Previous Next

මහජන සම්බන්ධතාව යන තේමාවෙන් පැවැති දේශනයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සන්නිවේදන, මහජන සම්බන්ධතා හා මාධ්‍ය උපදේශක සහ ක්‍රියේටිව් කොන්ග්‍රස් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අර්ෂාද් නජුදීන් මහතාගේ විශේෂ ආරාධිත දේශනයක් අද දින කැලණිය විශ්විද්‍යාල, සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්විණි.

මහජන සම්බන්ධතාව යන තේමාවෙන් පැවැති මෙම දේශනය කැලණිය විශ්විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශ ගෞරව උපාධි, දෙවන වසර ශිෂ්‍යන්ගේ අලෙවිකරණය හා දැන්වීම්කරණය විෂය ඒකකයට අදාළ ඇගැයුම් ක්‍රියාකාරකමක් වශයෙන් සංවිධානය කර තිබුණි. දේශනය සඳහා විද්‍යාර්ථීන්ට අමතරව ජනසන්නිවේදනය අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඉලේකා රුවන්පතිරණ හා සහාය කථිකාචාර්යය සකීෆ් සාම් සහ නිසංසලා අබේගුණසේකර යන අය සහභාගී වී සිටියහ.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search