Previous Next

 ශ්‍රාම්ගේ දෙවන ලිපිය  - 2022

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමාජ වැඩ විෂය ඒකකයකට අදාළව කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථි කණ්ඩායමක් විසින් ශ්‍රාම්ගේ දෙවන ලිපිය යන ව්‍යාපෘතිය ඉකුත් මස 17 වන දින පැවැත්වීය.

ශ්‍රාම්ගේ දෙවන ලිපිය යන ව්‍යාපෘතිය යටතේ කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය ප්‍රතිසංස්කරණය කර මාධ්‍ය ඒකකයට අවශ්‍ය මාධ්‍ය උපකරණ ලබා දීම සිදු කරනු ලැබී ය. බෝමිරය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට, විශේෂයෙන් සන්නිවේදන හා මාධ්‍ය විෂය හදාරන සිසුන්ට දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යතාවයක්ව පැවැති මාධ්‍ය ඒකකය ප්‍රතිසංස්කරණය කිරීම සහ මාධ්‍ය උපකරණ ලබා දීම මඟින් එම පාසලේ සිසුන්ගේ මෘදු කුසලතා හා මාධ්‍ය කුසලතා වැඩිදියුණු කරගැනීමට මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.

ශ්‍රාම්ගේ දෙවන ලිපිය ව්‍යාපෘතිය යටතේ මාධ්‍ය ඒකකය Sound proof කිරීම සහ මාධ්‍ය ඒකකයේ පරිහරණය සඳහා රැහැන් සහිත මයික්‍රොෆෝන් 02ක්, රැහැන් රහිත මයික්‍රොෆෝන් 02ක්, Sound Mixer 01ක් Head phone 01ක් මයික් ස්ටෑන්ඩ් 02ක් ඇතුළු කේබල් වර්ග කිහිපයක් ද පරිත්‍යාග කර ඇත.

නව මාධ්‍ය ඒකකය විවෘත කිරීම සනිටුවහන් කිරීම සඳහා බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි. නව මාධ්‍ය ඒකකය විවෘත කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන විජයානන්ද රූපසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය. එදින උත්සවය සඳහා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ඇතුළුව එම අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා, කථිකාචාර්ය ඉලේකා රුවන්පතිරණ මහත්මිය සහ සහකාර කථිකාචාර්යවරු ද සහභාගි වූහ. උත්සවය අතරතුර “ශ්‍රාම්ගේ දෙවන ලිපිය” ව්‍යාපෘතිය භාරදීමේ සන්නස පාසලේ විදුහල්පති අසංග මනෝජ් තිලකරත්න මහතා වෙත බාර දෙනු ලැබීය.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search