Previous Next

ලේක්හවුස් පුවත්පත් ආයතනයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි දෙවන වසර විද්‍යාර්ථීන් මුද්‍රිත මාධ්‍ය අධ්‍යයනය විෂය ඒකකයට අදාළව 2024 අගෝස්තු මස 29 වන දින ලේක්හවුස් පුවත්පත් ආයතනයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නියැලිණි. 

ලේක් හවුස් පුවත්පත් ආයතනික ක්‍රියාවලිය පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වූ මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව හරහා ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය ඉතිහාසය, පුවත්පතක ප්‍රකාශන ක්‍රියාවලිය, බෙදාහැරීමේ ක්‍රියාවලිය, ආයතනික ව්‍යුහය, මුද්‍රිත මාධ්‍ය හිමිකාරීත්වය ආදී බොහෝ කාරණාවන් පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට හැකි විය. මේ සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ සහ කථිකාචාර්ය දිලිනි ගමගේ  සහභාගී විය.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search