Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

 

ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ යුනික් රේඩියෝ (Unik Radio) මැදිරියේ විකාශන කටයුතු නැරඹීමට පසුගියදා (6) සියනෑ ජාතික පාසලේ මාධ්‍ය ඒකකයේ ශිෂ්‍ය පිරිසක් හා ගුරුභවතුන් පිරිසක් එක්වූහ. මෙහිදී යුනික් රේඩියෝ විකාශන කටයුතු නැරඹීම මෙන්ම සරසවි සිසුන් සමග වෙබ් රේඩියෝවේ වැඩසටහන් ආකෘතිය පිළිබද දැනුවත් වීමට ද යුනික් රේඩියෝවේ සජීවී වැඩසටහනකට සම්බන්ධ වීමටද ඔවුන්ට අවස්ථාව ලැබුණි.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ යුනික් රේඩියෝ සංගමයේ (Unik Radio Club) නවක නිලධාරීන් පත් කිරීම පසුගියදා ( 29) අධ්‍යයනාංශයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේදී සිදු විය. මෙම අවස්ථාවට අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා, යුනික් රේඩියෝ සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර මහතා සහ සහකාර කථිකාචාර්යවරුන් සහභාගී වූ අතර යුනික් රේඩියෝ සංගමයේ සියලු විද්‍යාර්ථීන් ද සහභාගී වූහ.

නවක නිලධාරීන් පත් කර ගැනීමෙන් අනතුරුව යුනික් වෙබ් රේඩියෝව ප්‍රවර්ධනය, වැඩසටහන් ආකෘතිය ඇතුළු ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන්සාකච්ඡා විය.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search