ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) දෙවන වසර සිනමා සහ රූපවාහිනී මාධ්‍ය අධ්‍යයනය විෂය ඒකකයට අදාළ බහු කැමරා නිෂ්පාදන වැඩසටහන් පසුගිය දිනයන්හි දි ජනසන්නිවේදන ශ්‍රව්‍ය දෘෂ්‍ය මැදිරියේදී පැවැත්වුණි. ඒ සඳහා විද්‍යාර්ථීන් නව වැඩසටහන් නිෂ්පාදනය කරන ලදී. අධ්‍යක්ෂණය,නිෂ්පාදනය, කැමරාකරණය ,කලා අධ්‍යක්ෂණය යනාදිය පිළිබද මනා පුහුණුවක් හා අවබෝධයක් විද්‍යාර්ථීන් හට ලබා දීම මෙහි අරමුණු විය. මේ සදහා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල පැස්කුවල් උපදේශකත්වය ලබා දුන් අතර අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්‍ය සුදේශ් අබේනායක විසින් අධීක්ෂණ කටයුතු සිදු කරන ලදී.
Student Activities
බහු කැමරා නිෂ්පාදන වැඩසටහන් නිර්මාණය
- students activities
-
COMMENTS
- Hits: 25