Previous Next

“සන්නිවේදන” සමයුරු ප්‍රතිනිරීක්ෂණ ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ප්‍රකාශනයක් වන “සන්නිවේදන” සමයුරු ප්‍රතිනිරීක්ෂණ ශාස්ත්‍රීය සංග්‍රහයේ පළමු කලාපයේ පළමු වෙළුම 2025 ජනවාරි මස පළමු වැනි දින කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියට හා සමාජීය විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය එම්. එම්. ගුණතිලක මහතාට පිරිනැමීම සිදු විය.

මෙම අවස්ථාවට ශාස්ත්‍රීය සංග්‍රහයේ උපදේශක, ජනසනනිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ, ප්‍රධාන සංස්කාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් සහ සහය සංස්කාරකවරුන් වන කථිකාචාර්ය දිලිනි ගමගේ හා කථිකාචාර්ය අයේෂ් විජයසිංහ එක් වූහ. එමෙන්ම සංස්කරණයෙන් සහය දැක් වූ සහකාර කථිකාචාර්ය හංසනී ජයවික්‍රම, සහකාර කථිකාචාර්ය මහේෂා පියුමාලි, කනිෂ්ඨ අධිශිෂ්‍යත්වලාභී දිමුතු ජි​නසේන සහ නිසංසලා අබේගුණසේකර ද මෙම අවස්ථාවට එක්වූහ.

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search