Previous Next

ඩිජිටල් අලෙවිකරණ තේමාවෙන් විශේෂ ආරාධිත දේශනයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඩිජිටල් අලෙවිකරණ සහ ඩිජිටල් අධ්‍යාපන උපදේශක සහ ඇප්ලෝවා ජාත්‍යන්තර සමාගමේ ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානි සඳරුවන් සේනානායක මහතාගේ විශේෂ ආරාධිත දේශනයක් අද දින කැලණිය විශ්විද්‍යාල, සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්විණි. ඩිජිටල් අලෙවිකරණය යන තේමාවෙන් පැවැති මෙම දේශනය කැලණිය විශ්විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශ ගෞරව උපාධි, දෙවන වසර ශිෂ්‍යන්ගේ අලෙවිකරණය හා දැන්වීම්කරණය විෂය ඒකකයට අදාළ ඇගැයුම් ක්‍රියාකාරකමක් වශයෙන් සංවිධානය කර තිබූණි. දේශනය සඳහා විද්‍යාර්ථීන්ට අමතරව ජනසන්නිවේදනය අධ්‍යයන අංශ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වී සිටියහ.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search