Previous Next

FM දෙරණ ආයතනය සහ TV දෙරණ ආයතනයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී ( ගෞරව) දෙවන වසර විද්‍යාර්ථීන් කණ්ඩායම ගුවන්විදුලි මාධ්‍ය විෂයට සහ රූපවාහිනී මාධ්‍ය විෂයට සමගාමීව 2025 .08.06 දින FM දෙරණ ආයතනය සහ TV දෙරණ ආයතනයේ ක්ෂේත්‍ර චාරිකාවකට සම්බන්ධ විය.

එහිදී බණ්ඩාර විජේරත්න (සාමාන්‍යාධිකාරී වැඩසටහන්,එෆ්.එම් දෙරණ ) , රංජීවනි බැද්දෙවිතානගේ (සහකාර සාමාන්‍යාධිකාරී වැඩසටහන්,ටී.වි දෙරණ ) ,වසන්ති නානායක්කාර ( සාමාන්‍යාධිකාරි , ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් ) , මහේෂ් ජයවර්ධන ( සාමාන්‍යාධිකාරි , පරිපාලන, ටී.වී දෙරණ) යන නිලධාරීන් විසින් ආයතනික ක්‍රියාකාරිත්වය, මාධ්‍ය ව්‍යුහය, තාක්ෂණික උපක්‍රම පිළිබඳ විද්‍යාර්ථීන්ට දේශනයන් පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා අධ්‍යයන අංශයේ ‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ , සහකාර කථිකාචාර්ය සුදේශ් අබේනායක , සහකාර කථිකාචාර්ය ජනනි පමෝද්‍යා යන ආචාර්‍යවරුන් සම්බන්ධ වූහ.

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search