Previous Next

කැලණිගිරෙන් නැගෙනහිරට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වෙමින් වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා ජනසන්නිවේදන සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය ගෞරව උපාධි හදාරන අවසන් වසර විද්‍යාර්ථීන් ඔක්තෝම්බර් මස 17 සහ 18 දිනයන්හි දී ක්ෂේත්‍ර චාරිකාවක නියැලිණි.
පිදුරංගල ගල, ත්‍රිකුණාමලය නිලාවැලි මුහුදු තීරය, පරෙවි දූපත ජාතික උද්‍යානය සහ තිරුකෝනේෂ්වරම් කෝවිල ආශ්‍රය කරගනිමින් වාර්තා චිත්‍රපට නිෂ්පාද​න කටයුතුවල නියැලිණි.
මෙම චාරිකාවේදී පරෙවි දූපත ජාතික උද්‍යානය ආශ්‍රිත කොරල්පර සහ ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයෝ නැරඹීමට විශේෂ අවස්ථාවක්ද විද්‍යාර්ථීන්ට හිමි විය.
අංශාධිපතිතුමන් ඇතුළු ආචාර්‍යවරු පිරිසක් ද මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා එක් වූහ.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search