Previous Next

"නෙළුම් කුළුණ" සිනමාපටය පිළිබඳ කතිකාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන (ගෞරව) උපාධි දෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලැබූ "නෙළුම් කුළුණ" සිනමාපටය පිළිබඳ කතිකාව 2025 අප්‍රේල් 01 වන දින කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සදහා "නෙළුම් කුළුණ" චිත්‍රපට අධ්‍යක්ෂක ඉලංගෝ රාම්, නිෂ්පාදක හිරණ්‍යා පෙරේරා, රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ සහ රංගන ශිල්පිනී ආලෝකා ගයත්‍රී යන අය සහභාගී වූහ. 

ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ශාස්ත්‍රවේදී ගෞරව දෙවන වසර ඉගෙනුම ලබන බේනුක සේනාධීර විසින් මෙම කතිකාව මෙහෙය වූ අතර ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ආචාර්ය මණඩලය, විද්‍යාර්ථීන් ඇතුළුව 200 කට ආසන්න පිරිසක් මේ සඳහා සම්බන්ධ වූහ. 

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search