කැලණිය විශ්වවිද්‍යාලයේ, ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් ක්‍රියත්මක සන්නිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2025 (හය වන කණ්ඩායම) සමාරම්භක උලෙළ ජූනි මස 15 ඉරු දින කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
"මහජන සම්බන්ධතාව, සන්නිවේදනය හා සම්ප්‍රදාය" මැයෙන් සමාරම්භක උලෙළේ මුඛ්‍ය දේශන, සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා විසින් සිදු කෙරිණි.
මෙම සමාරම්භක උලෙළට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතා සහභාගී විය.
මෙම අවස්ථාවට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස මහතා, ආචාර්ය මාපා තිලකරත්න මහතා, සන්නිවේදනය හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමාලි උත්පලා නන්දසිරි මෙනවිය, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ ආචාර්යවරු හා උසස් ඩිප්ලෝමා අපේක්ෂකයින් සහභාගී වූහ.