කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2019/20 අධ්‍යයන කණ්ඩායමේ විද්‍යාර්ථීන්ගේ නිෂ්පාදනයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරන ලද “බර යකඩ” ටෙලි චිත්‍රපටය එළිදැක්වීම පසුගිය 24 වැනිදා සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතා, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, ශ්‍රි ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා හා විශ්‍රාන්ති කළමනාකරණ අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය, නාට්‍ය සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සම්පත් පෙරේරා මහතා, මොණරා ටීවී නාලිකාවේ ක්‍රීඩා අංශ ප්‍රධානී වරුණ ගල්කන්ද මහතා, හැටන් නැෂනල් බැංකුවේ සන්නාම කළමනාකරු ඉෂාර තිලකරත්න මහතා ඇතුලු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථී් පිරිසක් සහභාගී වූහ.