කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨය මගින් පවත්වනු ලබන ශාස්ත්‍රපති ( MA) හා සමාජීය විද්‍යාපති(MSSc) පාඨමාලාවන්හි 24 වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් මස 7 වන දින උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත්විණි.
උත්සවයේ ප්‍රධාන දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා විසින් පවත්වනු ලැබූ අතර සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතා, අංශ ප්රධානවරු සම්බන්ධීකාරක වරු ඇතුළු පීඨයේ ආචාර්ය මණ්ඩලය ඊට සහභාගි වූහ.
ලේඛකාධිකාරී කේ. කේ. කේ. ධර්මතිලක, සමාජීය විද්‍යා පීඨයේ සහකාර ලේඛකාධිකාරී නාලික කන්දෙවත්ත සහ පශ්චාත් උපාධි අපේක්ෂකයෝ ඊට සහභාගි වූහ. ජනසන්නිවේදන ශාස්ත්‍රපති සහ සමාජීය විද්‍යාපති පාඨමාලාවන්ට අදාල දේශන 2023. 10. 22 (ඉරිදා) පෙරවරු 09.00 ට අධ්‍යයන අංශ පරිශ්‍රයේදී අරම්භ වීමට නියමිතයි.
- Department news
-
COMMENTS
- Hits: 685