Previous Next

‘මිනරෙට්ස්’ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් සංවිධානය කළ ලාංකේය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන නාද්‍යා පෙරේරාගේ ‘මිනරෙට්ස්’ වාර්තා චිත්‍රපටය 2024 පෙබරවාරි මස 15 වන දින සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණගාරයේ දී ප්‍රදර්ශනය කරන ලදි.

චිත්‍රපටය පිළිබදව මොරටුව විශ්වවිද්‍යාලයේ ‌ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල, සංගීතවේදී ගයත්‍රී කේමදාස සහ සහකාර කථිකාචාර්ය සකීෆ් සාම් අදහස් දැක්වූහ.

චිත්‍රපට සංවාදයට අධ්‍යක්ෂිකා නාද්‍යා පෙරේරා සහ කැමරා අධ්‍යක්ෂ මහින්ද අබේසිංහ ද සහභාගී වූහ. සංවාදය මෙහෙයවනු ලද්දේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී විසිනි.
 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search