Previous Next

සහෘදානන්දයේ රාත්‍රිය 2018

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ජනසන්නිවේදන (ගෞරව) උපාධිය හැදෑරීමට තෝරා ගැණුනු ජනසන්නිවේදන (ගෞරව) ප්‍රථම වසර විද්‍යාර්ථින් පිළිගැනීමේ සාදය 2018 ජුනි මස 11 වැනි දින K2 002 ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජනසන්නිවේදන (ගෞරව) උපාධිය හදාරන දෙවැනි වසර විද්‍යාර්ථින් විසින් මෙම පිළිගැනීමේ සාදය සංවිධානය කර තිබූ අතර මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතාය.

මෙම පිළිගැනීමේ සාදය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මෙන්ම ජනසන්නිවේදන (ගෞරව) උපාධිය හදාරන සියලුම විද්‍යාර්ථින්ට විනෝදජනක අත්දැකීමක් විය.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search