ජනසන්නිවේදනය සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ගෞරව උපාධි අවසන් වසර විද්‍යාර්ථියන්ගේ වාර්ෂික ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව නොවැම්බර් 18 ,19 දෙදිනට සංවිධානය විය.සංචාරක ගමනාන්තයක් වන ත්‍රිකුණාමලය නගරය මුල් කරගනිමින් මෙවර අධ්‍යයන චාරිකාව සංවිධානය වූ අතර විද්‍යාර්ථියන්ගේ පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක වූයේ ත්‍රිකුණාමලය නගරය, මත්ස්‍ය වෙළෙඳ පොළ, කෝනේෂ්වරම් කෝවිල, නාවික කදවුර හා කාලි කෝවිල යන නැරඹුම් ස්ථාන මුල්කර ගනිමිනි.සංස්කෘතික විවිධත්වය හා ප්‍රජා විද්‍යාත්මක සාධක විශේෂ කොටගෙන මොජෝ කතා හෙවත් Mojo (Mobile Journalism ) Stories නිර්මාණය කිරීම මෙහිදී සිදු විය. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ඇතුලු අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලය සහ සහකාර කථිකාචාර්යවරු දෙදින ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවට සහභාගි වූහ.
Student Activities
වාර්ෂික ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව - 2022
- students activities
-
COMMENTS
- Hits: 534