ජනමාධ්‍ය පුහුණුකරු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී. දොඩාවත්ත මහතාගේ සම්පත් දායකත්වයෙන් විශේෂාංග ලිපි රචනය පිළිබඳ වැඩමුළුවක් 27 (සදුදා) වන දින කැලණිය විශ්විද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්විණි.
ජනසන්නිවේදනය හදාරන විද්‍යාර්ථීන්ගේ ලේඛන කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සන්නිවේදකයා සඟරාවේ සංස්කාරක මණ්ඩලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණු අතර මෙයට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා හා සහකාර කථිකාචාර්ය සකීෆ් සාම් හා සහකාර කථිකාචාර්ය නිසංසලා අබේගුණසේකර යන අය ද ජනසන්නිවේදනය හදාරන විද්‍යාර්ථීන් ද සම්බන්ධ විය.