Previous Next

යුනික් රේඩියෝ සංගමය - 2024

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ යුනික් රේඩියෝ සංගමයේ (UniK Radio Club) නවක නිලධාරීන් පත් කිරීම පසුගියදා (පෙබරවාරි 05 )අධ්‍යයනාංශයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේදී සිදු විය. මෙම අවස්ථාවට අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා, යුනික් රේඩියෝ සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර් ආචාර්ය මංගල කීර්ති පැස්කුවෙල් මහතා සහ සහකාර කථිකාචාර්යවරුන් සහභාගී වූ අතර යුනික් රේඩියෝ සංගමයේ සියලු විද්‍යාර්ථීන් ද සහභාගී වූහ.

නවක නිලධාරීන් පත් කර ගැනීමෙන් අනතුරුව  පසුගිය කාලය තුළ විද්‍යාර්ථීන් විසින් සිදුකළ වැඩසටහන් ආශ්‍රිත කෙටි වීඩියෝ පටයක්ද  ප්‍රචාරය කෙරුණු අතර
යුනික් වෙබ් රේඩියෝව ප්‍රවර්ධනය, වැඩසටහන් ආකෘතිය ඇතුළු ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා වන ලදී.

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search