Previous Next

බහු කැමරා නිෂ්පාදන වැඩසටහන 2024

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) දෙවන වසර සිනමා සහ රූපවාහිනී මාධ්‍ය අධ්‍යයනය-11 විෂය ඒකකයට අදාළ බහු කැමරා නිෂ්පාදන වැඩසටහන් පසුගියදා (02) උදෑසන සිට ජනසන්නිවේදන ශ්‍රව්‍ය දෘෂ්‍ය මැදිරියේදී පැවැත්වුණි. ඒ සඳහා විද්‍යාර්ථීන් විසින් වැඩසටහන් 6 ක් නිෂ්පාදනය කරන ලදී. අධ්‍යක්ෂණය,නිෂ්පාදනය, කැමරාකරණය ,කලා අධ්‍යක්ෂණය යනාදිය පිළිබද මනා පුහුණුවක් ලබා ගැනීමට මෙහිදී විද්‍යාර්ථීන් සමත් විය. මේ සදහා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න මහතා විසින් උපදේශකත්වය ලබා දුන් අතර අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය සතුශ්ක ජයවර්ධන,සහකාර කථිකාචාර්ය දිමුතු ජිනසේන, සහකාර කථිකාචාර්ය නිසංසලා අබේගුණසේකර හා සහකාර කථිකාචාර්ය සකීෆ් සාම්  විසින් අධීක්ෂණ කටයුතු සිදු කරන ලදී. එමෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර වෙබ් කළමනාකරු දිනුක කන්නන්ගර හා මාධ්‍ය ඒකකයේ සහකාර මාධ්‍ය නිලධාරී සමීර කේ. අත්තනායක මැදිරි නිෂ්පාදන කටයුතු සදහා තාක්ෂණික සහය ලබා දුන්හ.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search