Previous Next

ලේක්හවුස් පුවත්පත් ආයතනයේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී ( ගෞරව) දෙවන වසර විද්‍යාර්ථීන් කණ්ඩායම මුද්‍රිත මාධ්‍ය විෂයට සහ ගුවන්විදුලි මාධ්‍ය විෂයට සමගාමීව 2025 ජුලී 21 වන දින ලේක් හවුස් ( Lake House) ආයතනයට සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ( SLBC) ක්ෂේත්‍ර චාරිකාවක නියැලිණි. 

ලේක් හවුස් පුවත්පතේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආයතනික ක්‍රියාවලිය පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වූ මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව හරහා පුවත්පත් වාර්තාකරණය, පුවත්පත් මුද්‍රණය , ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම යනාදිය පිළිබදව පුළුල් අවබෝධයක් විද්‍යාර්ථීන්ට ලබා ගත හැකි විය. මේ සඳහා කථිකාචාර්ය දිලිනි ගමගේ, සහකාර කථිකාචාර්ය සුදේශ් අබේනායක , සහකාර කථිකාචාර්ය නිපුනි භාග්‍යා යන අය සහභාගී විය.

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search