Previous Next

සම්ප්‍රාප්ති - 2022

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමාජ වැඩ විෂය ඒකකයකට අදාළව කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථි කණ්ඩායමක් විසින් සම්ප්‍රාප්ති 2022 යන ව්‍යාපෘතිය ඉකුත් මස 08 වන දින පැවැත්වූහ.

සම්ප්‍රාප්ති 2022 යන ව්‍යාපෘතියට සමගාමීව ගණේමුල්ල හේමමාලි ජාතික පාසල සහ වේයන්ගොඩ මාරපොල ජාතික පාසලේ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50 දෙනෙක් 2022/11/08 වන දින විශ්වවිද්‍යාලයට ආරාධනා කරනු ලැබූහ. ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස එම පාසල් සිසුන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් එක්දින වැඩමුළුවක් කැළණිය විශ්වවිද්‍යාලීය සමාජ විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වන ලදි. කැළණිය විශ්වවිද්‍යාලයේ, ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න මහතා සහ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුණි. වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන විජයානන්ද රූපසිංහ මහතා සහභාගී වූ අතර ඉහත පාසල්වල සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුවරුන් ද සහභාගී වූහ. වැඩමුළුව අවසානයේ සහභාගී වූ සිසු දරු දැරියන්ට සහභාගීත්ව සහතික පත්‍ර සහ සමරු පිරිනමන ලදි.

ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ඉහත පාසල් දරු දැරියන් ජනමාධ්‍ය මාධ්‍යය ආයතන කිහිපයක් වෙත ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා රැගෙන යන ලදි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව , ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ සඳ ටීවී ආයතනය යන මාධ්‍ය ආයතන ත්‍රිත්වය වෙත එම මාධ්‍ය චාරිකාව යෙදී තිබූ අතර එම මාධ්‍ය ආයතන තුනෙහි ම අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමක් ද ලබා ගැනීමටත් හැකි විය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ද ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර සජීවී පටිගත කිරීම් සඳහාත් දරු දැරියන්ට අවස්ථාවක් හිමි විය. 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search