Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

"සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ පනස් වසරක විශිෂ්ටත්වය...." යන තේමාව යටතේ කැලණි​ය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ පනස් වන සංවත්සරය නිමිත්තෙන් සකස් කර ඇති වැඩසටහන් මාලාවේ සුවිශේෂී වැඩසටහනක් වන්නේ ආදී විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන දේශන මාලාවයි.

මෙහි සමාරම්භක දේශනය 2023/09/14 වන දින ප.ව 3.00 -5.00 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ආදී විද්‍යාර්ථී ලංකාදීප පුවත්පතෙහි ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතා සහ සරසවිය පුවත්පතෙහි ජේ්‍ෂ්ඨ මාධ්‍යවේදිනී හේමාලී විජේරත්න මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය සැපයීය.

මෙම අවස්ථාව සදහා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ආචාර්යවරු සහ ⁣විද්‍යාර්ථීන් විශාල පිරිසක් සහභාගී විය.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search