Previous Next

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන දෙවන වසර ගෞරව උපාධි විද්‍යාර්ථීන් පසුගිය 17 වනදා මුද්‍රිත මාධ්‍ය අධ්‍යයන විෂයය ඒකකයට අදාළව නිරීක්ෂණය සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නියැලිණි. මෙහිදී මහේස්ත්‍රාත් අධිකරණ සේවක කාර්ය මණ්ඩලය විසින් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ විද්‍යාර්ථීන් දැනුවත් කළ අතර මාධ්‍යවේදී නිමන්ති රණසිංහ මහත්මිය විසින් අධිකරණ පුවත් වාර්තාකරණය පිළිබඳ පැහැදිලි කිරීමක් ද සිදු කළාය. මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ, කථිකාචාර්ය දිලිනි ගමගේ සහ සහකාර කථිකාචාර්ය හංසනී ජයවික්‍රම ද සහභාගි වූහ.

 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search