Previous Next

"සන්නිවේදකයා " (The Communicator ) වෙබ් අඩවිය විවෘත කිරීම

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් 1997 දී ආරම්භ කළ “සන්නිවේදකයා“ සඟරාව විශ්වවිද්‍යාල ඉතිහාසයේ සන්නිවේදන අධ්‍යයන අංශයකින් ආරම්භ කළ පළමු සිංහල සඟරාවයි. ත්‍රෛමාසිකයක් ලෙස ආරම්භ වූ “සන්නිවේදකයා“ විශේෂ මුද්‍රිත කලාප කිහිපයක් ම පළ වී ඇත.

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ විෂය ප්‍රාමාණික විද්වතුන් රැසකගේ සංස්කාරකත්වයෙන්, සම්බන්ධීකාරකත්වයෙන් ඇරඹුණු “සන්නිවේදකයා“ සඟරාව ගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට
ඔන්ලයින් සඟරාවක් ලෙස පරිශීලක ඔබ වෙතට අපි පත් කළෙමු. 

මෙතෙක් කල් සන්නිවේදකයා සමග රැදී සිටි පාඨක,ලේඛක,පරිශීලක සියලු දෙනා වෙනුවෙන් නවමු අත්දැකීමක් ලෙස "සන්නිවේදකයා " (The Communicator ) වෙබ් අඩවිය විවෘත කිරීම 18( අගහරුවාදා) දිනට යෙදී තිබුණි.

සන්නිවේදකයා සගරාවේ ප්‍රධාන සංස්කාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා හා සහය සංස්කාරකවරුන් වන සහකාර කථිකාචාර්ය සකීෆ් සාම්, සහකාර කථිකාචාර්ය නිසංසලා අබේගුණසේකර යන අය විසින් නව වෙබ් අඩවිය විවෘත කළ අතර මෙයට අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් ද සම්බන්ධ විය.

සන්නිවේදකයා වෙබ් අඩවියට පිවිසීමට 👇
http://sanniwedakaya.lk/

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search