Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The Department of Mass Communication, University of Kelaniya, hosted a guest lecture by Prof. Manual Selvaraj Bexci, Dean of the School of Social Sciences, Arts, Psychology, and Humanities at Lincoln University College, Malaysia. The event, held on December 10, 2025, at the Social Sciences Faculty New Auditorium, focused on ‘Identifying Research Readiness in Media and Communication Studies.’

Prof. Bexci, an expert in medical journalism, health communication, ICT-based health models, political economy, and cultural heritage communication, highlighted key competencies required for emerging researchers and discussed the evolving challenges of conducting media and communication research in the digital era.

The session was warmly welcomed and attended by Dr. Manoj Jinadasa, Head of the Department of Mass Communication; Dr. Achala Abeykoon, Research Unit Coordinator; Dr. Mangala Keerthy Pasquel; Senior Lecturer Amali Uthpala Nandasiri; and Lecturers Ayesh Wijesinghe, Dasini Madurasinghe, Sudesh Abeynayaka, Janani Pamodya, Nipuni Bagya, and Hansika Sewwandi, along with other academic staff. Academics from the Departments of International Studies and Archaeology, including Prof. Chaminda Abesinghe and Prof. Chandima Bigahawatta, were also present.

Lecturer Dasini Madurasinghe compered the event, while Dr. Manoj Jinadasa led the panel discussion following the lecture. Both undergraduate and postgraduate students from Mass Communication, Public Relations, and Media Management participated actively.

Importantly, the guest lecture was coordinated by Nithya Sewwandi, an MPhil postgraduate of the Department of Mass Communication, who is also a postgraduate supervisee of Prof. Bexci at Lincoln University Malaysia.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලාංකේය ගුවන්විදුලිය සියවස් සැමරුම නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මඟින් සංවිධානය කරනු ලද දේශන මාලාවේ පළමු දේශනය, “ගුවන්විදුලි සන්නිවේදන සියවස සහ පූරක යුග” මැයෙන් ආරාධිත දේශනක්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පර්යේෂණ, පුහුණු සහ විදේශ සබඳතා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමාලි උත්පලා නන්දසිරි, සහකාර කථිකාචාර්ය හංසිකා සෙව්වන්දි, සහකාර කථිකාචාර්ය නිපුණි භාග්‍යා, සහකාර කථිකාචාර්ය ජනනි පමෝද්‍යා ඇතුළු ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ගෞරව උපාධි පාඨමාලාවේ පළමු හා දෙවන වසර විද්‍යාර්ථිහු සහභාගි වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා ගුවන්විදුලියට සියවසක් සපිරීම නිමිත්තෙන්, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ යුනික් රේඩියෝ සංගමය මඟින් සංවිධානය කරන ලද “අභිසර අභිමන්” ගුවන් විදුලි සියවස් සැමරුම (1925-2025) 2025 දෙසැම්බර් මස 16 වන දින කැලණිය විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලාංකේය ගුවන්විදුලියේ උන්නතිය උදෙසා සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ සම්භාවනීය ආරාධිතයන් 12 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, මෙහිදී සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, කරුණාරත්න අමරසිංහ මහතා, හඩ්සන් සමරසිංහ මහතා, විජේරත්න වරකාගොඩ මහතා, චන්දන තිලකරත්න මහතා, විජය කොරයා මහතා, ආචාර්ය ගාමිණී කාරියවසම් මහතා, පී.එල්. ධර්මවර්ධන මහතා, ආචාර්ය ලයනල් පින්තු මහතා, ග්‍රේස් තෙන්නකෝන් මහත්මිය, විසාලාක්ෂි හමීඩ් මහත්මිය සහ ඤය් රහීම් ෂහීද් මහත්මිය ඇගයීමට පාත්‍ර වූහ.

ශ්‍රී ලංකා ගුවන්විදුලියට සියවසක් සපිරීම සනිටුහන් කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද සමරු කලාපයක් එළිදැක්වීම මෙම අවස්ථාවේ දී සිදු වූ සුවිශේෂ කර්තව්‍යක් විය. තව ද, මෙම අවස්ථාවට පැමිණි ගෞරවනීය ආරාධිතයන් ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ක්ෂේත්‍රයට කළ අමිල සේවය අගයමින් ඔවුන් වෙත සමරු පළක හා තිලිණ ප්‍රදානයක් ද මෙහි දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්. එම්. ගුණතිලක මහතා, ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස මහතා ඇතුළු ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, සමාජීය විද්‍යා පීඨයේ අංශ ප්‍රධානීන්, සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨවල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්, මාධ්‍යෙව්දීන් සහ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search