Previous Next

“එකසිය පනස් හතර” නම් කුළුදුල් කාව්‍ය සංග්‍රහය එළි දැක්වී​ම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජන සන්නිවේදනය තෙවන වසර ගෞරව උපාධිය හදාරන ඉසුරු ශ්‍රී බණ්ඩාර ඊරියගොල්ලගේ “එකසිය පනස් හතර” නම් කුළුදුල් කාව්‍ය සංග්‍රහය 2023 සැප්තැම්බර් මස 6 වැනි දින සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී එළි දැක්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා සහ ප්‍රධාන දේශකයා ලෙස සිංහල අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා සහභාගි විය. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා,  ආචාර්ය මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search