස්කෘතිය  පවත්නා  සංස්කෘතියට  නව  ලක්‍ෂණ  සමීප  කරමින්  වර්ධනය  වේ. ඒ  අනුව  අපේ  ආහාර  සංස්කෘතිය  මුළුමනින් ම  ජනපි‍්‍රය  සංස්කෘතිය  විසින්  ආක‍්‍රමණය  කර  ඇත. සමබර  ආහාර  වේලක්  වෙනුවට  කුස  රවටන  ආහාර  වේලක්  පැමිණ  ඇත. චූං පාන්  පසුගිය  කාල  සීමාවේ  ජනපි‍්‍රය  අංගය යි. පොඩි  බඩගින්නට.., ”පොරක්වෙන්න..,දඩි බිඩි  ගාලා  ලොකු  වෙන්න., ජනප‍්‍රිය  සංස්කෘතිය  තුළ  ක්‍ෂණික  විසඳුම්  ඇත. මේ  අනුව  ජනප‍්‍රියතාව  විසින්  නිර්දේශ  කළ  ආහාර  රටාවකි  අපට  පවතින්නේ. මෙහි  ප‍්‍රතිඵලය  ශක්ති  සම්පන්න  බවින්  තොර ජාතියක්  බිහිවීම ය. නිරෝගී  බවින්  තොර  ජාතියක්  බිහි  වීම ය.

තව ද  ජනපි‍්‍රය  සංස්කෘතිය  ඔස්සේ  පැමිණි  විලාසිතා  රැුල්ල ද  අවධානය  යොමු  කළ  යුතු  අංගයකි.  හුදු  විලාසිතාවක්  ම  බවට  පත්  වී  ඇති  ගත  දැවටි  වස්ත‍්‍රය  වර්ථමානයේ  ඇඳුමක  කාර්ය  භාරය  ඉෂ්ඨ  නොකරයි. ජනපි‍්‍රයත්වයට  මුවා  වෙමින්   තරුණ  තරුණියන්ගේ  විලාසිතා  අන්තයටම  පිරිහී  ගිය  යුගයක්  එළඹ  ඇත. ලිංගික  අපරාධ  වැඩිවීමට  මෙය  බලපා  ඇත. විශේෂයෙන්  ම  තාරුණ්‍යයේ  හැඟීම්  ¥ෂණය  කරමින්  තාරුණ්‍ය  විනාශ  කරවයි. ජනමාධ්‍ය  හා  නව  මාධ්‍ය  මගින්  මෙම  ජනප‍්‍රිය  සාධක  බහුල  ව  හුවා  දක්වයි.

එපමණක්  නොව  වර්ථමානයේ   ජනමාධ්‍ය  මගින්  ඉදිරිපත්  කරන  ජනප‍්‍රිය  වැඩසටහන්  ජනතාව  වෙත  අසහනයක්  ලඟා  කරයි .ඔවුහු  ජනතාව  තුළ  විකෘති  ආශාවන් ,ආතතීන්  නිර්මාණය  කරති. ඇතැම්  ජනපි‍්‍රය  ගුවන්විදුලි  වැඩසටහන්  ඉදිරිපත්  කරන  නිවේදක  නිවේදිකාවන්  වෙත  සමීප  කරන්නේ  යහපත්  ආකාරයක  විනෝදාශ්වාදයක්  හෝ  ඥානයක්  නොවේ.ගුවන්විදුලියෙන්  ශ‍්‍රාවකයන්  සමඟ  තොදොල්  වන  ඇතැම්  චරිතවල  අරමුණ  කුමක්ද  යන  ප‍්‍රශ්නය  පැනනගී .කෙසේ  වෙතත්  මෙහි  අවසන්  ප‍්‍රතිඵලය  උන්මත්තක  භාවයට  පත්  ශ‍්‍රාවක  සමාජයක්  ගොඩ නැගීම ය.

ජනප‍්‍රිය  සංස්කෘතිය  තුළ  තරු  සංකල්පයට ද  සුවිශේෂී  ස්ථානයක්  හිමි  වෙයි. වර්ථමානයේ  පවතින්නේ  එක  රැුයින්  තරු  බිහිවන  යුගයකි.  අනුන්ගේ  නිර්මාණ  කොපි  කරන  යුගයකි. ීඵී  මගින්  ක්‍ෂණයකින්  ජනප‍්‍රිය  වන  යුගයකි. කෙසේ  වෙතත්  ඒ හා  සාපේක්‍ෂ ව  ඔවුන්ගේ  ජනපි‍්‍රයත්වය  හීන  වන්නේ  ද  ක්‍ෂණයකිනි.මෙහි  අහිතකර  ම  තත්‍වය  වන්නේ  තාරුණ්‍යයේ  දක්‍ෂතා  හෑල්ලුවට  ලක්  වීම යි. තාරුණ්‍ය  ඉච්ඡුාභංගත්වයට  පත්  වීමයි.  තව ද  මං  පොර  සංකල්පයත්  සමඟ හිස්  උදුම්මා ගන්නා  ජනකාන්ත  තරු  ස්ව  ශක්තිය  වර්ධනය  කර  නොගනිති. යථාර්ථයෙන්  මිදී  ගිය , සිහින  ලෝක වල  කල්  ගෙවන  තාරුණ්‍යයක්  ජනපි‍්‍රය  සං්කෘතිය  විසින්  බිහි  කර  හමාර ය.

ජනප‍්‍රිය  සංස්කෘතිය  හරහා  අපගේ  වාග්  කෝ්ෂයට  ඇද වැටුණු  වචන  රාශියකි. කික්  තමයි, පට්ට  පට  පට, පොර, කෑල්ල...ආදී  වශයෙන්  හර සුන්  වචන  රාශියක්  ජන වහරට  එක්  වී  ඇත. තාරුණ්‍යයට  මේවා  ජනපි‍්‍රය  බවෙහි  සංකේත ය.  එහෙත්  ඉන්  අපහසුතාවට  පත්  වන්නේ  වැඩිහිටි  ප‍්‍රජාව ය. දරුවන්ගේ  හැසිරීම, අරමුණු  ආදිය දෙමාපියන්ට  නොතේරීම  තුළ  මා පිය  ¥ දරු  සබඳතා  දුරස් වේ.

මේ  ආකාර  වූ  ජනපි‍්‍රය  සංස්කෘතියේ  අහිතකර  බලපෑම  මෙපමණකින්  කියා නිම  කළ  නොහැකි ය. සමාජ  රුචිකත්වය ,දැක්ම, ප‍්‍රමුඛතාව, න්‍යාය පත‍්‍රය  යන  සියල්ල ම  ජනප‍්‍රිය  ලේබලයෙහි  ලා  ජනතාවට  සමීප  කරන  යුගයක  අප  සවිඥාණික  විය  යුතු ය.

                                                                                 පී.ජී.ආර්.අයි.එස් පේ‍්‍රමරත්න

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday77
mod_vvisit_counterYesterday85
mod_vvisit_counterThis week219
mod_vvisit_counterLast week499
mod_vvisit_counterThis month2199
mod_vvisit_counterLast month2483
mod_vvisit_counterAll days17434