ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) දෙවන වසර සිනමා සහ රූපවාහිනී මාධ්‍ය අධ්‍යයනය විෂය ඒකකයට අදාළ බහු කැමරා නිෂ්පාදන වැඩසටහන් පසුගිය පෙබරවාරි මස 20 හා 23 යන දිනයන්හි ජනසන්නිවේදන ශ්‍රව්‍ය දෘෂ්‍ය මැදිරියේදී පැවැත්වුණි. ඒ සඳහා විද්‍යාර්ථීන් විසින් වැඩසටහන් 4 ක් නිෂ්පාදනය කරන ලදී. අධ්‍යක්ෂණය,නිෂ්පාදනය, කැමරාකරණය ,කලා අධ්‍යක්ෂණය යනාදිය පිළිබද මනා පුහුණුවක් ලබා ගැනීමට මෙහිදී විද්‍යාර්ථීන් සමත් විය. මේ සදහා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අරුණ ලොකුලියන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල පැස්කුවල් යන කථිකාචාර්යවරුන් විසින් උපදේශකත්වය ලබා දුන් අතර අධ්‍යයන අංශයේ කනිෂ්ඨ අධිශිෂ්‍යත්වලාභී දිමුතු ජිනසේන, කනිෂ්ඨ අධිශිෂ්‍යත්වලාභී සතුශ්ක ජයවර්ධන විසින් අධීක්ෂණ කටයුතු සිදු කරන ලදී.
Student Activities
බහු කැමරා නිෂ්පාදන වැඩසටහන 2025
- students activities
-
COMMENTS
- Hits: 187